වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
එරබදු මල් සහ අවුරුදු කෝකිලයා
සිංහල අවුරුද්ද වෙනුවෙන් මුළු රටම සූදානම් වන මොහොතක එහි සුබ පෙරනිමිති පහළ වෙමින් පවතී. කොහෝ කොහෝ කියමින් අවුරුදු කොහා නැතහොත් කෝකිලයා එහා මෙහා පිය නඟන්නේ කාට කාටත් අවුරුදු මතකය සිහිගන්වමිනි. ඒ අතර, රක්ත වර්ණයෙන් බබළවන එරබදු මල් පුදුමාකාර අලංකාරයක් ගෙන දෙමින් එරබදු ගස් පුරා ළෙලදේ.
පක්ෂීන් අතරින් අවුරුදු පණිවිඩය ගෙනෙන කෝකිලයා නිල් පැහැයට හුරු කළු පාටින් යුත් දෑස් රතු පාටින් දිස්වෙන කුරුල්ලෙකි. උගේ කිරිල්ලියගේ සිරුර රතු මිශ්‍ර දුඹුරුවන් සුදු පැහැතිය. ගෝමර සහිත පිහාටුවලින් යුත් කෙවිලියට කොවුලා මෙන් දස දෙස පැතිර යන මිහිරිහඬක් නඟාලිය නොහැකිය.
නිවෙස් අසල ළදු කැලෑවලත්, ගස්වලත් එහා මෙහා පියඹා යමින් කොහෝ කොහෝ යනුවෙන් හඬනඟමින් දරුවන් දිරිමත් කරන කොහා වේලාවක් අවේලාවක් නැතිව එක දිගටම හඬලයි. අවුරුදු උදාවේ මංගල පණිවිඩය රැගෙන එන කොහා කුරුලු පරපුර අතරින් අමුතුම විදියේ නාදයක් පතුරුවා හරින පක්ෂියෙකි. පරපුටු කොහා නමින්ද හඳුන්වනු ලබන කෝකිලයා අනෙකුත් පක්ෂීන්ට වඩා වේගයෙන්ද පිහඹා යයි. ඛ්උඹ්උඹ්ධ්ච්ඒඡ් නම් කෝකිල කුලයට අයත් කොවුලාගේ ඉංගී‍්‍රසි නාමය වන්නේ ඒඉධ්ඒව්ම්ර්‍ණඡ්ඹ් යනුවෙනි. කොහාගේ විද්‍යාත්මක නාමය වන්නේ ඡ්උච්කව්ඒර්කඉ ඉඡ්ර්‍ණඹ්ර්‍ණර්‍ථඒඛ්ඡ්ඒ ය. කොහාට අයත් කුරුලු කුලයේ කොවුලන් වර්ග එකොළහක් පමණ ජීවත්වන බව පොත් පත්වල සඳහන් වේ. වසරෙන් වසර අවුරුදු පණිවිඩය ලබාදෙමින් ගම්දනව් සිසාරා හමා යන්නේ නිල් පැහැයට හුරු කළුපාටින් යුත් පිරිමි කොහාය.
වසරේ සිවුවන මාසය වන බක් මාසයෙන් ඇරැඹෙන සිංහල හින්දු අරුත් අවුරුදු සමය කොවුලන්ගේ වසන්ත සමයයි. වසන්ත කාලයේ කෙවිලිය හා එක්ව හැසිරෙමින් පැටවුන් බෝකිරීමට සූදානම් වේ. එමෙන්ම කොවුලා ද තම කාර්ය ඉටුකරමින් අවුරුදු පණිවිඩය ගෙන යමින් ගෙවල් අසල ළඳු කැලෑවල ගැවසේ. ශ්‍රී ලංකාවේ පමණක් ජීවත්වන පක්ෂියකු වන රතුමල් කොහා අනෙකුත් කොවුලන් වන ගෝමර කොහා, උකුසු කොහො ඉන්දු කෝකිලයා, වයිරගුරු කොහා, කවුඩු කොහා, වතනිල් මල් කොහා හා වතක් මල් කොහාද වේ. ඊට අමතරව ඉන්දියාවෙන් අග්නිදිග ආසියාවෙන් අප රටට සංක්‍රමණය වන විශේෂ කොවුලන් තිදෙනෙකු ද වේ. ඒ හබලපිය කොණ්ඩ කොහා, පුංචි කෝකිලයා හා කුසුලුගුරු කොහාය. බක් මාසයේ බක්මහ උළෙල පිළිබඳව පණිවිඩය රැගෙන එන කෝකිලයා නොහොත් කොහා උත්තර ප්‍රදේශවල සිසිර ඍතුවත් සමඟ නිරක්ෂීය රටවල් වෙත පිහාඹා එන සංචාරක කුරුල්ලෙකි. අපේ‍්‍රල් සිට අගෝස්තු යන පස් මාස කාලය කොවුලන්ගේ ප්‍රජනන කාලය වේ.
