වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වසරකට විස්සක් විසි පහක් මියයන ජලභීතිකා රෝගය
ලොව පුරා වාර්ෂිකව රෝගීන් හැටදාහක් පමණ ජලභීතිකාවෙන් මියයයි. දැනට ලංකාවේ සුනඛ ගහණය මිලියන තුනක් පමණ වන බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව වර්ෂයකට මිලියන එකයි පහක් පමණ එන්නත් ලබාදෙන අතර, එක් ලක්ෂ පනස් දාහකට පමණ වඳ සැත්කම් ලබාදෙන බවද සඳහන් කරයි. බොහෝ විට සුනඛයින් වැඩි වීමට වන්නේ තැන තැන කුණු කසළ දැමීම නිසා වැඩිවීම මෙන්ම බෝවීමට ද හේතු වී ඇත. එබැවින් සුනඛයින් නිවෙස්වල ඇති කරන්නේ නම් විධිමත් ලෙස ජලභීතිකා එන්නත් ලබාදිය යුතුය.
පිස්සු බලු රෝගය නැතහොත් ජලභීතිකා රෝගය යයි කීවිට බොහෝ දෙනකුගේ සිතට ඇති වන්නේ මහත් බියකි. මෙතරම් බිහිසුණු රෝගයක් වුවද බොහෝ දෙනාගේ නොසැළකිල්ල හා නොදැනුවත්කම නිසා ම පිස්සුබලු රෝගය වසංගත තත්ත්වයෙන් පවතින රෝගයක් ලෙස සැළකේ.
ජලභීතිකාව (Hydrophobia) පිස්සුබලු රෝගය හෙවත් රේබිස් (Rabies) ඇතිකරන රෝග කාරක වයිරසයකි. මෙම රෝගය හඳුන්වනු ලබන්නේ රැබ්ඩෝ වයිරස් rabdo virus නමිනි. පිස්සුබලු රෝගය වැළඳුණු බල්ලන්ගේ වයිරසය ඇත්තේ කෙළවල ය. එවැනි බල්ලන් සපාකෑවිට දත් පහර සමග මෙම වයිරසය ශරීරගත වේ.
ශරීරගතවන මෙම වයිරසය ප්‍රථමයෙන්ම වර්ධනය වන්නේ මාංශපේශීන්වලය. ඉන් අනතුරුව ස්නායුවලට බලපෑම් වේ. ස්නායු සෛල තුළ ක්‍රියාත්මක වීමෙන් වයිරසය මොළයට ගමන් කෙරේ. එය භයානකම අවස්ථාවකි. අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. දින හතක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වී ජීවිතය පවා අවසන් වේ. පිස්සු බලු රෝගය වැළඳුණු බල්ලකු වියරුවෙන් මෙන් හැසිරේ. කටින් කෙළ වගුරවයි. ආහාර පාන නොගනී. බල්ලකුට රෝග ලක්ෂණ ඇතිවීමට දින හයකට පෙර වුවද බල්ලා සපා කෑමෙන් රෝග කාරක විෂ බීජය ශරීරගත වේ. වෙනත් සතුන්ගෙන් වුවද රෝගය බෝවන්නේ මේ ආකාරයටයි. ජලභීතිකාව වැඩිපුර සෑදෙන්නේ බලන්ටයි. බල්ලන්ගෙන් පූසන්, වඳුරන් වැනි ක්ෂිරපායි සතුන්ටද බෝවේ.
එබැවින් බළලකු සපාකෑවිට ද හැකි ඉක්මනින් ප්‍රතිකාර ගත යුතු ය. සතෙකු සපා කෑවොත් එම ස්ථානයෙහි තුවාලය හොඳින් සබන් ගා සේදිය යුතු යි. ඊට පසුව ඉක්මණින් ප්‍රතිකාර ලබා ගත යුතුයි. ජලභීතිකාව වැළඳුණු සතෙකු සපාකා දින නමයත් අනූනමයත් කාලය තුළ රෝග ලක්ෂණ මතුවිය හැකියි. සමහර රෝග ලක්ෂණ මතු නොවී කාලයක් වුවද සිටිය හැකි ය. උණ, තෙහෙට්ටුගතිය, හිසරදය මෙම රෝග ලක්ෂණ දින දෙකක් හතරක් පැවතිය හැකිය. පසුව ශබ්දය මහා කරදරයක් ලෙස දැනේ. එළිය බැලීමට නොහැකි වේ. ශිතලය, තද සුළං තත්ත්වය දැරීමේ ඉවසීමේ ගතිය නැතිව යයි. ස්වසන වේගය වැඩි වී අධික බියක් දැනේ. කේන්ති ගතිය, සැර පරුෂ භාවය හා සාංකාව හටගනී. එමෙන්ම උගුරේ මාංශ පේශීන් සංකෝචනය වීම නිසා ජලය බීමට හෝ කෙළ ගිලීමට නොහැකි වී කටින් කෙළ වැගිරෙන තත්ත්වයට පත් වේ.
