පොල් තෙල් කෑවාම තෙල වැඩි වෙනවාද?

ජනවාරි 24, 2025

මේ දිනවල රටේම පොල් හිගයක් තිබෙනවා. එහෙම වුවත් ගෘහිණියට ආහාර සකස් කිරීම සඳහා පොල් අත්‍යවශ්‍යම සාධකයක්. මේ සඳහා වෙනත් විකල්පයක් නැතිතරම්.

පොල් ගෙඩියේ මදය වියළා අඹරා ගැනීමෙන් පොල්තෙල් ලබා ගනී. සමහර ගෘහිණියන් පොල් මිරිකාගත් යුෂ මඟින් තෙල් ලබා ගනී. එම තෙල් අත්තෙල් ලෙස හඳුන්වයි.

මුල් යුගයේ ඝර්ම කලාපයේ රටවල අය පොල් මඟින් තෙල් ලබා ආහාරයට ගනිද්දී බටහිර රටවල් පොල්තෙල්වලට බියක් දැක්වීය. රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි වී හෘදයාබාධ ඇති විය හැකි බවයි. පසුකාලීනව පර්යේෂණවලින් ඔප්පු වී ඇත්තේ, අනෙක් සියලු තෙල්වලට වඩා පොල්තෙල් හෘදයට හිතවත් බවයි. මේ තෙල්වල සංතෘප්ත මේදය අඩංගු වන අතර ලෝරික් අම්ලය පොල්වල අඩංගු නිසා පොල්තෙල් ළා කහ පාට හෝ සුදුපාට ගෙනදේ. පොල් තෙල් සීත කාලයේ මිදෙන්නේ මේ ලොරික් අම්ලය නිසාය. මේ අම්ලය නිසා පොල්තෙල්වල ද නැවුම් සුවඳක් රසයක් ලැබේ. මේ අම්ලය ශරීරයට හිතකර වේ.

පොල් ශක්තිය බහුලව අඩංගු ආපොල් තෙල් කෑවාම තෙල වැඩි වෙනවාද?

පොල් ශක්තිය බහුලව අඩංගු ආහාරයකි. පොල් ග්‍රෑම් 100කින් කැලරි 880ක් ශරීරයට ලැබේ. පොල්තෙල් ආහාරයට ගැනීමෙන් මේද අම්ල උරාගැනීම අවම කරන රුධිරයේ ඇති හිතකර කොලෙස්ටරෝල් වැඩි වේ.

අපගේ නිරෝගීතාවය පවත්වා ගැනීමට ශරීරයේ ප්‍රතිශක්තිය හොඳින් ක්‍රියාත්මක විය යුතු ය. එවිට ශරීරය විෂබීජ ආසාදනයෙන් වැළකේ. එය පොල්තෙල්වලින් අත්වන මහත් ප්‍රතිලාභයකි. ජීර්ණ පද්ධතියට ඇතුළුවන වෛරස්, දිලීර විනාශකිරීමේ හැකියාව පොල්තෙල්වල පවතී. පොල්තෙල් නිසා ආහාර දිරවීමද ක්‍රමවත් කරයි.

රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවද පොල්තෙල්වලින් සිදුවේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරීත්වයට පොල්තෙල්වලින් අනුපමේය සේවයක් සැලසේ.

සමහර විටමින් වර්ග මේදයේ දියවන ඒවාය. ඒවා දියකර ශරීරයට උරාගැනීම පොල්තෙල් මඟින් සිදුවේ. පොල්තෙල් ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධ ගුණයෙන් යුක්තයි. දැනට පර්යේෂණවලින් සනාථ වූ කාරණයක් වන්නේ පොල්තෙල් පිළිකා සෛල විනාශ කිරීමේ ගුණයෙන් යුක්ත බවයි.

අල්සයිමර් රෝගය පොල්තෙල්වලින් ගුණයක් ලැබෙන බව බටහිර වැසියන්ගේ මතයයි. එයද දැනට පර්යේෂණවලින් අනාවරණය වී ඇත. පොල්තෙල් සහිත පෙති ඇමරිකාවේ නිපදවා ඇත. එයද අල්සයිමර් රෝගීන් අතර ඉතා ජනපි‍්‍රයවී ඇත. ලංකාවේද ආහාරවල රසකාරකයක් ලෙස පොල් සහ පොල් තෙල් යොදා ගනී. එමෙන්ම පොල්තෙල් මඟින් සුවඳ විලවුන් නිෂ්පාදනය කරන බව බොහෝ දෙනක් නොදනිති.

පිරිසුදු පොල්තෙල් හිස ගැල්වීමෙන් හිස පිරිසුදු වන අතර හිසකෙස් වැඩීමටත් දීප්තිය ගෙන දීමටත් උදව්වේ. එසේම හිසේ වියළීම නවතී. හිසරදය, කෝඨරක ප්‍රදාහය සුවවේ. හම පැහැපත් කිරීමත් සමේ පොල්තෙල් ආලේපයෙන් සිදුවේ. පොල්තෙල් ආහාරයට ගන්නා අය අධික ලෙස තරවීම අඩුවේ. එයද විශේෂ ගුණයකි. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේද පොල්තෙල් නැතිවම බැරිය. දෛනිකව වර්ජින් කොකනට් ඔයිල් තෝරා ගැනීමේ දී නිවැරැදිව නිෂ්පාදනය කරන ලද පොල්තෙල්ම ලබා ගැනීමට යුහුසුළු විය යුතුය. වෙළඳපොළට එන අවශේෂී තෙල් වර්ගවලට වඩා පොල්තෙල් ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නය. ආහාර රසගැන්වීමට වෙළෙඳපොළේ ඇති විවිධ තෙල් වර්ග අතර පාම් ඔයිල්, බටර්, මාජරින්, එළවළු තෙල්වලට වඩා පොල්තෙල්වලින් ආහාර සකස් කර ගැනීම ගුණදායක බව දැන් ඔබට වැටහෙනවා ඇත. ඔබට හෘද රෝග සෑදීමේ ප්‍රවණතාවයද ඉන් අඩුවේ. අද ලෝකයම පොල්තෙල් පරිභෝජනයට ලක්වී ඇත. අද පොල්වල හිගයක් ලංකාවේ පමණක් නොව බටහිර රටවල පවා ඇති වී ඇත්තේ මේ නිසාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.