වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ශරීරයේ උෂ්ණාධික බව සෙම් රෝගයට හේතුවයි
ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව ඕනෑම රෝගී අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය හඳුනා ගැනීම ඉතා වැදගත්. එසේ හඳුනාගත් රෝග නිධානයට ප්‍රතිකාර කිරීමේ දී අදාළ රෝගී අවස්ථාවන් පමණක් නොව ඒ හා සම්බන්ධ සෙසු රෝගී තත්ත්වයන්ද නිරායාසයෙන්ම සමනය වී යනු ලැබේ.
එවැනි ප්‍රතිකාර විධි අනුව සමනය කළයුතු සමාජයේ සුලබව දැකගත හැකි රෝගී අවස්ථාවක් වන ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන සෙම්රෝග ගැන විමසා බලමු.
සෙම් රෝග
සෙම් රෝග පිළිබඳ විමසා බලන විට පීනස් රෝග මූලිකත්වයක් ගනු ලබයි. උදෑසන අවධි වූ විට සොටු දියර ගැලීම කිවිසුම් යෑම නාසයෙන් ඇතිවන දුගඳ හිසෙහි බර ගතිය ආදිය රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැක.
බලපාන හේතු
සෙම් පදාර්ථ ජීර්ණ පද්ධතියේ නිපදවනු ලබන අතර සෙම නිසා ඇතිවන කරදරකාරී අවස්ථාවන් බොහෝ දුරට දැකගත හැක්කේ නළල මුහුණ ආදී ප්‍රදේශ ආශ්‍රවෙයි. එම වේදනාකාරී බව නිසා බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ එසේ ඇතිවන සෙම කොටස් ශරීරයෙන් ඉවත්කර දැමීමටයි. නමුත් මූලික වශයෙන් මෙහිදී සෙම ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන හේතුව හඳුනාගත යුතු ය.
උෂ්ණාධික ශරීරය හා සෙම් රෝග අතර ඇති සම්බන්ධය
ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත්වන මිනිසුන්ගේ ශරීර බෙහෙවින් උෂ්ණාධිකය. මෙම උෂ්ණාධික බව සාමාන්‍ය දේහ ශෛලවලට දරාගැනීමට හැකිවුවත් මොළය ආශි‍්‍රත සියුම් ස්නායු ශෛලවලට දරාගැනීමට නොහැකි වේ. එබැවින් ශරීරය විසින් ඊට උපක්‍රමයක් ලෙස ස්වයං ශීතකරණ වැඩ පිළිවෙලක් අනුගමනය කරනු ලැබේ.
මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මොළය විසින් නිකුත් කරනු ලබන සංඥා අනුව ක්‍රියාත්මක වන ආහාර ජීර්ණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවයි. ඊට හේතු වන්නේ ශරීරයේ අධික උෂ්ණ ගුණය වළක්වාගැනීම හා ස්නායු ශෛල වියළීම වළක්වා ගැනීමයි. කෙසේ වෙතත් මේ ආකාරයට පැමිණෙන සෙම් පදාර්ථ නළල ආශි‍්‍රත ප්‍රදේශයේ කෝටරක (හිස් කබල නාසය හා ඇස් ආශි‍්‍රත කුහර) තුළ එක්රැස් වේ. පසුව එම සෙම කොටස් නාසය හරහා බාහිර පරිසරයට නිරාවරණය වීම හේතුවෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ ආක්‍රමණයට භාජනය වේ. එම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා සෙම පැසවීමට ලක්වී සෙම්ප්‍රතිශ්‍ය තත්ත්වය ඇති කරනු ලැබේ. එවිට නාසයෙන් සොටු දියර ගැලීම ආදී සෙම්ප්‍රතිශ්‍යාව ආශි‍්‍රත රෝග ලක්ෂණ ඇති කරනු ලැබේ. කාලයත් සමඟ මේ තත්ත්වය පවතින විට ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා දුර්ගන්ධයක් ඇති කරනු ලැබේ.
ශරීර උෂ්ණාධික වීමට බලපාන හේතු
ඇතැම් පුද්ගලයන්ගේ, ශරීර ස්වභාවයෙන්ම (උපතින්ම) උෂ්ණ අධික බවින් යුතුවන අතර තවත් සමහර පිරිසකට උෂ්ණාධික ශරීරයක් හිමිවන්නේ ඔවුන් ලබාගන්නා වැරදි ආහාර නිසා ය. එවැනි ආහාර සඳහා උදාහරණ ලෙස ඉස්සේ, කකුළුවෝ, දැල්ලෝ, බලමාළු වැනි උෂ්ණාධික ආහාර මෙන්ම අන්නාසි, තක්කාලි වැනි අම්ල අධික ආහාර වශයෙන් හඳුන්වා දිය හැකි ය.
ඉරුවාරදය
ඉහත රෝගී අවස්ථාවන්ට සමගාමීව ඇතැම් රෝගීන් මුහුණ දෙන තවත් රෝග අවස්ථාවක් ලෙස ඉරුවාරදය හඳුන්වාදිය හැකිය. මේ සඳහා මූලික හේතුව බවට පත්වන්නේ ශරීරය තුළ හටගන්නා අධික වූ පිත් ප්‍රභවන් ය. කෙසේ වෙතත් මේ අධික වූ පිත ස්වභාවය නිසා මොළය ආශි‍්‍රත ශ්ලේෂ්ම පටලවලට දැඩි ලෙස හානි සිදුවේ. මෙම රෝගී අවස්ථා සඳහා ද ප්‍රමුඛතම හේතුව වන්නේ ශරීරයේ පවතින උෂ්ණාධික බව ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>