ජලභීතය, ජලභීතිකාව, ජලත්‍රාසය වශයෙන් මෙම රෝගය හඳුන්වා ඇත. මෙම භයානක රෝගය එදා සිටම මේ දක්වාම ගමේ ගොඩේ හඳුන්වන්නේ පිස්සුබලු රෝගය ලෙසයි. එය බල්ලන්ට පමණක් සීමා නොවේ. මුගටි, දිවි, කොළදිවි, වලස්, බළල්, වඳුරු, රිළා ආදී කුල වශයෙන් තෙලෙසකට වැළඳෙන බව දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. දේශීය වෛද්‍යක්‍රමයේ දී පෙන්වා දෙන්නේ ගුප්ත බලයක් ද මෙයට බලපාන බවයි. හිරුඑළිය පහන් එළිය නොරුස්සයි. නිදි නොවරා ඒමේ අත දුවයි. ආහාර නොගනී. ඇස්වල දීප්තිමත් ගතිය මෙන්ම ඇස් රත් පැහැවේ. කඳුළු ගැලීම, කබ ගැලීම ඇතිවේ. කටින් සෙම වැගිරේ. ජලයට බියක් පවතී. අමුතු හඬකින් උඩුබුරු පායි. කොන්ද කැඩුණු බල්ලකු මෙන් හැසිරේ. වලිගය අප්‍රාණික වී කඩා වැටෙන සේ එල්ලෙයි. හිස පැත්තකට හැර වී දුවයි. මෙවැනි ලක්ෂණ පහළ වූ විට දින දහයක් ඇතුළ ද මරණයට පත්වේ.
ලොව පුරා වාර්ෂිකව රෝගීන් හැටදාහක් පමණ ජලභීතිකාවෙන් මියයයි. දැනට ලංකාවේ සුනඛ ගහණය මිලියන තුනක් පමණ වන බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව වර්ෂයකට මිලියන එකයි පහක් පමණ එන්නත් ලබාදෙන අතර, එක් ලක්ෂ පනස් දාහකට පමණ වඳ සැත්කම් ලබාදෙන බවද සඳහන් කරයි. බොහෝ විට සුනඛයින් වැඩි වීමට වන්නේ තැන තැන කුණු කසළ දැමීම නිසා වැඩිවීම මෙන්ම බෝවීමට ද හේතු වී ඇත. එබැවින් සුනඛයින් නිවෙස්වල ඇති කරන්නේ නම් විධිමත් ලෙස ජලභීතිකා එන්නත් ලබාදිය යුතුය. නොදන්නා තැනකින් බලු පැටවු ගෙන එන්නේ නම් එන්නත් ලබාදී මාසයක්වත් වෙන්කර තැබිය යුතු ය. විශේෂයෙන් නිවසේ ඇතිකරන බල්ලන් ගැන සැළකිලිමත් විය යුතු ය.
ජලභීතිකා එන්නත හෙවත් ඇන්ඩ් රේබිස් වැක්සින් එන්නත නිවසේ ඇති කරන බල්ලාට ලබා දිය යුතු ය. එම එන්නත ලබා දීමෙන් ජලභීතිකාවට විරුද්ධ ප්‍රතිශක්තිය ඇති වී රෝගයෙන් වැළකී සිටීමට හැකි වේ. රෝගය ඇති කරන වයිරසය ඇත්තේ බල්ලාගේ හෝ ඉහතින් සඳහන් කළ සතුන්ගේ කෙළවලය. මේ නිසා රෝගය වැළඳෙන්නේ සපා කෑ විට හෝ තුවාලයක් හෝ කකුලේ ඇතිවන සීරීමක් හෝ ලෙව කෑමෙනි. එබැවින් බල්ලෙක් පමණක් නොව පූසෙක්, මීයෙක් සපා කෑවත් වහාම ප්‍රතිකාර ලබාගත යුතු ය.