ඖෂධ ගුණ සහ පෝෂණ ගුණ සපිරි කැබැල්ල

අප්‍රේල් 22, 2022

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී මෙම ශාකයේ උපයෝගීතාවය පිළිබඳව විස්තර දක්නට නොමැති වුව ද වර්තමානයේ දේශීය වෛද්‍ය ග්‍රන්ථ කිහිපයකම කැබැල්ල ශාකය පිළිබඳව දක්වා තිබෙන නිසා දේශීය වෛද්‍ය ක්‍රමයේ දී කැබැල්ල ශාකය ඖෂධ සඳහා යොදාගනු ලබන බව පැහැදිලි වේ.

භෛෂජ්ජ විශ්ව කෝෂය නම් ග්‍රන්ථයේ නියඟලා අලවල විෂ නැසීම සඳහා කැබැල්ල යොදා ගන්නා බව දක්වා ඇත. මේ අතර දේශීය පශු වෛද්‍ය ක්‍රමයේදී ද කැබැල්ල ඖෂධ සඳහා යොදා ගන්නා බව දක්වා ඇත.

කැබැල්ල ශාකය වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් දකුණු ඉන්දියාවේ දක්නට ඇත. දේශීය වශයෙන් ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන මෙය පහතරට සිට මධ්‍යම උන්නතාංශ දක්වා ප්‍රාථමික සහ ද්විතීයික වනාන්තර සහ ගංගා ඉවුරුවල තෙත් සහිත වැලිපසේ මීටර් 900 දක්වා උසින් හමුවේ.විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලබුගම,කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල,සල්ගල,කැලණිගං ඉවුර,කුරුළුගල කන්ද අවට ප්‍රදේශය,මහනුවර දිස්ත්‍රික්කයේ බෝයගොඩ කන්ද, දොළුව, කුළුගම්මන, පිටකන්ද, කළුතර දිස්ත්‍රික්කයේ මොරපිටිය,පස්දුන්කෝරලේ දැඩිගල්ල,වැලිපැන්න, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,කන්නෙලිය රක්ෂිතය,හිනිදුම,රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජ රක්ෂිතය,කුරුවිට,අයගම,මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, මොරවක කන්ද ආදී ප්‍රදේශවල බහුල ව දක්නට ලැබේ.

කැබැල්ල ශාකයේ ස්වරූපය

මෙය මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ගසක් හෝ පඳුරක් වේ. උසින් මීටර් 2-5 දක්වා වේ. බොහෝ දුරට අතු බෙදී ඇත. කැබැල්ල ගසේ පොත්ත දුඹුරු පැහැති වන අතර, සිනිඳුය. විශේෂයෙන් ළපටි කොටස් බුවකින් තොරය. අතු සිහින්ය. පත්‍ර පටලමය වේ. වියළී යාමේ දී ලා කහ කොළ පාට වේ. පත්‍ර සෙ.මී.5.5-13.5 දක්වා දිගින් යුතුය. අණ්ඩාකාර සිට ඕවලාකාර හැඩය තිබිය හැකිය. පත්‍ර පාදය වටකුරුය. මද තුඩකින් යුක්තය. පත්‍රයේ නාරටි යුගල් 5-7 දක්වා පවතී. මේවා ඉහළ පෘෂ්ඨයට වඩා යටි පෘෂ්ඨයේ දී පැහැදිලිය. මල් 1-4 දක්වා ඇත. බොහෝවිට ගොනුවී ඇත. මල් පොකුරු එරඬු මල් මෙනි. කොළ පාටට හුරු කහපාටක් ගනියි.කැබැල්ල ශාකයේ මල් ජනවාරි,පෙබරවාරි,මාර්තු කාලවල පිපෙන අතර, මෙහි හටගනු ලබන ගෙඩි ගෝලාකාර සිට අණ්ඩාකාර හැඩයක් ගනු ලබයි. චොක්ලට්, දුඹුරු සිට රතු පැහැයක් ගනු ලබයි. මෙම ගෙඩි නොපැලේ. මෙතුළ බීජ තනි තනිව පිහිටා ඇත.

