මහ වනයට අධිපති කැබිලිත්තේ දෙවියෝ

දෙසැම්බර් 20, 2024

පානම්පත්තුවට අධිපති දෙවි හාමුදුරුවන් ලෙස ගැමිජනයා ඉමහත් භක්තියෙන් අදහන දෙවියන් වන්නේ කැබිලිත්තේ දෙවියෝය. පානම්පත්තුවේ මහ ඝන වනාන්තරය මැද මේ දෙවොල පිහිටා තිබේ. ඒ රුහුණු, කතරගම දෙවියන්ගේ අඩවියේය. ඉතාම බලවත් ජනයාට රැකවරණය දෙන ඔවුන් රකින ගොවිතැන් හා වැව්වලට අධිපතිකම දරන්නේය.

කුඹුක්කන් ඔය අසබඩ යාල ජාතික වන උයන තුළ පානම්පත්තුවේ හුදී ජනයාට තමන්ගේ දුක් කරදර කියා පෑමටත් එයට පිහිටක් සෙතක් සලසා ගැනීමටත් මේ දෙවියන්ගේ බල ශක්තිය උපකාරක වේ. ගම් තුලානට බෝවන රෝග වැලඳුණු විට මේ දෙවියන්ට පුද පූජා බාරහාර වී තමන්ගේ දුක පැවසූ විට එයට පිහිට වන්නේය.

මේ දෙවියෝ දිවුලානේ කැබිලිත්තේ දෙවියන් ලෙස ද සලකති. සියඹලා රුකක් යට සහ එම රුකට අධිපති වන්නේය. මේ ගස කුමන අභය භූමියේ බටහිර දෙසට සැතපුම් 25ක් පමණ කුඹුක්කන් ඔය ඉහළ ඉසව්වේ පිහිටා ඇත. කිසිදු ගොඩනැඟිල්ලක් නොමැත.

මේ වනාන්තරය තුළ ඇති බලගතු හාස්කම් සහිත කැබිලිත්තේ දෙවියන්ට පුද පූජා තබා පඬුරු වෙන්කර යාතිකා කර දුක්ගැනවිලි කිව්ව විට පිහිට වන්නේය. දිනපතාම පාහේ මේ කැබිලිත්තේ දේවාලයට වෙනම බැතිමතුන් එක්රොක් වේ. පුද පූජා තබා පහන් දල්වා සුවඳ දුම් දී දෙවියන්ගේ පිහිටා ආරක්ෂාව ලබා ගැනීමට බැතිමතුන් දිනපතාම කැලය තුළ කැබිලිත්තේ දෙවොල වෙත යන බව පෙනේ. කතරගම දෙවියන්ගේ අඩවියේ සිටින ඉතාමත් බලගතු දෙවියකු වන්නේ කැබිලිත්තේ බලගතු මහා වන අඩවි රකින මේ දෙවියන්ය. ඔබත් කතරගම ගිය විට මේ කැබිලිත්තේ දෙවොල වෙත ගොස් දෙවියන්ට පූජා තබන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.