වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සුබ දිශාවට ළිඳ කැපීමෙන් සෞභාග්‍ය උදාකර ගනිමු
දෝෂ රහිතව කපාගන්නා ළිඳෙන් පිරිසුදු ජලය මෙන්ම නිවෙසට ශි‍්‍රයාව, සම්පත, වාසනාව ගෙනදෙන අතර, දෝෂ සහිතව ළිඳ කැපීමෙන් නිවැසියන්ට කරදර බාධා, මරණ වැනි අසුබ සිදුවීම් මෙන්ම ජලය පිළිබඳ බාහිර ප්‍රශ්න මෙන්ම අපිරිසුදු ජලය ලැබීම වැනි ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවෙයි.
නිවෙසක උපාංග අතරින් ළිඳට හිමිවන්නේ ප්‍රධාන තැනකි. එමෙන්ම නිවෙසට සම්පත් සාදන ළිඳ ගැන දැනගෙන සිටීම ඉතාම වැදගත් වේ. වැරැදි අයුරින් කපන ලද ළිඳක් නිසා මතුවන දෝෂය කූප දෝෂය යනුවෙන් හැඳින්වේ.
මේ කූප දෝෂය ඇතිවීමට හේතුවන්නේ,
ප්‍රධාන උළුවස්සට සෘජුව ළිඳ පිහිටීම
මුදුන් යටලීයට සෘජුව ළිඳ පිහිටීම
මූලප්පරාලයට සෘජුව ළිඳ පිහිටීම
නිවෙසට කෝණ වැටෙන අයුරින් ළිඳ පිහිටීම වේ.
මේ අනුව ළිඳක් කැපීම ආවට ගියාට කළ හැකි කටයුත්තක් නොවේ. දෝෂ රහිතව ළිඳක් කපන අයුරු මෙම ලිපියෙන් දැනුම්වත් වෙමු.
දෝෂ රහිතව කපාගන්නා ළිඳෙන් පිරිසුදු ජලය මෙන්ම නිවෙසට ශි‍්‍රයාව, සම්පත, වාසනාව ගෙනදෙන අතර, දෝෂ සහිතව ළිඳ කැපීමෙන් නිවැසියන්ට කරදර බාධා, මරණ වැනි අසුබ සිදුවීම් මෙන්ම ජලය පිළිබඳ බාහිර ප්‍රශ්න මෙන්ම අපිරිසුදු ජලය ලැබීම වැනි ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවෙයි.
ළිඳක් කැපීමේදී නිවෙසේ දිගමෙන් දෙගුණයක් ඈතින් ළිඳක් කැපීමෙන් කූප දෝෂ ඇති නොවේ. එසේම ළිඳ කණින ස්ථානයේ සිට අඩි 50ක පමණ දුරකින් වැසිකිළි වළ පිහිටීමද අයහපත් ය.
ළිඳක් කැපීමට සුබ දිශා හා එයින් ලැබෙන ප්‍රතිඵල
උතුරු දිශාව - සම්පත් ලැබේ, සිරිසැප දේ.
ඊසාන දිශාව - සැප සතුට හිමි කරයි.
නැඟෙනහිර - සම්පත් යසඉසුරු ප්‍රසිද්ධිය හිමිකරයි.
බටහිර - සැප, සතුට ලබාදේ. ශුභදායකය.
අශුභ දිශා හා ප්‍රතිඵල
ගිනිකොණ - ගිනිබිය හා පුත්‍රහානි ගෙනදේ.
දකුණූ දිශාව - ස්ත්‍රී විනාශය
නිරිත - මරණ ආදී විපත් ඇතිකරයි.
වයඹ දිශාව - සතුරු කරදර ඇති කරයි.
වටාපිටාව හා පරිසරය
ළිඳක් කැපීමේදී ඉඩමේ සුදුසු තැන බලා නිවැරැදි අයුරින් ළිඳ කැපීම කළ යුතුයි. ඉඩමේ ප්‍රේත පාදයේ ළිඳ කැපීම යහපත් නොවේ. එමෙන්ම වැසි ජලය ගලායන මාර්ගයක මෙන්ම අපිරිසුදු ජලය රැස්වන පහත් බිමක ළිඳ කැපීමද යහපත් නොවේ.
