ශරීරයේ ප්‍රතිශක්තිය රැකගන්නා බතල

දෙසැම්බර් 24, 2021

ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකික අපට ඉතා හුරු පුරුදු ආහාරයක් ලෙස බතල හඳුන්වන්න පුළුවන. ශ්‍රී ලංකාවේ ඇති රසයෙන් ගුණයෙන් පිරිපුන් අල වර්ග අතුරින් බතල ඉතා වටිනා ආහාරයක්. මෙහි ඇති තන්තුමය කෙඳීති නිසා අතිශයින්ම පෝෂණීය ආහාරයක් ලෙසත් එසේම වර්තමානයේ බහුල ලෙස දක්නට ලැබෙන බෝ නොවන රෝග වලින් ආරක්ෂාවන්නටද හොඳ ගුණදායක ආහාරයක්.

අද දවසේ ලෝක වාසීන්ගේ බඩ කට පුරවන ආහාර අතුරින් බතල දෙවෙනි වන්නේ සහල් , තිරිඟු, අර්තාපල්, බඩඉරිඟු සහ මඤ්ඤොක්කාවලට පමණය. අනෙකුත් බෝග වලට සාපේක්ෂව කෙටි කාලයකින් වැඩි ආහාර ප්‍රමාණයක් මිනිසාට ලබා දෙනවාට අමතරව බතල වගාවේ තවත් වාසි හා පහසුකම් රාශියක් වෙයි.

බතල යැයි කියූ පමණින් අපේ රටේ බොහෝ දෙනා හඳුනන්නේ රතු බතල හා කහ බතල ලෙස වර්ග දෙකක් පමණි. එසේ වුවත් ශ්‍රී ලංකාව තුළ බතල වර්ග 15කටත් වැඩි ප්‍රමාණයක් දැනට හඳුනාගෙන තිබේ.

ඒ අතුරින් වාරියපොළ රතු, වාරියපොළ සුදු, හෝඩිමලී ,අමා ඛ්ඒඅධ් 09, ඛ්ඒඅධ් 273 , ඛ්ඒඅධ් 426 , රණබිම, ගන්නොරුව සුදු , ශාන්ති , චිත්‍රා ආදී විශේෂ වෙනවා. එසේම මාකඳුර පර්පල් නමින් ඇති දම් පාට බතල වර්ගයක් ද තිබෙනවා.

බතල කියන්නෙ කෙඳී බහුල ආහාරයක්. මෙවන් ආහාර නිසා ඔබට නිතර බඩගිනි ඇති නොවෙයි. කෙඳී සහිත නිසා ආහාර දිරවීමේ ක්‍රියාව දීර්ඝ කරන නිසා ආහාර වැඩිපුර ගැනීම මින් වැළකෙනවා. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිය රැක ගැනීම සඳහා බතලවලට ඇත්තේ අපූරු ඖෂධීය ගුණයක්. ඒ වාගේම බතල වලින් පිළිකා රෝග වැළ¼දීම ද වළක්වනු ලබනවා. විශේෂයෙන් පෙනහළු පිළිකා සෑදීම වළක්වනු ලබනවා.

ඇස් රෝගවලටත් බතල ඉතා ගුණ දෙන ආහාරයක්. ඒ වාගේම සමේ රෝගවලදීත් බතල ආහාරයට ගැනීම ඉතා වැදගත්. තවද දත් රෝග වලට ද බතල බොහෝ හිතකර වන අතර මෙමඟින් ශරීරය ආරක්ෂා කිරීමද කරයි.

එසේම ආහාර දිරවීම පහසුකරන අතර මලබද්ධයට ද ඉතා ගුණදායක වෙයි.

කිරිදෙන අම්මලා බතල නිතර ආහාරයට ගැනීමෙන් කිරි එරීම වැඩි කරනු ලබනවා. ඖෂධීය වශයෙන් බතල අල මෙන්ම කොළ ද ඉතා ගුණදායකයි. බතල කොළ වේලා කුඩු කර වත්කර බීම සෙම්ප්‍රතිශ්‍යාවට සහ සෙම් රෝගවලට ඉතා ගුණ දෙනවා.

එසේම දද කුෂ්ඨ වැනි සමේ රෝගවලදී බතල කොළ ඇල් දියෙන් අඹරා ගෑම ඉතා හොඳයි.

එසේම සුළු පිලිස්සීම්වලදීත් සීරීම් වලදීත් මැසි මඳුරු ආදී සතුන් දෂ්ඨ කළ විටත් බතල කොළ ඇල් වතුරෙන් අඹරා ගෑම ඉතා හොඳයි.

එසේම බතල කොළ තම්බා බීමෙන් අක්මාවේ රෝග ද සුව කරනු ලබන අතර වමනයට ද ඉතා ගුණදායකයි.

මේ ආදී වශයෙන් ගුණ ගෙන දෙන බතල ආහාරයට ගැනීමේදී අල තම්බා පොල් සමඟ කෑම හෝ ව්‍යංජන ලෙස සකස් කර ආහාරයට ගැනීම ඉතාමත් ගුණ දෙනවා. ඒ වාගේම බතල කොළ මෙන්ම දලු ව්‍යංජන ලෙස සකස්කර ආහාරය සඳහා එක් කර ගැනීම මෙන්ම බතල කොළ මැල්ලුම ලෙස සකස්කර ආහාරයට ගැනීමත් ඉතා ගුණදායකයි. ඒ වාගේම කට්ලට්, පැටිස්

ආදී කැම වර්ග සකස් කිරීමේදී ද බතල යොදා ගනු ලබනවා.

මේ ආදි වශයෙන් නොයෙක් ආකාරයට බතල ආහාරය සඳහා එක්කර ගත හැකි අතර එමඟින් ශරීරයට ලැබෙන්නේ පෝෂණයක් මෙන්ම ගුණයක්මය. මේ ආදි වශයෙන් ගුණදෙන බතල වගා කිරීමේදී වෙනත් කෘෂිකාර්මික බෝගවලට සාපේක්ෂව වියදම් අඩුය‍. බතල වැල් වේගයෙන් වඩෙමින් පොළොව වසා ගන්නා නිසා වල් පැළ මර්දනය ද අවශ්‍ය වන්නේ නැත.

මේ අනුව පෙනී යන්නේ බතල කියන්නේ ඉතා රසවත් ඒ වාගේම සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. ඒ කෙසේ වෙතත් වැඩිපුර ආහාරයට නොගැනීමටත් වග බලා ගත යුතු වෙනවා.

හරිත එළවළු , නැවුම් පලතුරු , ධාන්‍ය වර්ග , ප්‍රෝටීන් බහුල ආහාර ඇතුළත් සමබල ආහාර වේලක් ගැනීමේදි බතල ඒ සඳහා ඉතා හොඳ ආදේශකයක්. එමඟින් ඔබගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය මෙන්ම ආරක්ෂාව ද ඇති කර දෙනු ලබනවා. මෙනිසා උචිත අවස්ථාවලදි සුදුසු පරිදි මෙන්ම ප්‍රමාණවත් ලෙස බතල ආහාර ලෙස ගැනීම නීරෝගී බවට හේතු වෙනවා.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.