වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සුබසෙත සුවසෙත
පී.එස්. බණ්ඩාර රුක්මල්ගම
ප්රශ්නය
වෛද්‍යතුමනි
මා සුළුවෙන් සිල්ලර කඩයක් පවත්වාගෙන යන කෙනෙක්. උදේ අට හමාරවෙන කොට කඩේට එන මම මුදලාලි පුටුවෙ ඉඳගත්තම සවස දෙක, තුන වෙනකම් එහෙමමයි. නැවත තුනට ඉඳගත්තම රාත්‍රී නවය පමණ තෙක්ම එහෙමම ඉන්නවා. මේ හේතුව නිසා වෙන්දෝ ගෙදර ගියාම යටිබඩේ වේදනාවක් එනවා. ඒ වගේම තුනටියත් රිදෙන්න ගන්නවා. මූත්‍රා කරනවිට මූත්‍රා මාර්ගයත් රිදෙන්න ගන්නවා. වමනයට වගෙත් එනවා. ඔක්කාරය ආවාමයි වමනය යන්නේ. උදේට මූත්‍රා මාර්ගයෙනුත් තදබල කැක්කුමක් එනවා. ප්‍රතිකාර ගත්තත් සුවයක්ද නැහැ. කරුණාකර සුබසෙත පත්‍රයේ බෙහෙත් පළ කළොත් මේ රෝගී තත්ත්වයෙන් සිටින අනෙකුත් රෝගීන්ටත් මහත් අස්වැසිල්ලක් වේවි.
පිළිතුර
මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවන්නේ මුත්‍රාගල් ඇතිවීමෙනුයි එයට ප්‍රතිකාරයක් වශයෙන් කැකිරි, පුහුල්, දියලබු නිතර කෑමට ගන්න. කතුරුමුරුංගා ව්‍යාංජනයද ඉතා හොඳයි. එහෙත් රෝගී තත්ත්වය වැඩිදුරටත් පරීක්ෂා කිරීමෙන් පසුවයි බෙහෙත් නියම කළ යුත්තේ. ඒ නිසා ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගන්න. ඉවසිය නොහැකි වේදනාවක් යටිබඩේ පවතීනම් උණුවතුර ටිකක් ගෙන පොට්ටනියක් බැඳ තෙමා යටිබඩ තබා සිද්ධාර්ථ තෛලයෙන් හෝ වාත විදුරංග තෛලයෙන් තෙල් ටිකක් ගෙන ගෑමෙන් සුවයක් ගෙන දෙයි. මෙය පොදු ප්‍රතිකාරයක් වුවත් මේ රෝග ලක්ෂණ සහිත සියලු දෙනාට එකම බෙහෙත් ලබා දීම සුදුසු නොවන බවද සිහියට ගන්න.
ඩී.කේ. එස්. සොයිසා. ගනේවත්ත
ප්රශ්නය
වෛද්‍යතුමනි
වයස පනස්හයක් වන මා ත්‍රිරෝද රථ රියැදුරෙකි. මට අධිරුධිර පීඩනය තිබෙන බව දොස්තර මහත්වරු පැවසීම නිසා ඉංගී්රසි බෙහෙත් ගත්තමුත් අඩුවක් කියන්න බැහැ. මම ගිය සතියේ රුධිර පීඩනය බැලුවා. එහිදී දැනගන්න ලැබුණේ 120 / 89 තියෙන බවයි. එය ආහර පාලනයෙන් අඩුකරගත හැකි බව කියනවා. එබැවින් රුධිර පීඩනය අඩුවන ආහාර ගැන විස්තරයක් ලබා දෙන මෙන් ඉල්ලමි.
පිළිතුර
සත්ව මේද බහුල ආහාර ගැනීමෙන් ලේවල මේද ප්‍රමාණය වැඩි වී කොලෙස්ටරෝල්ද වැඩිවේ. එය එතරම් සුදුසු නැත. සුදුලූනු ආහාරයට ගැනීම ගුණදායකයි. සුදුලූනු බික් දෙක තුනක් අමුවෙන් කෑමට ගන්න. කැකිරිත් ගුණදායකයි. පැණිකොමඩුත් අධිරුධිර පීඩනය අවම කරයි. කෙසෙල් ද ගුණදායකයි. සම්බා සහල් බත් කෑමෙන් වළකින්න. හාල්පිටි හා කුරක්කන් පිටි කෑම ගුණදායකයි. කඩල, මුංඇට. කවුපි, ගුණදායකයි. අලුත් එළවළු හා පලාවර්ග කෑමට ගන්න. කෑමෙන් පසු හැකිනම් ඉදුණු කෙසෙල්, ගස්ලබු, පේර හෝ අලිගැටපේර කෑල්ලක් කෑමට ගත හැකි නම් වඩාත්ම ගුණදායකයි. ලුණු භාවිතය හැකි පමණ අඩු කරන්න. පලතුරු කෑමට ගන්නේ නම් වඩාත්ම හොඳයි. හාල්මැස්සන්, සාලයා, හුරුල්ලා, වැනි කුඩා මාළු ආහාර ගැනීමත් ගුණදායකයි.
