ආයුර්වේද ප්‍රතිකාරවලදී අමුවෙන් ලබාගත යුතු ඖෂධ

ඔක්තෝබර් 21, 2022

 

අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රම වන කැඩුම් බිඳුම් වෙදකම, විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම, පිස්සු බලු වෙදකම, ග්‍රහණි මාන්දම් වෙදකම, උමතු රෝග වෙදකම, අතීසාර වෙදකම ආදි සෑම වෙදකමක් සඳහාම වෛද්‍යවරු අමු ඖෂධ ප්‍රයෝග කළහ. අනුපාන ගුළි, කල්ක පත්තු, ඇඹරීම නිසා අමු ඖෂධ යුෂ ලබාගත් අතර දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ රෝග අවස්ථාවලදී අමුවෙන් ඖෂධ ප්‍රයෝග කිරීම සිදු කෙරේ. අමුවෙන් ඖෂධ ගැනීමේදී යොදන නීතියක් ඇත. එනම් වියළි ද්‍රව්‍ය මෙන් දෙගුණයක් අමු ඖෂධ නිර්දේශ කර ඇත. වියළි ඖෂධවලට වඩා අමු ඖෂධවල බරබව හා සරුබව (ගුරු හා තීක්ෂණ) අඩුය. ඒ අඩුව සම්පූර්ණ කිරීම සඳහා අමු ඖෂධ ගැනීමේදී සමහර වියළි ඖෂධ යොදන බර මෙන් දෙගුණයක් ගත යුතු බව දක්වා ඇත.

 

අමු ඖෂධ නොගත යුතු ස්ථාන

 

සොහොන් බිම්වලින් හතරමං හන්දිවලින් දේවාල හා පන්සල් භූමිවලින් පාළු ගෙවල් ඇති ස්ථාන වලින්, හුඹස් මත හැදුණු පාරවල් අසලින් නිසරු බිම්වලින් දිය සීරාව බහුල පහත් බිම්වලින් අපිරිසුදු ස්ථානවලින්

අමුවෙන් ලබා ගත යුතු ඖෂධ

 

සැවැන්දරා මුල්, පොල්පලා පැළෑටිය, කටුවැල්බටු, හීන් නෙරෙංචි පැළෑටිය, මෑ ඇට, මුරුංගා පොතු, දඬු වර්ග දියේ හට ගන්නා අල වර්ග, නිකකොළ, ඉරිවේරිය, කෙළිඳ පොතු, පුහුල් ගෙඩි, රසකිඳ, කොළ වැල්, කීකිරිඳිය පැළෑටිය, කටුකරඬු මුල්, එරඬු මුල්. සුදුලූනු, රට ඉඳි ගෙඩි, ඉරමුසු වැල, කප්පරවල්ලිය, කලාඳුරු අල, නෙළුම් අල, වල් ඇපල පංචාංගය, උණ මුල්, ඉළුක් මුල්, උක් මුල්, උඳුඇට මෙම ඖෂධ අමුවෙන් පමණක් ගත යුතුය. වියළීමෙන් මේවායේ වීර්යය (ශක්තිය) අඩු වේ. අමුවෙන් ගත යුතු වුවත් මෙම ඖෂධ ගත යුත්තේ එක් වරකි.

 

එක්වරක් පමණක් ගතයුතු අමු ඖෂධ

 

රසකිඳ, වැල්, නිල් මානෙල් අල, සතකුප්ප ඇට, පාවට්ටා පංචාංගය, පුහුල් ගෙඩි, දුම්මැල්ල වැල, අමුක්කරා අල, කටුකරඬු පැළෑටිය කෙළිඳ පොතු, සාරණ මුල්, ප්‍රසාරිණී වැල, හාතාවාරිය අල වැටකේ මුල්, බැබිල මුල්,

 

 

අමු ඖෂධ රැස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

 

ඖෂධ සඳහා පැළෑටි ගත යුතු ස්ථානය ගැන සැලකිලිමත් විය යුතුය.

ඖෂධ කොටස් සපයා ගතයුතු කාලය ගැන සැලකිලිමත් විය යුතුය.

කෘමින් හානි නොකරන ලද පරණ නොවූ අමු ඖෂධ ප්‍රයෝජනයට ගත යුතුය. පැළයට හෝ ගසට හානි නොවන සේ අවශ්‍ය කොටස් ඉවත්කර ගත යුතුය.

කොළ වර්ග නෙළා ගැනීමේදී කරටියට හානි නොවන ලෙස ලබා ගත යුතුය.

විශාල ගස්වල ගෙඩි එකතු කිරීමේදී අතු කැපීම් නොකළ යුතුය.

ගසක පොතු ගැලවීමේදී ගසේ ඉහළ සිට පහළට පමණක් පොතු ගැලවිය යුතුය.

 

පොතු ඉවත්කර භාවිතයට ගත යුතු ඖෂධ

සුවඳ කොට්ටං, ඉඟුරු පියළි, ඉරමුසු, හාතාවාරිය, සුදුලූනු, අතිවිඩයන්, වදකහ, අමුකහ, අරත්ත අල, අමුක්කරා, කිරිබදු, මානෙල් අල, කිඩාරම්.

 

අමු ඖෂධ ගත යුතු ස්ථාන

කඳු අතර බිම්, ගං ඉවුරුබද බිම්, මහගල් අතර බිම්, ගොවි බිම්, වන බිම්, දැකුම්කලු බිම්

 

ඖෂධ කොටස් සහ ඒවා සපයා ගත යුතු කාල

 

මුල් – සිසිර හා ගී‍්‍රෂ්ම ඍතුවල

පත්‍ර සහ පොතු – වර්ෂා සහ වසන්ත ඍතුවල

අල – ශරත් ඍතුවල ලබා ගත යුතුය.

 

උපදෙස් – විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම්

පින්සෙත ආයුර්වේදය ගල්කිස්ස

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.