ෙරා්ග රැසකට ගුණ දෙන ‍ෙගාංකැකිරි

නොවැම්බර් 25, 2022

 

අප ජීවත් වන පරිසරය තුළ දැකිය හැකි තුරුලතා අතර බොහෝ ප්‍රමාණයක් ආහාරමය වශයෙන් වැදගත් වන අතර තවත් බොහෝ ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් වැදගත් වේ. එසේම ආර්ථික වශයෙන් වැදගත් වන තුරුලතාවන්ද බොහෝ ප්‍රමාණයක් වන අතර වෙනත් විවිධ වූ ප්‍රයෝජන ගෙන දෙන ශාක ද බොහෝ වේ. මෙවන් වූ තුරුලතා අතරින් ගොංකැකිරි යනු තවත් වැදගත් පැළෑටියක් වශයෙන් හැඳීන්විය හැකිය.

කෘෂ, ශ්වාස, උදරාබාධ ඇතුළු රෝගාබාධ රැසකට බාහිර හා අභ්‍යන්තර වශයෙන් යොදනු ලබන අතර ක්වාථ හා චූර්ණ ආදියට යොදා ගනු ලබන එක් උපාදානයක් ලෙසද ගොංකැකිරි හැඳීන්විය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ තරමක් දුර්ලභ පැළෑටියක් ලෙස හැඳීන්විය හැකිය. මේ අතර මෙම ගොං කැකිරි ඉතා ඈත අතීතයේ සිටම ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයට ගෙන තිබෙන බව ඒ පිළිබඳව මූලික සාහිත්‍ය ග්‍රන්ථවල දක්වා තිබීමෙන් පැහැදිලි වේ. එනම් චරකසංහිතාවේ චිකිත්සා ස්ථානයේ ද, සුශ්‍රැත සංහිතාවේ චිකිත්සා ස්ථානයේ සහ කල්පස්ථානයේද අෂ්ඨාංග හෘදය සංහිතාවේ චිකිත්සා ස්ථානයේ ද ගොං කැකිරිවල ගුණාගුණ, ඖෂධීය ප්‍රයෝග ආදිය ගැන මනා ලෙස දක්වා ඇත.

ගොංකැකිරි වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්,

පොදු වශයෙන් සමස්ත භාරතයේ ද විශේෂයෙන් ට්‍රවන්කොර් සහ මධ්‍යම භාරතයේ ද දැකිය හැක.

දේශීය වශයෙන්,

ශ්‍රී ලංකාවේ තරමක් දුර්ලභ පැළෑටියක් ලෙස සැලකේ. බොහෝ විට වියළි කලාපයේ ප්‍රදේශවල දක්නට හැකිය.

ගොංකැකිරිවල ස්වරූපයන්

දැඩි රෝමී වූ කඳන් රැසකින් යුත් බිම වැතිරී පවතින පැළෑටියකි. පත්‍ර සරල වන අතර ඒකාන්තරය. පත්‍ර හෘදකාර හෝ අණ්ඩාකාර ස්වරූපයක් ගනු ලබයි. මෙහි ඛංඩිකා පහකි. දන්තිකාධාර වේ. පත්‍රවල දෙපැත්තම රළුය. මෙහි මල් හට ගැනීම පෙබරවාරි - අප්‍රේල් කාලයේ ද, අගෝස්තු - සැප්තැම්බර් කාලසීමාවේද සිදු වේ. මෙහි මල් ක්‍රමවත්ව පවතින අතර පුරුෂ පුෂ්ප කුඩා ය. පොකුරු වශයෙන් හට ගනී. මෙහි හට ගනු ලබන ගෙඩි ඉලිප්සාකාර හෝ ආයාත වේ. සෙන්ටිමීටර 4 – 6 පමණ දිගය. පරිණත වූ පසු ලා කහ පැහැතිය. මදය තිත්ත රසය වන අතර බීජ සුදු පැහැති හා ඉලිප්සාකාර වේ.

 

ගොංකැකිරි පිළිබඳව විවිධ භාෂාවලින් හැඳීන්වෙන නාම

සිංහල බසින් : ගොං කැකිරි වන අතර

සංස්කෘත බසින් : ඉන්දුචාරුනි, චිත්‍රා, ගාවාක්ෂි, ගවාදනී, වාරුනි, අමරා, විශාලා, මහාඵලා, ශ්වේතපුෂ්පා, චිත්‍ර වල්ලි සහ චිත්‍ර ඵල ආදී නාමයන් රාශියකි.

