සතුටින් පිරි නිවහනක් සඳහා වාස්තු

සැප්තැම්බර් 20, 2024

නිවහනක් ආර්ථික වශයෙන් කෙතරම් ශක්තිමත් වුවත් එහි සතුටක් නොපවතී නම් කිසිදු ප්‍රතිපලයක් නැත.

එහෙත් සතුට ඇති වන්නේද එක් කරුණක් නිසා නොව බොහෝ කරුණූු හේතු කොට ගෙන බවද අප වටහා ගත යුතු වේ. එසේ වුවත් අප කාගෙත් අත්දැකීමක් වන්නේ සමාන හේතු තිබියදී එක් නිවහනක් සතුටින් හා අනෙක අසතුටින් පැවතීමයි. එයින් පෙනී යන්නේ ජීවිතයේ අප මුහුණ දෙන බොහෝ දේට අප දක්වන ප්‍රතිචාරයන් අනුව සතුට උපදනා නූපදනා අයුරු තීරණය වන බවයි. එබැවින් සතුටක් උපදින ලෙස ජීවිතය ගොඩනඟා ගැනීමට නම් අපගේ නිවෙසේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳවද සැලකිලිමත් වීම ඒ අනුව අතිශය වැදගත් වන බව පැහැදිලිව කිව හැකියි.

මෙය තවත් අයුරකින් පැහැදිලි කරන්නේ නම් නිවෙසක ජීවත්වන පුද්ගලයන්ගේ ශක්ති ශරීරය (ඡ්ව්ඡ්අට්ක ඕර්‍ණච්ක) හෙවත් ඕරාව (ඒඋඅඒ) සකස් වී ඇති ආකාරය අනුව එකම අත්දැකීම විවිධ අයුරින් බලපාන බවත් එයට දක්වන ප්‍රතිචාර වෙනස්වන බවත් පැහැදිලිව දැක්විය හැකියි. මේ ස්වභාවය මැනැවින් විග්‍රහකර ගැනීම පහසු නොවූවත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ දේ අතිශය සරල අයුරින් පැහැදිලි කර දිය හැකියි.

ශක්ති ශරීරයේ ඉහළ කොටස් අපගේ මනසේ පරිකල්පනයට මහත් සේ බලපායි. ඒ අයුරින්ම තවත් බොහෝ කොටස් ජීවිතයේ බොහෝ දේ සඳහා අතිශයින් සංකීර්ණව බලපාන බව පෙන්වා දිය හැකියි. නිවෙසක ඊශානයේ ස්වභාවය ප්‍රමුඛව අනෙකුත් කොටස් පොදුවේත් චින්තනය කෙරෙහි බලපාන අයුරින්ම ලෞකික අපේක්ෂාවන් ආර්ථිකය ආදි දේ නිරිතේ බලපෑමෙන් සිදුවේ. මේ එකිනෙකට වෙනස් අන්ත දෙක තුලනය කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා සංයමය ලබා ගැනීමට අවශ්‍ය බලපෑම අපට ලබාදෙන්නේ ශක්ති ශරීරයේ මධ්‍යයේ පිහිටි අනාහත (ඩ්ඡ්ඒඅඊ) හෙවත් හෘදය චක්‍රය ආශ්‍රයෙන් බවත් එයට නිවෙසේ මධ්‍යය හෙවත් බ්‍රහ්මපාදය ඍජුවම හේතු ඇති කරන බව කිව හැකියි.

මේ ස්ථාන තුන මැනැවින් තුලනය කර ගැනීමෙන් සතුටින් සිටීමේ හැකියාව නිවහනේ වැඩිදියුණූ වන බව කිව යුතුයි. කාලයක් එවැනි නිවෙසක ජීවත්වීම හේතුකොට ගෙන පුද්ගල පෞරුෂයටද මේ ගුණාංග ඇතුළත්වීම සිදු වනු ඇත. එවිට බාහිර ජීවිතයේදීත් එකී චින්තනමය තුලනයත් සංයමයත් මැනැවින් ගොඩනැඟෙනු ඇත.

එහිදී අප විසින් අපේ ජීවිතයේ ඉහළින් ඇති කරන මානසික අධ්‍යාත්මික හා භාවමය ගුණයන් කෙරෙහි බලපාන ගෘහ පිහිටීම් දැන සිටිය යුතුයි. ඒ සදහා ඊශාන දිශාව ප්‍රධානව උතුර හා නැඟෙනහිර දෝෂ රහිත විය යුතු වේ. ඒ සඳහා මේ දිශාවලට මුළුතැන්ගෙය, වැසිකිළිය ප්‍රධාන නිදන කාමරය, ගරාජය හා පඩිපෙළ නොතැබිය යුතු වේ. එසේම අපවිත්‍රව හා සංකීර්ණව බඩු භාණ්ඩවලින් පිරී තිබීමත් එවැනි අයහපත් තත්ත්වයක් වළකාලීමට අත්‍යවශ්‍ය වන බවද මෙහිදි සැලකිය යුතුයි.

එසේම නිරිතේ ඇති දෝෂයන් වන විවෘත අවකාශ සහිත සාලය මෙන්ම පෙර කී මුළුතැන්ගේ හෝ වැසිකිළිය එහි පිහිටීම වළක්වා ගැනීම අතිශයින්ම වැදගත් වේ. එසේම ජනේල දොරවල වැඩි වැඩියෙන් පිහිටා තිබීමද නිරිතට දෝෂ ගෙන එයි. ඊශානයට එසේ විවෘත වීම් තිබීම අතිශයින් යහපත්වුවත් නිරිතට එසේ නොවන බව මෙහිදී අවධාරණය කළ යුතු වේ.

නිවෙසේ මධ්‍යය හෙවත් බ්‍රහ්මපාදයට බර වැටීම ප්‍රධානතම දෝෂයක් වන අතර මුළුතැන්ගෙය, වැසිකිළි, ගබඩා ආදිය කිසිසේත් උචිත නොවේ.

මෙසේ ශක්ති ශරීරයේ ඉහළ පහළ හා මධ්‍යය බලවත්වන ආකාරයෙන් නිවහන සකස් කර ගන්නේ නම් සතුටින් ජීවිතය ගෙවා දැමීමට නිවැසියනට මහත් රුකුලක් වනු නිසැකයි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.