භූමියේ හරි මැද ළිඳ කැපීමෙන් ඉඩමේ බ්‍රහ්ම පාදයට හසුවීමෙන් දෝෂවලට මුහුණපෑමට සිදුවේ. තම නිවෙසේ හෝ අසල්වැසි නිවෙසක වැසිකිළි වළට ආසන්නයේ ළිඳ කැපීමද සුබදායක නොවේ. එමෙන්ම නිවෙසේ වැසි ජලය ළිඳට වැටෙන සීමාවේ ළිඳක් කැපීම නොකළ යුතු ය. තවද ගේට්ටුව ඉදිරියේ ළිඳ කැපීමෙන් අසුබ ඵල උදා කරයි. තවද ගෙහිමි කාන්තාව ගැබිනියක සිටියදී ළිඳ කැපීම අසුබදායක වනු ඇත.
ළිං කැපීමට සුබදින හා ප්‍රතිඵල
සඳුදා - ජලය පිරී පවතී. ශුභයි.
බදාදා - පිරිසුදු ජලය ලැබේ. ශුභයි.
බ්‍රහස්පතින්දා - මිහිරි ජලය ලැබේ. ශුභයි.
ළිං කැපීමේ අසුබ දින
අඟහරුවාදා - ජලය නොලැබේ. අශුභයි.
සිකුරාදා - ජලය තෙල් සහිත වේ.
සෙනසුරාදා - ජලය අපිරිසුදුව පවතී.
ඉරිදා - ජලය අඩුවෙන් පවතී.
ළිං කැපීමට සුබ මාස
වාස්තු විද්‍යාවේ සඳහන් වන්නේ ජනවාරි, මාර්තු, මැයි, අගෝස්තු, දෙසැම්බර් යන මාසයන්ය. එසේම ළිඳ කැපීමට නැකැත් ගැනීමේදී චන්ද්‍රයාගේ බලවත්කම හා එම සඳු කේන්දරයේ සුබදායකව පිහිටන අයුරින් තත්කාල කේන්දරය ගත යුතු වෙයි.
ළිංවල හැඩය හා දිග පළල
ළිං පිළිබඳ කතා කිරීමේ දී ළිං වර්ග රාශියක් ඇත. නාන ළිඳ, අලංකාර ළිඳ, වගා ළිඳ හා ගෘහස්ථ ළිඳ පදිංචි ගෘහයේ ජල අවශ්‍යතා සඳහා කණින ලද මෙම ළිඳ අනෙකුත් ළිං අතුරින් ප්‍රධාන තැනක් ගනී. ගෘහ මූලිකයාට මෙන්ම සෙසු නිවැසියන්ට සුබ අසුබතාවලට මුහුණදීමට හේතුවන බැවින් ඉහත කී සුබ දින සුබ මාස අනුව ළිඳ කපා ගත යුතු අතර, හැඩයට ද විශේෂ ස්ථානයක් හිමි වේ. (වෘත්තාකාර) රවුම් හැඩයේ ළිඳ ගෘහස්ථ ළිඳට ඉතාම සුදුසු වේ. දිග පළල ගණන් ගැනීමේදී අඩි 3 හෝ 5 වීම ශුභදායකයි. ළිඳ කපා ගන්නා පළමු ජලය පිරිසුදු කිරීමට සුවඳ කොට්ටන්, සැවැන්දරා මුල්, අඟුරු ස්වල්පයක් පොට්ටනි බැඳ ළිඳ තුළට දමන්න.
ළිං කැපීමට පෙර කළ යුතු වත්පිළිවෙත්
පෙරදින ළිඳ කැපීමට යෝජිත ස්ථානය සුද්ධ පවිත්‍ර කරන්න. නැකැත් දිනයට පෙරදින රාත්‍රියේ මල් පැලක් සාදා සුවඳ දුම් අල්ලා, මල්පහන් පුදා දෙවියන්ට පින් දී භූමිය වෙන්කරගත යුතු ය. පසුදින නැකැත් වේලාවට කලින් සුවඳ දුම් අල්ලා කහදියර ඉස, මල්පහන් පූජා කර, දෙවියන්ට පින් දී කාරණය ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරන්න. නියමිත නැකැත් වේලාවට නැකැත් හිමියා විසින් පළමු පස් පිඩැල්ල කපා ළිඳ කැපීම ආරම්භ කරන්න. මේ පිළිවෙත් අනුගමනය කර කටයුතු කිරීමෙන් ඔබට සෞභාග්‍ය උදාකරන ළිඳක් කැපීමට හැකිවනු ඇත.
වාස්තු විද්‍යාවේදී වාස්තු විද්‍යා උපදේශක
සුනිල් කුමාර වත්තගේ