මෙහි ගවාක්ෂි යනු ගොනුන්ගේ ඇස් ගුළි හා සමවන ගෙඩි ඇති තැනැත්තිය යන අරුතිනි. ගොං කැකිරි යනු ගොං ඇස් බඳු වටකුරු ගෙඩි ඇති හෙයින් ගොං ඇස් කැකිරි ගොං කැකිරි ලෙස යෙදී ඇතැයි කියයි. මේ අතර චිත්‍රා යනු තිත් සහිත ගෙඩි ඇති යන අරුතින් යෙදේ. හින්දි බසින් ගොංකැකිරි සඳහා : ඉන්ද්‍රායන, හාකුරා, සෙන්ගා යන නම් යෙදේ.

වංග බසින් : රාබාල් ශශා නම් වේ.

දෙමළ බසින් : පීඩිකාරි, පේතිකාරි, මෙටුක්කු, කට්ටුට්ටු මට්ටි නාමයන් යෙදේ.

ඉංග්‍රීසි බසින් : ඕඪබබඥප ඛ්භජභථඡඥප නම් වේ.

ගොං කැකිරි වල උද්භිද විද්‍යාත්මක නාම : ඛ්ඪබපභතතභඵ ජධතධජරදබඩඪඵ ඵජඩපචඤ සහ ඛ්භජභථඪඵ ජචතතධඵභඵ අධබබඪ වන අතර කුලය : ඛ්භජභපඡඪබචජඥචඥ හෙවත් කෝශාතතී කුලය වේ.

ගොං කැකිරිවල ඖෂධීය අංග : ගෙඩි සහ අල (මුල්) වේ. ගොං කැකිරි ඖෂධ පිණිස කල්තබා ගැනීමට : ගෙඩි සහ අල කපා වියලා භාජනවල අසුරා තබා ගනී.

ගොං කැකිරිවල ඖෂධීය ගුණ කර්ම : රසයෙන් :- තිත්ත වන අතර, ගුණයෙන් :- ලඝු, රූක්ෂ, තීක්ෂණ වේ. වීර්යයෙන් : උෂ්ණ වන අතර විපාකයෙන් : කටුක වේ.

දෝෂ අනුව සැලකීමේදී : මෙය සෙම් හා වාත නසන අතර දෝෂ ශෝධනය අපේක්ෂාවෙන් සෙම් පිත්තජ රෝග සඳහා යෙදේ.

ශාරීරික ව්‍යුහාගත ක්‍රියා :-

බාහිර වශයෙන් : මෙහි මුල (අල) තුවාල ඉදිමුම් නසන අතර ව්‍රණ (තුවාල) ආදියේ ආලේපයේ යෝග්‍ය වේ. එසේම ගොං කැකිරි ඇටවල තෙල විෂ නසන ගුණ ඇති නිසා සර්ප, ගෝනුසු ආදී විෂවලදී යොදා ගනු ලබනු අතර මෙම ඇට තෙල කේෂ්‍ය ගුණ යුතු නිසා කෙස් පැලීම් හා වැටීම් වලට යොදා ගැනේ.

අභ්‍යන්තර වශයෙන්

ආහාර පරිපචන ව්‍යුහාවේදී : මෙම ගෙඩිවල ලෙලි වමන කාරක ගුණ යුතු අතර ගෙඩියේ මදය සහ අලය රේචන ගුණ යුතුය. එසේම කෘමිඝ්නයි. අන්ත්‍ර වේදනා ඇති කරයි. ගෙඩිවල මදය තියුණු විරේචනයි. මේ නිසා උදර රෝග, ගුල්ම, කාමලා, ආමාවත, කෘමි රෝග ආදියේදී ගොං කැකිරි ගෙඩියේ මද හා මුල් උපයෝගී කර ගනී. තවද ගොං කැකිරි මද හෝ අල නිසා අන්ත්‍ර වේදනා හට ගන්නේ නම් එය වැළැක්වීම සදහා ඉඟුරු, සතකුප්ප, කෝරාසානි ආදිය මිශ්‍ර කර යෙදිය යුතුය.

රුධිර සංසරණ ව්‍යුහාවේදී : ලේ පිරිසිදු කරන හා ඉදිමුම් නසන ගුණයෙන් යුතුයි. මෙම රත්ත ගත රෝග සඳහා ගොං කැකිරි මුල් (අල) යොදා ගනී. ඉදිමුම් සඳහා ගොං කැකිරි ගෙඩි යුෂ සීනි මී පැණි සමඟ යොදයි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.