ප්‍රෙඩී. බී.ද සිල්වා වැලිවේරිය
ප්රශ්නය
වෛද්‍යතුමනි
මා අවුරුදු පනස් තුනක රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරන ලිපිකරුවෙකි. සමහර දිනවල මගේ දකුණු පාදයේ විළුඹට කටුවකින් අනිනවා වගේ වේදනාවක් දැනෙනවා. රාත්‍රී ආහාර ගෙන නින්දට ගොස් පසුවදා උදයේ නැඟිට කකුල බිම තියන විට හිරිවැටී වගේ දැනෙනවා. පාදයේ හිරිවැටීම වැඩිවේ යැයි සිතූ නිසා ඩිස්පැන්සරියකට ගොස් දොස්තර මහත්තයකුට පාදය පෙන්වා බෙහෙත් ගත්තා. ක්‍රීම් එකක් පමණක් දුන්නා සුවයක් නැහැ. වෛද්‍යතුමනි, කරුණාකර මේ රෝගී තත්ත්වය සුවකර ගැනීමට සුබසෙතේ සුවසෙතින් ප්‍රතිකාරයක් පළකරවන්න.
පිළිතුර
සමහර රෝග තිබෙන විටත් මෙවැනි ලක්ෂණ මතුවෙනවා. දියවැඩියාව වගේම කොලෙස්ටරෝල් වැඩි වුණාමත් විළුඹ ආශි‍්‍රත මාංසපේශි වගේම අක්ෂිවල පෝෂණය අඩු වුණාමත් මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා. විලුඹේ වේදනාව අධිකව දැනෙන්නේ නම් ගුග්ගුලාදී හන්දිතෙල ගෑමෙන් වේදනාව අඩුකර ගත හැකිය. මඳ රස්නය ඇති උණුවතුරට ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කර තෙල්ගෑමට පෙර තවන්න.
විළුඹේ වේදනාව අධිකව දැනෙන්නේ නම් ගුග්ගුලාදී හන්දි තෙල ගෑමෙන් වේදනාව අඩුකර ගත හැකිය. මඳ රස්නය ඇති උණුවතුරට ලුණු ස්වල්පයක් දමා මිශ්‍රකර තෙල්ගෑමට පෙර විළුඹ තවා තෙල් ගාන්න.
කෙසේ වෙතත් ශරීර රෝග පවතින බැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීමත් වඩාත්ම සුදුසුය.
එම්. ඩී. එම්. ද සිල්වා - මාතර
ප්රශ්නය
වෛද්‍යතුමනි,
මම විදුහල්පතිවරයකු ලෙස සේවය කර දැනට විශ්‍රාමිකව දියණියකගේ නිවෙසේ ජීවත් වෙමි. ඔවුන් දරුවන් සමඟ කන බොන දේ වෙනසකින් තොරව මටද ලබා දෙයි. කොපමණ හොඳට ඒවා කෑවත් මගේ ඇඟට කිසිම ප්‍රාණවත් බවක් ඇතිවන්නේ නෑ. මේ නිසා නිතරම ඇඟට දැනෙන්නේ කම්මැළි ගතියයි. දරුවන්ට ලබාදෙන කෑම අප වැනි වැඩිහිටියන්ට කෙසේවත් සුදුසු නැත්ද එබැවින් අපට සරිලන ආහාර පිළිබඳ දැනුම්වත් කරන්නේ නම් මැනවි.
පිළිතුර
වැඩිහිටි වයසේදී නිසි පෝෂණය අවශ්‍යයි ආහාර වේලට යකඩ, අයඩින්, විටමින් හොඳින් තිබිය යුතුයි. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේද, ඛනිජ නිසි ලෙස පවතින එළවළු හා පලතුරු ආහාරයට ගත යුතුය. මුං ඇට, කඩල, පරිප්පු, උඳු වැනි ධාන්‍ය වර්ග මෙන්ම බඩඉරිඟු, කුරක්කන්, තිරිඟු වැනි ධාන්‍යයද ගුණාත්මකයි. බෝංචි, මෑකරල්, දඹල වැනි එළවළු ද ආහාරයට එක්කරගන්න. සමබල ආහාර වේලකට ධාන්‍ය එක්කර ගැනීමෙන් ප්‍රෝටීන්, ඛනිජ බී විටමින් බෙහෙවින් ලැබේ. සහල්වල සහ කුරක්කන්වල තන්තු අඩංගු වේ. ඒ තුළින් ලේවල කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරේ. ජලය වැඩියෙන් පානය කරන්න. මින් ශරීරය ශක්තිමත්භාවයට පත් කෙරේ.
