වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ගෙඩි, වණ, තුවාල සුව කරන අගනා ඔසුව
මැයි 3, 2019
“පුපුල”
බොහෝවිට අනවශ්‍ය පැළෑටියක් වශයෙන් උදුරා දැමීමෙන් වඳවීමේ තර්ජනයට ලක්විය හැකි පැළෑටියක් නිසා තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතු ඖෂධීය ශාකයකි.
දේශීය වෙදකමේ දී ගෙඩි, වණ, පිළිකා, සර්පවිෂ, කැඩුම් බිඳුම් ආදී රෝගාබාධයන් රාශියකට බහුල වශයෙන් යොදාගනු ලබන ඖෂධ පැළෑටියක් වන පුපුල පොළොං විෂ සඳහා විශිෂ්ට ගුණදෙයි.
පුපුල ශාකය වැවෙන ප්‍රදේශ
ලංකාවට ආවේණික ශාකයක් ලෙස මෙය හැඳින්විය හැකිය. වියළි තෙත් හා අතර මැදි කලාපයේ ලඳුබිම්වල දක්නට ලැබේ. වියළි කලාපයේ හේන් සහ ගෙවතුවල වැටවල් වල සුලබව දක්නට ලැබේ.
ශාකයේ ස්වරූපය
මීටර් 1/2 සිට මීටර් 2 1/2 දක්වා උසට වැඩෙන සාමාන්‍යයෙන් සෘජු පැතිරී වැඩෙන හෝ කලාතුරකින් පැතිරී වැඩෙන පඳුරක් ලෙස දක්නට ලැබේ. මෙහි කඳ බූව සහිතව තිබී හෝ මද බූව සහිතව තිබී පසුව සිනිඳු වේ.
මෙම ශාකයේ පත්‍ර රවිකිඤ්ඤාකාර හෝ අණ්ඩාකාරය. පත්‍ර වටා දාර සහිතයි. පත්‍රවල දෙපැත්තේම බූව සහිතයි. අලංකාරවත් සුදු මල් පිපෙයි. මෙහි හටගන්නා ඵලය චර්මලයි. මෙම ශාකය මොණර කුඩුම්බිය ශාකයෙන් සහ සත්තිකායන් ශාකයෙන් වෙන්කර හඳුනා ගැනීම වැදගත් වේ.
පුපුල ශාකය පිළිබඳව විවිධ භාෂාවලින් හැඳින්වෙන නාමයන්.
මෙය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සහ දේශීය වෛද්‍ය ක්රමයේ පමණක් යෙදෙන ශාකයක් නිසා විවිධ භාෂාවලින් යෙදෙන පර්යාය නාමයන් අප්‍රකටය.
පොදු සිංහල නාමය
පුපුල වන අතර
දෙමළ බසින්
කුප්පිලායි යනුවෙන් යෙදේ.
පුපුල වල උද්භිද විද්‍යාත්මක නාමය
ඍඥපදධදඪච ඥරතචදඪජච (ඹ්) ඹ්ඥඥඵ වන අතර කුලය ඒඵබඥපචජඥචඥ (ඛ්ධථනධඵඪබඥච) හෙවත් නෘංගර්ජ කුලය වෙයි.
පුපුල ශාකයේ ඖෂධ සඳහා ගනු ලබන අංග
මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනු ලබයි.
ත ඖෂධීය ගුණ කර්ම
රසයෙන් - තිත්ත සහ කටුක වන අතර
ත වීර්යය - උෂ්ණ වෙයි
මේ නිසා වාත සහ සෙම් දෝෂ සමනය කිරීමේ ගුණය පුපුල වල ඇත.
පුපුල වල ප්‍රධාන ක්‍රියා සැලකීමේදී,
අස්ථි සංධාන, ඉදිමුම් නසන, වේදනා සමන, ලේ පිරිසුදු කරන, තුවාල පිරිසුදු කරන සහ තුවාල සුව කරන ගුණ පුපුලවල ඇත. මේ නිසා අස්ථි බිඳීම්, වාත රක්ත, ඇදුම, ගෙඩි වණ, අර්ශස්, මුඛ තුවාල, සර්ප විෂ, ගඩු පිළිකා, තුවාල, අර්ශස් සහ භඟන්දරා ආදී රෝග රාශියකට ඖෂධ ප්‍රයෝග ලෙස යොදනු ලැබේ.
පුපුල අඩංගු ඖෂධ යෝග රාශියක් අතුරින් කිහිපයක් නම්
ත පොළොං විෂ බැස්සීම සඳහා
1. පුපුල කොළ, වැල් රුක්අත්තන කොළ, යක්වනස්ස කොළ, කළුවා අල, එක පමණ ගෙන එයට කහ ලුණු දමා කොටා මලවා බඳිනු ලබයි.
2. පුපුල කොළ කොටා මිරිකා ගත් යුෂ උක් පැණි දමා බීමට දෙයි.
3. පුපුල දළු කොටා පෙරා දෙහි ඇඹුල් දමා නස්න කරයි.
4. පුපුල දළු මුත්‍රයෙන් නස්න කරයි.
ඇදුම සඳහා
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන
෴ සබැඳි ලිපි ෴
රස වගේම ගුණ සම්බන්ධ වන්නා වූ ආහාර රාශියකි. ආහාර වර්ග විස්මිත නිර්මාණයක් වනවා සේම ජීවිතයට ඉතාමත් අවැසි පෝෂක කාණ්ඩයක් ද වෙයි. එයින් අප රස නහර සේම...
2024-09-26 18:30:00
බෙල්ලේ වේදනාව අද වන විට තරුණ වයසේ සිටම ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනාට මුහුණපාන්නට සිදුවන පීඩාකාරී තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. බෙල්ලේ...
2024-09-26 18:30:00
“මොකද වසන්ත පුතා මේ පැත්තෙ. අසනීපයක්වත්ද? බෙහෙත් ගන්නද?”“අසනීපයක් නම් නැහැ වෙද මහත්තයෝ. මම ආවෙ ඔබතුමා මුණ ගැහෙන්න. මට ඔබතුමාගෙන් සුවඳකොට්ටන්...
2024-09-19 18:30:00
දිව තොල් පැලෙනවාටසමන්පිච්ච (ළා පහේ) කොළ ගෙන තලතෙලින් අඹරා දිවේ තොලේ ගානුපත්තෑ විෂට කඩුපහර , කැකුලු හාල් පානු වතුරෙන් අඹරා කෑ මුඛයේ ගානු.නින්දෙන් මූත්...
2024-09-19 18:30:00
“අම්මේ... බලන්නකෝ මේ ඇට්ටේරිය මල්වල සුවඳ. ගහ පුරාම මල් පිපිලා .පළාතම සුවදයි.“ඔව් දුවේ .ඇට්ටේරිය මල් පිපුනම හැම තැනම සුවදයි. මම ඔය ගහ හිටවල දැන්...
2024-09-12 18:30:00
“මොකද ජයසේන අත වෙලාගෙන? වැටිලා කැඩුනද...?”“ඔව් වෙද මහත්තයෝ මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා නේ වැටිලා කැඩුණේ. ඒවාට බේත් කරල හොඳ වෙලානේ තිබුණේ. ඒ වුණාට...
2024-09-05 18:30:00
“ළමයි...මොකද මේ එළියට වෙලා කරන්නේ. දැන් තියෙන්නේ ද්‍රව්‍ය ගුණ පාඩම නේද?.”යනුවෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ සිසුන් වෙත පැමිණි ජයසිංහ...
2024-08-29 18:30:00
“ගයනි අක්කේ. ඔයා මේ වෙලාවෙ වැඩක්ද?”“ඇයි පියුමි නංගි. මම මේ වෙලාවෙනම් වැඩක නෙවෙයි හිටියෙ.මොකද වුවමනාවක් ද නංගී?”“ඔව් අක්කෙ වුවමනාවකට තමයි ආවෙ....
2024-08-22 18:30:00
“සේකර මහත්තය අද උදේ පාන්දරම මොකද මේ පැත්තෙ? පත්තරේට ලිපියක් වත් ලියන්නද?”“ඔව්. ඒ අදහසින් තමයි ජයසේන මහත්තයෝ ඔබතුමා හමුවෙන්න ආවෙ. අද බෙහෙත්...
2024-08-15 18:30:00
“මොකද ඉස්කෝලේ නෝනා... දුවත් එක්ක කොහේ යන ගමන්ද?”“වෙන කොහේවත් නෙවෙයි.වෙද නෝනා මෙහේටමයි ආවෙ. මේ දුවට බේත් ටිකක් ගන්න” “ඇයි? මොකක්ද දුවට තියෙන අසනීපය....
2024-08-08 18:30:00
“මොකද සේනානි මිස් අද නිවාඩු දවසෙ උදේම මේ පැත්තෙ .අසනීපයක්වත්ද?”“අනේ නැහැ .අසනීපයක් නෙවෙයි .මම මේ වෙද නෝනා හමුවෙන්න ආවෙ. වෙන අවශ්‍යතාවයකට.”“ඇයි...
2024-08-01 18:30:00
බටහිර වෛද්‍ය ක්‍රමය මෙරටට පැමිණීමට පෙරාතුව මෙරට අතිදියුණු බලගතු පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබී ඇති බැව් පෞරාණික නටබුන්, නෂ්ටාවශේෂ ලේඛන තුඩ...
2024-08-01 18:30:00
“මොකද ගාමිණී ස්කෝලෙ මහත්තයෝ උදේ පාන්දරම . බෙහෙත් ගන්නද?”“අපේ සිරිසේන වෙද මහත්තයෝ. මම උදේම ටවුමට යන ගමන්. ඔබතුමා බේත් සාප්පුව ඇරල තියෙන නිසා නැවතුණා....
2024-07-25 18:30:00
අවසන් වසරේ ආයුර්වේද වෛද්‍ය සිසු සිසුවියන්ට ද්‍රව්‍ය ගුණ විෂයය කිරීම සඳහා පැමිණි විජිත වෛද්‍යාචාර්යතුමා දේශනය ආරම්භ කළේය.“දැන් ඔයගොල්ලෝ අවසන් වසරේ...
2024-07-18 18:30:00
සෙම් ගෙඩි නැසීමට1. සර්වවිෂාදී තෛලය බෙල්ලේ ගා පොල්තෙල් පහනකින් රත්කර ගත් බුලත් කොළයකින් තවන්න. සර්ව විෂාදි තෛලය අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම්...
2024-07-18 18:30:00
“මොකද සිරිසේන මේ ගංසූරිය අත්තක් අතේ තියාගෙන.”“නැහැ වෙද මහත්තයෝ මම මේ ආවෙ මේ ගංසූරිය ගැන විස්තර ටිකක් දැන ගන්න. මොකද අපේ ගෙදර ළඟ ගහක් තියෙනවා. ගොඩක්...
2024-07-11 18:30:00