කූප ශාස්ත්‍රය හෙවත් ළිඳක් කපා ගැනීම

ඔක්තෝබර් 27, 2023

ජලය සම්පතකි. ඒ ජලය අපට ලබාදෙන ප්‍රධාන මූලාශ්‍රය ළිඳයි. ගසට පොත්ත මෙන් ළිඳ මිනිසා සමඟ බද්ධ වී තිබේ. පුරාතනයේ සිට මිනිසා තම විවිධ අවශ්‍යතා මත විවිධ ළිං සකසාගෙන ඇත. නාන ළිඳ, වගා ළිඳ, ඒ අතර වේ. ඉන් වඩාත් සැලකිලිමත් බවෙන් බොන ළිඳ සකසාගත යුතුයි. වාස්තු විද්‍යාව තුළ ඊට විශාල භූමිකාවක් දක්වා ඇත. කූප ශාස්ත්‍රය යනු දෝෂ මගහැර ළිඳ කපා ගන්නා ආකාරය සෘෂි වරුන් පෙන්වාදුන් ආකාරයයි.

දෝෂ සහිතව නිවෙසේ ළිඳ කැපුව හොත් නිවැසියන්ට දුක්, කරදර, විපත්, ලෙඩදුක් ගෙනදේ.දෝෂ වරා ළිඳක් කැපුව හොත් සතුට ශ්‍රියාව, සැප සම්පත උදා වේ. දෝෂ රහිත ළිදෙන් රසවත් ජලය ලැබේ. ජලය හිඟ නොවේ. දෝෂ සහිත ළිදෙන් මඩ ජලය, අපිරිසිදු ජලය ලැබේ. උල්පත් කල් පවතින්නේ නැත.

මේ සඳහා පළමුවෙන් සුදුසු ස්ථානයක් සොයාගත යුතුය. එහිදී ජලය ඇති තැන්,පරිසර තත්ත්වය, දිශාව, නිවසේ සිට ළිඳට ඇති දුර, නිවසේ කෝණ, ශුභ නැකැත, පිළිවෙත් ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනී.

01 ජලය ඇති තැන් සොයාගැනීමට වෘක්ෂලතා භාවිත කරයි. ඊට විවිධ කෙම් ක්‍රම ඇත.වර්තමානයේ තාක්ෂණික උපකරණ භාවිත කරයි.

02 පරිසරය

තම නිවසේ හෝ අසල නිවසක වැසිකිළි වලක සිට අඩ් 50 පමණ දුරක් වීම .

වැසි ජලය හෝ අපිරිසිදු ජලය ගලාබසින තැනක් නොවීම.

ඉඩමේ ප්‍රේත පාදය හැකිතාක් මග හැරිම.

සොහොන් බිම් නොවීම සතුන් වළ නොදැමූ තැන් වීම

නිවෙසේ වහලේ ජලය ළිඳට නොවැටෙන සේ ගැනීම.

ගෘහණිය ගර්භනී වී ඇති කාල නොගැනීම .

03 දිශාව

නිවෙසේ මැද සිට බලන විට උතුරු දිශාව හොඳයි. සම්පත් වර්ධනය වේ.

ඊසාන දිශාව හොඳයි. සැප සතුට දේ.

නැගෙනහිර දිශාව හොඳයි යස ඉසුරු දේ.

ගිණිකොණ දිශාව අසුබයි. පුත්‍ර හානි, ගිනි බිය.

දකුණු දිශාව අසුබයි. ස්ත්‍රී විනාශය

නිරිත දිශාව අසුබයි. මාරක විපත්.

බස්නාහිර දිශාව හොඳයි.

වයඹ දිශාව අසුබයි. සතුරු කරදර.

දිශාව පිළිබඳව විවිධ මත ඇති අතර ඊසාන උතුර යොදා ගැනීම වඩාත් යහපත් වේ.

04 නිවෙසේ සිට දුර

අත්තිවාරම සිට ළිඳේ පරිධිය දක්වා වඩුරියන් 07,13,15,23,24,27,28,40 වීම හොඳයි

රියන් 60 වඩා වැඩිනම් දෝෂ නැත.

දැනට පවතින ළිදේ දුර දෝෂ සහිත නම් දෝෂ භංග කරගත හැකිය.

වඩුරියන් 04,05,11,20,43,44,48,ඉතා අසුබයි .

05 නිවෙසේ කෝණ

අත්තිවාරම ප්‍රධාන කෝණවලට හසුවීම අසුබයි. යට ලී කොන්වලට එල්ල නොවිය යුතුය

ප්‍රධාන දොර ඉදිරි පිට නොවීම.

06නැකැත

පංචාංග ශුද්ධිය ඇති දිනක බලවත් ග්‍රහ බලයක් ඇති මුහුර්ථයක්. හිරු උත්තරායනයේ වීම.

වෙසක් මාසෙ නිකිණි මාසෙ, උඳුවප් මාසෙ දුරුතු මාසෙ මැදින් මාසෙ හොඳයි.

දින බල අනුව සඳුදා ජලය පිරී ඉතිරේ.

බදාදා හොඳයි. බ්‍රහස්පතින්දා මිහිරි ජලය ලැබේ.

07 පිළිවෙත්

ළිඳක් කැපීමට පෙර බහිරව පූජාවක් දීම ඉතා සුදුසු වේ.

පෙර දින රාත්‍රියේ සිට මල්පැල සාදා දෙවියන්ට පින් දී භූමිය නිදහස් කරගත් යුතුය .

ළිදෙන් ලැබෙන පලමු ජලයෙන් බෝධිය නැහැවීම. ජලය පිරිසිදු වීමට විෂ්ණු කාන්ති, කලාඳුරු, ඉඟිනි ඇට, දර අඟුරු යෙදිය යුතුයි .

අවුරුදු නැකැතට ළිඳ සමඟ ගනුදෙනු කරන ඔබට ළිඳ මහත්ඵල ගෙන දේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.