ප්‍රෙමිලා නානායක්කාර වත්තල්පොල
ප්රශ්නය
වෛද්‍යතුමනි,
විසි අට හැවිරිදි මා අවිවාහක කාන්තාවකි. දැනට වෙළෙඳ සහායිකාවක් ලෙස සේවය කරමි. සාමාන්‍ය මා සේවයේ නියුතුව සිටින අන් අයට වඩා පෙනුමකින් යුක්තය. නමුත් දැනට දින කීපයකට පෙර සිට මගේ අත්වල වැලමිටෙන් පහල රැලි වැටීමක් පවතිනවා. සමේ තෙල් ගතියක් වගෙත් තියෙනවා. මේ තත්ත්වය නිසා අනෙකුත් සේවිකාවන් මට වැඩිහිටියකු ලෙස කතා කිරීමටත් පටන්ගෙන ඇත. කරුණාකර අත්වල පවතින මේ තත්ත්වය නැතිකර ගැනීමට වෛද්‍ය ප්‍රතිකර්මයක් කියා දෙන්න.
පිළිතුර
සිරුරට අවශ්‍ය වන පෝෂණය නොලැබුණුවිටත් සමේ රැලිවැටීම් පැවතිය හැකිය. සීනි අධික ආහාරපාන වැඩියෙන් ගැනීමෙනුත් මේ තත්ත්වය ඇතිවේ. කොළ පැහැති අලුත් එළවළු හා පලාවර්ග වැඩියෙන් ආහාරයට ගන්න. විටමින් වර්ග ඛනිජ ලවණ සමේ පෝෂණයට අවශ්‍ය වේ. කෙසේ වෙතත් යම් ප්‍රතිකාරයක් දිය යුතු වන්නේ පරීක්ෂා කිරීමෙන් පසුවයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම සුදුසුය.
එස්. ධනවතී එගොඩහේන
ප්රශ්නය
වෛද්‍යතුමණි, මගේ අට හැවිරිදි මිනිබිරිය දිනපතා නොනවත්වාම කිවිසුම් යවනවා. මේ තත්ත්වය උදේට බෙහෙවින්ම වැඩිය. නාසයෙන් සොටුදියර ගලන්නේ දියාරුවටයි. කෑමටත් පි‍්‍රයක් දක්වන්නේ නැහැ. මොනම රසක්වත් දැනෙන්නේ නැතිලු. නිතර නිතර ඇස් කසන අතර ඔළුව බර බවකුත් පවසනවා. දරුවාගේ මේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමට ප්‍රතිකාරයක් හෝ උපදෙසක් ලබා දෙන මෙන් ඉල්ලමි.
පිළිතුර
දී ඇති රෝග විස්තරය අනුව නම් දරුවාට පීනස් රෝගය වැලදී ඇත. පීනස් රෝග ප්‍රභේද රැසක්ම පවතින බැවින් තවදුරටත් දරුවාගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමෙනුයි ප්‍රතිකාර ලබා දිය හැකිවන්නේ. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීමට කටයුතු කරන්න.
පී.එස්. රත්නවීර පීක්වැල්ල
ප්රශ්නය
වෛද්‍යතුමනි
වයස හතළිස් දෙකක්වන මා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත්වන අයෙකි. සවසට ගෙදර ගොස් නෑමෙන් පසු රාත්‍රී ආහාරය ගෙන නිදාගන්න ගියාම දකුණු අතේ වැළමිටට අධික වේදනාවක් ඇතිවනවා. ඒ වෙලාවට සිද්ධාර්ථ තෙල්ටිකක් ගා අතගාන විට තද වේදනාව අඩුවෙනවා. වෛද්‍යතුමනි මේකට ප්‍රතිකාරයක් ලබා දෙන්න ඔබට පින්.
පිළිතුර
අත බෙහෙවින් වෙහෙසට පත්වන නිසා වැළමිට දෙසින් මෙලෙස වේදනාවක් ඇතිවන බව පෙනේ. වැළමිට හන්දියේ අස්ථීය තෙරපීම නිසා මෙසේ වේ. වැළමිට විටින් විට නැමීමෙන් හා දිගහැරීමෙන් ඇතිවන තද වෙහෙසකාරි බවයි හේතුව. වැඩි වෙහෙසවීමෙන් උරහිස ද වේදනාවට පත්විය හැකිය. එමනිසා ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම සුදුසුය.
ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර