නිරෝගී අයකු ලෙස සිටියත් වයසට යනවිට රෝග වැළඳී තිබිය හැක ඒ ගැන දැන ගන්න ප්‍රෙෂර් බලාගන්න

සැප්තැම්බර් 10, 2021

 

වයසට යෑමත් සමඟ ඇතිවන දුර්වලතා මත යම් යම් රෝග වැළඳිය හැකිය. තමන්ට යම් රෝගාබාධයක් ඇතැයි නොදැන සිටීම භයානක තත්ත්වයකි. මෙයට ඇති හොඳම පිළිතුර ප්‍රෙෂර් එක බලාගැනීමයි. ප්‍රෙෂර් එක බලාගැනීමෙන් පවතින රෝගාබාධවලට පසු නොකරම යම් ප්‍රතිකාරයක් ගත හැකි ය. එය මතුවට ඇතිවිය හැකි ජීවිත අවධානම වළක්වාගත හැකි හොඳම ක්‍රමයයි.

 

සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය මිලිමීටර් 120/80 ටත් අඩුවිය යුතු ය. එය 140/90 වැඩිවුවහොත් එය අධිරුධිර පීඩන තත්ත්වයකට පත්ව ඇත. එසේ වැඩි තත්ත්වයක් ඇතිවීමෙන් රුධිරවාහිනී තුළ පීඩනය වැඩිවී ඇත. ආයුර්වේදයේ හඳුන්වනු ලබන අතිරිත්ත චාපය නැතහොත් අධිරුධිර පීඩනය අද සමාජයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්ව ඇත්තේ ප්‍රෙෂර් එක යන්නයි.

කෙනෙකු වයසට යන විට රුධිරවාහනී බිත්තිවල ඝණකම වැඩිවේ. මේ තත්ත්වය මත රුධිරවාහිනී තුළ පීඩනය වැඩිවේ. මෙම හේතුවද, රුධිර පීඩනය වැඩිවීමට හේතුවේ. විශේෂයෙන් මෙම තත්ත්වය තරබාරුවීම නිසාත් ඇතිවේ. ව්‍යායාමයේ අඩුබව දියවැඩියාව අධික මත්පැනට ගිජුවීම ප්‍රමාණය ඉක්මවා ලුණු භාවිතය, දුම්පානය, මානසික අසහනය එපමණක් ද නොව වකුගඩු රෝග මහා ධමනියේ අවහිරතා ඇතුළු රෝග රැසක්ම බලපාති. අධිරුධිර පීඩනය වැඩිවීම නිසා හෘදය ඉදිමීම, රුධිර නාල පද්ධතියේ හා ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම රෝගී තත්ත්වයට ද පත් වේ. මේ තත්ත්වයේ දී සමහර අයට ක්ලාන්තය කැරකැවිල්ල අධික මහන්සිය, පපුවේ වේදනාව, හිසරදය, නිදිමත වැඩිවීම හෝ නිදිමත අඩුවීම හා කන්වල ගෝෂාව ද ඇතිවේ.

මෙම රෝගී ලක්ෂණ ඉඳහිට හෝ ඇතිවන නමුත් එය ගණන් නොගන්නා සමහරුන් එය සුළුවට සිතා ප්‍රතිකාර නොගෙනම සිටිති. මේ තත්ත්වය නිසා සංකූතාවයන් වන සිහි නැතිවීම අංශභාගය වකුගඩු දුර්වලවීම ආදියටද පත්වේ. නමුත් බොහෝ රෝග ශරීරය තුළ පවතින බව දැන ගන්නේ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගොස් කරන පරීක්ෂණවලින් පසුවය. සමහරුන්ට අධිකරුධිර පීඩනය පවතින විට රෝග ලක්ෂණ නොපෙන්නුවත් නාසයෙන් ලේ ගැලීම අධික ලෙස මුත්‍රා පහවීම, ඇස් පෙනීම බොඳ වීම, ඉඳහිට පවතින අත්පා පණ නැතිවීම ද වේ. අධිරුධිර පීඩනය අඩුකර ගැනීමට විශේෂයෙන් ආහාර පාලනයට යොමුවිය යුතු ය. ගන්නා ආහාර වේලට ලුණු අඩු කළ යුතු ය. ටින්වල අසුරා ඇත. ආහාර වර්ග ලුණු මිශ්‍ර අල පෙති, කොස් වර්ග, සකස් කළ ආහාර වර්ග, නිරෝගීතාවය රැක ගැනීමට පලතුරු වැඩියෙන් ආහාරයට ගත යුතු ය. අඹ, පැපොල්, දොඩම් ඒ අතර විශේෂ වේ. බර අඩු කර ගැනීමට ව්‍යායාමයක යෙදිය යුතු ය. නිතර දෙවේලේ කෑම පුරුදුව සිටින පාන්, බිස්කට්, කේක්වර්ග, ටින් කළ මාළු, කරවල, මස් බේකන්, මස් පෙති, සුප්පැකට්, සුප් කැට චට්නි අච්චාරුද, සෝස් වර්ග, කිතුල් පැණි, මී පැණි, තැඹිලි වතු, සිසිල් බීම, මෝල්ට් වර්ග බීම ගැනීමෙන් වැළකී සිටිය යුතු ය.

හෘදයාබාධයෙන් වැළකී සිටීමට මෙම ආහාර ප්‍රයෝජනවත්වේ. නිවුඩුහාල් බත, කුරක්කන් පිටි මිශ්‍ර කළ පාන්, ඉඳිආප්ප, පිට්ටු, රොටී, එළවළු, පලාවර්ග, පලතුරු, මුං ඇට, කවුපි, සෝයා, පරිප්පු, කඩල, බිත්තර, සුදුමදය, අලුත් මාළු, මේදය රහිත කිරි, අධික රුධිර පීඩනය, හෘර්ද රෝගවලට බෙහෙවින්ම බලපාති. එම නිසා එය අනෙකුත් සාධක පරීක්ෂාකර අඩුකරගත යුතු ය. මේ නිසා රුධිරයේ සීනි කොලෙස්ටරෝල් පරීක්ෂා කර ගත යුතු ය. වකුගඩු පරීක්ෂාවක් එයට ප්‍රයෝජනවත් ය. රෝග නිර්නය කිරීම සඳහා ප්‍රෙෂර් එක බලනවිට තේ කෝපි වැනි දෙයක් හෝ දුම්වැටියක්, මත්පැන් නොබී සිටිය යුතු ය. එමෙන්ම මහන්සි වී නොසිටිය යුතු ය. ප්‍රෙෂර් එක මැන බැලීමට සුදුසුම කාලය උදේ වරුවයි. අධික රුධිර පීඩනය ඇත්නම් ඒ සඳහා ලබාදිය යුතු ආයුර්වේද ප්‍රතිකාර බොහෝ ඇත. වෛද්‍ය උපදෙස්මත ඒ සියල්ලක්ම කළයුතු ය. මී පැණි කලවම්කළ සුදුලූණු බික් දෙකතුනක් දිනපතා කෑමට ගැනීමත් කිරි අගුණ කොළ අඟුණ කොළ, තෙබු දලු, කෝවක්කා කොළ ඉතාම ගුණදායකය.

කෙසෙල් ගෙඩි තක්කාලි, දොඩම්, අර්තාපල්, කොළපාට එළවළුත් සුදුසු ය. බාර්ලි, මුං ඇට, රතු කැකුළු, ආදී ධාන්‍ය වර්ග ගස්ලබු, උගුරැස්ස වැනි පලතුරු ද ගුණ වේ. සීනි හෝ සීනි අධික ආහාරවර්ග කෑමට ගැනීමෙන් එක්වරම රුධිරයේ සීනි ට්ටම සැළකිය යුතු ලෙස වැඩි වීමක් සිදුවේ. දීර්ඝකාලීනව සීනි අධික ආහාර ගැනීමේ දී නිතර ඉහළයන රුධිරයේ සීනි අධික ලෙස ඉහළයෑම සිදුවේ. මේ නිසා අග්න්‍යාශයේ ඇති සෛල අධි උත්තේජනය වී විනාශ වේ. මෙය දියවැඩියා රෝගයට හේතුවකි. සීනි සහිත ආහාර දිගු කාලීනව ගැනීමෙන් ශක්ති අතිරික්තයක් ශරීරයට එක්වන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස තරබාරුවද එමගින් දියවැඩියාව ද අධිරුධිර පීඩනය හා පිළිකා වැනි වෙනත් රෝගවලට ද ඇති අවධානම වැඩිවේ. සීනි හෝ සීනි බෙහෙවින් යෙදු ආහාර පාන වර්ග අවම කිරීමෙන් හා පලතුරු එළවළු වැනි ස්වභාවික ආහාරවලට ලැදිවීමෙන් රෝග බොහෝමයක් වැළඳීමේ අවදානම් තත්ත්වය මඟ හරවා ගත හැකි ය.

 

මොණරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන

එස්.එස්. එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.