බීජය වටා කහ පැහැති ද්‍රවයක් දක්නට ලැබේ. කැබැල්ල ශාකය වැවෙනුයේ බීජ සහ අතු කැබලි වලිනි. හොඳීන් මේරූ කැබැල්ල ගෙඩිවලින් ලබා ගන්නා බීජ ජලයේ පොඟවා වැලි තවානක සිටුවාගනු ලබයි. තවද අතු කැබලි මුල් වර්ධක හෝමෝන ද්‍රාවණවල පොඟවා සිටුවනු ලබයි.

කැබැල්ල ශාකය පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාම

කැබැල්ල,හීං කැබැල්ල සහ වැල්මැඩිය යන නාම යෙදේ.

දෙමළ බසින් කොටිලි යනුවෙන් යෙදේ.

කැබැල්ලවල උද්භිද විද්‍යාත්මක නාම ඒනධපභඵච තඪදඤතඥරචදච (ඹඪඨඩබ) ඕචඪතත සහ ඒඨරදඥපච ථභතබඪතධජභතචපඪඵ ර්ධධද සහ ඹ්ඥනඪඤධඵබචජඩරඵ තචදජඥධ තචබච ඊභත ආදිය වේ.

කුලය

ඡ්භනඩධපඡඪචජඥචඥ හෙවත් ඒරණ්ඩ කුලයයි. කැබැල්ලවල ඖෂධාංග කැබැල්ල කොළ, දලු ,සහ පොතු ඖෂධ සඳහා ගනු ලබයි.

කැබැල්ලවල ප්‍රභේද

ප්‍රභේද 3ක් දක්නට ලැබේ.

1. කැබැල්ල 2. හීං කැබැල්ල 3. මා පුත් කැබැල්ල වශයෙනි.

1. කැබැල්ල

මෙය බරවා කැබැල්ල ලෙස හඳුන්වන අතර, ඖෂධ සඳහා ගනු ලබයි.

2. හීං කැබැල්ල

ඖෂධ සඳහා යොදා ගත් බවට සාක්ෂි නැත.

3. මා පුත් කැබැල්ල

කාම ප්‍රතනා යනුවෙන් හඳුන්වන අතර, ඖෂධ සඳහා යොදාගත් බව සඳහන් නොවේ.

කැබැල්ලවල ආහාරමය වටිනාකම

කැබැල්ල දලු ව්‍යංජන ලෙස ද, ඇඹුල ලෙස ද සාදා ආහාරයට ගනු ලබයි. මෙය අතීසාර රෝගය සුව වූ අයට ඉතා ගුණදායක වේ. එසේම කැබැල්ල දලු මැල්ලුම් ලෙස ද ආහාරයට එක්කර ගනු ලබන අතර, දියවැඩියාවට ඉතා ගුණදායක වේ. එසේ ම කැබැල්ල ගෙඩි ද කුඩා ළමයින්ගේ රසවත් කෑමකි. මේවා වට්ටිවල දැමූ විට කාටත් රස බැලීමට සිතෙන තරම් ප්‍රියමනාපය. මෙයට බරවා ඇඹිල්ල යනුවෙන් ද කියති.

කැබැල්ලවල ඖෂධීය වටිනාකම

මෙය කසට සහ ඇඹුල් රසයෙන් යුක්ත වන අතර, ප්‍රධාන වශයෙන් මුත්‍රකාරක සහ රක්ත ශෝධක ගුණයෙන් යුක්ත වෙයි.

බාහිර වශයෙන්

කැබැල්ල ඇසට හිතකාරී වන අතර, කුෂ්ඨ රෝගවල දී කැබැල්ල කොළ යුෂ බාහිරව ආලේප කිරීමෙන් සුව වේ. එසේම අක්ෂිරෝගවල දී අඳුන් යෙදීමට ද ඇනුණු කටු ආදිය ඉවත් කිරීම සඳහා ද යොදාගනු ලබයි.

අභ්‍යන්තර වශයෙන්

ආමාශගත රෝගවල දී ද, අජීර්ණ අතීසාර ආදී රෝගවල දී කැබැල්ල දලු ඇඹුල හොඳින් උයා බත් සමඟ කෑමෙන් සුව වේ.

කැබැල්ල අඩංගු ඖෂධ යෝග

ඇස් රෝග සඳහා

1. අරළු ,බූළු,නෙල්ලි,කැබැල්ල පොතු,රත්මල් කැකුළු,බෝඹු පොතු සහ දලු ,කොහොඹ දලු ,සමවගෙන කොටා පොට්ටනි බැඳ තැඹිලි දියේ දමා ඇස පිට තෙපුල් දීමෙන් ඇස් රතු වීම සහ කඳුළු ඒම නසයි.

2. බෝඹු ලොඳ සහ කැබැල්ල ලොඳ මිශ්‍රකර ඇසට දැමීමෙන් ඇසේ තැල්ම සුව වේ.

3. කැබැල්ල පොතු යුෂ මීපැණි දමා ලිප තබා කකරා ගෑමෙන් ඇසේ ඇති වූ ඉදිමුම,නුවන් පිළිකා සුවවේ.

4. සුදුහඳුන් ,රත්හඳුන්,අරළු,බුළු,නෙල්ලි, සමවගෙන චූර්ණ කර කැබැල්ල පොතු යුෂින් කකාරා ඇසේ ගෑමෙන් ඇස රතු වීම,ඇසේ ඇතිවන සුද ඉදිමුම ආදී වාතයෙන් ,පිතින් ඇතිවන රෝග නසයි.

ඇසේ සුද කැපීමට

කැබැල්ල පොතු,සහිඳලුණු,බිත්තර කටු,ගල්නහර,එනසාල් ඇට,මීඅරටු, ඔළිඳ ඇට,මුරුංගා පොතු යුෂයෙන් අඹරා දෙහි ඇඹුලින් ඇස ආලේප කරයි.(මෙහිදී ඇල් දියට සුද කැපේ)කල් පසුවුණු ඝනකමට ඇති ඇසේ සුද අතින් කපන්නාක් මෙන් කැපේ.

උල්වාරමට

එල බිංතඹුරු කොළ,කැබැල්ල දලු, කරඳ මුලේ පොතු සහ කොළ සමව ගෙන කොටා ගිතෙලින් මලවා බැ¼දීම ඉතා සුදුසුය.

ගල්තරට

කැබැල්ල ගසේ බස්නාහිරට ගිය මුලේ පොතු සහ පැසුණ පොල් කුඩු කොටා බඳීන්න.

ගඩුවලට

කැබැල්ල පොතු,කැට කෑලපොතු,කොටා පැණි සිඳ ආලේප කරයි. දරුණු කුෂ්ඨ සඳහා

1. පැරණි දරුණු කුෂ්ඨ සඳහා කැබැල්ල පොතු කොටා ගත් යුෂයට තඹ කාසි 7ක් දමා ලිප තබා කකාරා ගානු ලබයි.

2. කැබැල්ල පොතු, අමුකහ දමා කොටා යුෂ ගෙන ලිප තබා කකාරා ගානු ලබයි.

ඇස් රතට

කැබැල්ල දලු උණු අළුවෙන් තම්බා කසපැන් ලෙලි යුෂින් අඹරා ඇස් වට ආලේප කරයි.

සියලු ම පාණ්ඩු රෝග සඳහා

කැබැල්ල කොළ පොතු,කීකිරිඳීය,කපු කොළ,සියඹලා කොළ දෙහි ඇඹුල් යුෂ පත බැගින් ගෙන දෙදුරු ග්රෑම් 20 බැගින් ද යහුණු ග්රෑම් 20ක් ද යබොර ග්රෑම් 20ක් ද ගෙන චූර්ණ කර මුට්ට්යක දමා මැටි බඳුන ලිප ළඟ දින 3ක් වළලා තබා ගොඩගෙන ලුණු ඇඹුල් හැර උදේ සවස බීමට දෙනු ලබයි.

මේ ආදී ඖෂධ යෝග රාශියක් කැබැල්ල අඩංගුව රෝගාබාධ රාශියකට දෙනු ලබයි. මේ අතර පශු වෛද්‍ය ක්‍රමය සඳහා ද මෙය යොදාගනු ලබන බව සඳහන් වේ.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.