කෝකිලයන්ගේ විශේෂත්වයක් වන්නේ කෙවිලිය කපුටන්ගේ කූඩුවල බිත්තර දැමීමයි. මේ නිසා පරපුටු කියාද හැඳින්වේ. වෙනත් පක්ෂීන්ගේ කූඩුවල බිත්තර දමන කොවුලන් රාශියක්ම සිටිති. වනමල් කොහා, වතනිල් මල් කොහා බිත්තර දැමීමට තම තමන් විසින්ම කැදැල්ල සකස් කර ගනී. කපුටු කැදැල්ලේ බිත්තර දමන කෙවිලිය කපුටු බිත්තර ඉවත්කොට ඒ වෙනුවට තමන්ගේ බිත්තර දමති. කෙවිලියගේ බිත්තරවල වෙනස නොදකින කපුටිය කොහාගේ බිත්තර රැකීමට පටන් ගනී. නිසිකල පැටවුන් බිහිවූ විටද කොහාගේ පැටවුන් රකිනු ලබන්නේ කපුටිය විසිනි. කපුටු හඬට සමාන හඬක් කොහාගේ පැටවුන්ගෙන් ද අසන්නට ලැබෙන නිසා තම පැටවුන් යයි සිතමින් පැටවුන් රකිනු ලබති. මෙතෙක් පැවති රහස හෙළිවන්නේ කොහාගේ පැටවු ශබ්ද නඟා හඬලන්නට වූ විටය.
ඉන් කෝපයට පත්වන කපුටිය තම කැදැල්ලේ සිටින කොහාගේ පැටවු එළවා දමති.
එරබඳු
බක්මහට මුළු රට පුරාම සුන්දරත්වය ගෙන දෙන රක්තවර්ණ මල්වලින් පිරී යන එරබදු මල් ගස් ඖෂධීය වශයෙන් වටිනාකමක් ගෙන දෙන වෘක්ෂයකි. අවුරුදු කාලයට අපූරු අලංකාරයක් ගෙන දෙන විශාල ප්‍රමාණයේ අතු විහිදී පවතින එරබදු වෘක්ෂය පුරාම එරබදු මල්වලින් පිරී පවතිමින් අමුතුම අලංකාරයක් ගෙන දෙයි. කටුවලින් යුත් ගොරෝසු පොත්තකින් සමන්විත එරබදු ගසේ පොත්ත, පත්‍ර ඇතුළුව දලු හා සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගනී. එරබදු, එරමුදු සහ එරට මුදලි නම් වලින් හඳුන්වනු ලබන එය සංස්කෘතික වෛද්‍ය ග්‍රන්ථවල පාරිභද්‍ර හා රක්ත පුෂ්පී යන නම්වලින් එරබදු වෘක්ෂය හඳුන්වා ඇත.
එරබදු බඩගිනි ඇති කරයි. අරුචිය නසයි. පණුවන් නැති කරයි. ප්‍රමේහා ඉදිමුම ද නසාලයි. රක්තවර්ණ එරබදු මල් පිත්රෝග සහ කන් රුජාවන් නැති කරයි. උළුක්කු, හොරි, දද, කුෂ්ඨ, පණුකැවිලි, කරප්පන් ආදිය සුව කෙරේ. ගුළි, කල්කවලට මෙන්ම බෙහෙත් තෙල් සඳහාද එරබදු යොදා ගනී. උෂ්ණාගතියෙන් යුත් එරබදු කුසගිනි වඩන අතර, ගසේ කොළ, පොතු, දලු ආදී සෑම කොටසක්ම ඖෂධ වශයෙන් යොදා ගනියි. එරබදු දලු මැල්ලුම හෝ ව්‍යාංජන දරුවන්ට වැළදෙන පණුරෝගවලදී මෙන්ම කුරුමිණි රෝගවලදී දෙනු ලබන මහඟු ඖෂධයකි.
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි