වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ගෙඩි, වණ, තුවාල සුව කරන අගනා ඔසුව
මැයි 3, 2019
“පුපුල”
බොහෝවිට අනවශ්‍ය පැළෑටියක් වශයෙන් උදුරා දැමීමෙන් වඳවීමේ තර්ජනයට ලක්විය හැකි පැළෑටියක් නිසා තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතු ඖෂධීය ශාකයකි.
දේශීය වෙදකමේ දී ගෙඩි, වණ, පිළිකා, සර්පවිෂ, කැඩුම් බිඳුම් ආදී රෝගාබාධයන් රාශියකට බහුල වශයෙන් යොදාගනු ලබන ඖෂධ පැළෑටියක් වන පුපුල පොළොං විෂ සඳහා විශිෂ්ට ගුණදෙයි.
පුපුල ශාකය වැවෙන ප්‍රදේශ
ලංකාවට ආවේණික ශාකයක් ලෙස මෙය හැඳින්විය හැකිය. වියළි තෙත් හා අතර මැදි කලාපයේ ලඳුබිම්වල දක්නට ලැබේ. වියළි කලාපයේ හේන් සහ ගෙවතුවල වැටවල් වල සුලබව දක්නට ලැබේ.
ශාකයේ ස්වරූපය
මීටර් 1/2 සිට මීටර් 2 1/2 දක්වා උසට වැඩෙන සාමාන්‍යයෙන් සෘජු පැතිරී වැඩෙන හෝ කලාතුරකින් පැතිරී වැඩෙන පඳුරක් ලෙස දක්නට ලැබේ. මෙහි කඳ බූව සහිතව තිබී හෝ මද බූව සහිතව තිබී පසුව සිනිඳු වේ.
මෙම ශාකයේ පත්‍ර රවිකිඤ්ඤාකාර හෝ අණ්ඩාකාරය. පත්‍ර වටා දාර සහිතයි. පත්‍රවල දෙපැත්තේම බූව සහිතයි. අලංකාරවත් සුදු මල් පිපෙයි. මෙහි හටගන්නා ඵලය චර්මලයි. මෙම ශාකය මොණර කුඩුම්බිය ශාකයෙන් සහ සත්තිකායන් ශාකයෙන් වෙන්කර හඳුනා ගැනීම වැදගත් වේ.
පුපුල ශාකය පිළිබඳව විවිධ භාෂාවලින් හැඳින්වෙන නාමයන්.
මෙය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සහ දේශීය වෛද්‍ය ක්රමයේ පමණක් යෙදෙන ශාකයක් නිසා විවිධ භාෂාවලින් යෙදෙන පර්යාය නාමයන් අප්‍රකටය.
පොදු සිංහල නාමය
පුපුල වන අතර
දෙමළ බසින්
කුප්පිලායි යනුවෙන් යෙදේ.
පුපුල වල උද්භිද විද්‍යාත්මක නාමය
ඍඥපදධදඪච ඥරතචදඪජච (ඹ්) ඹ්ඥඥඵ වන අතර කුලය ඒඵබඥපචජඥචඥ (ඛ්ධථනධඵඪබඥච) හෙවත් නෘංගර්ජ කුලය වෙයි.
පුපුල ශාකයේ ඖෂධ සඳහා ගනු ලබන අංග
මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනු ලබයි.
ත ඖෂධීය ගුණ කර්ම
රසයෙන් - තිත්ත සහ කටුක වන අතර
ත වීර්යය - උෂ්ණ වෙයි
මේ නිසා වාත සහ සෙම් දෝෂ සමනය කිරීමේ ගුණය පුපුල වල ඇත.
පුපුල වල ප්‍රධාන ක්‍රියා සැලකීමේදී,
අස්ථි සංධාන, ඉදිමුම් නසන, වේදනා සමන, ලේ පිරිසුදු කරන, තුවාල පිරිසුදු කරන සහ තුවාල සුව කරන ගුණ පුපුලවල ඇත. මේ නිසා අස්ථි බිඳීම්, වාත රක්ත, ඇදුම, ගෙඩි වණ, අර්ශස්, මුඛ තුවාල, සර්ප විෂ, ගඩු පිළිකා, තුවාල, අර්ශස් සහ භඟන්දරා ආදී රෝග රාශියකට ඖෂධ ප්‍රයෝග ලෙස යොදනු ලැබේ.
පුපුල අඩංගු ඖෂධ යෝග රාශියක් අතුරින් කිහිපයක් නම්
ත පොළොං විෂ බැස්සීම සඳහා
1. පුපුල කොළ, වැල් රුක්අත්තන කොළ, යක්වනස්ස කොළ, කළුවා අල, එක පමණ ගෙන එයට කහ ලුණු දමා කොටා මලවා බඳිනු ලබයි.
2. පුපුල කොළ කොටා මිරිකා ගත් යුෂ උක් පැණි දමා බීමට දෙයි.
3. පුපුල දළු කොටා පෙරා දෙහි ඇඹුල් දමා නස්න කරයි.
4. පුපුල දළු මුත්‍රයෙන් නස්න කරයි.
ඇදුම සඳහා
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන
෴ සබැඳි ලිපි ෴
අපට ආවේණික වූ පැරැණි කල ජීවන රටාව නීරෝගිකම සෞඛ්‍ය සම්පන්න භාවය නිරායාසයෙන්ම ළං කර දෙන්නක් විය. ඔබේ ගමේ ශතවර්ෂාධිකව ජීවත් වූවන් ගැන සොයා බැලුවහොත්...
2024-07-11 18:30:00
“මොකද දුව ආවෙ... බෙහෙත් ගන්නද?” යනුවෙන් උදෑසනම තමා හමුවට පැමිණි තරුණිය ගෙන් නිශානී වෛද්‍යතුමිය විමසුවාය.“නැහැ. වෙද නෝනා මම ආවෙ බෙහෙත් ගන්න...
2024-07-04 18:30:00
“සුනෙත් මල්ලි. කොහොමද දැන් උසස් පෙළ නේද කරන්නෙ. මොකද මේ පැත්තෙ? මොනව හරි උවමනාවක් ද?”“ඔව්. සිසිල් අයියේ. මම දැන් උසස් පෙළ තමයි කරන්නේ. මම මේ දැන්...
2024-06-27 18:30:00
“නිසල්... මොකද පුතා දැන් ආයුර්වේද විද්‍යාලයේ ඉගෙන ගෙන ඉවරද?”“නැහැ. සුමිත් සර්. මේ අවසාන අවුරුද්ද. ඒනිසා වැඩ වැඩියි. දැනුත් මේ ආවෙ නිබන්ධනයකට...
2024-06-20 18:30:00
“මොකද චතුර පුතා... මේ දවස්වල විශ්වවිද්‍යාල නිවාඩුද? මොකද මේ පැත්තෙ... මොනව හරි උවමනාවකටද?”“ඔව් වෙද මාමෙ. මේ දවස්වල නිවාඩු. මම මාමව හමුවෙන්න ආවෙත්...
2024-06-13 18:30:00
දේශීය වෙදකමේ පස් තෙල්වලට හිමිවන්නේ අද්විතීය තැනකි. දේශීය වෙදකමේ පමණක් නොව ග්‍රහ ශාන්ති කර්මයන්හි ද උපයෝගී වන්නා වූ පස්තෙල්වල අන්තර්ගතය පිළිබඳ විමසා...
2024-06-13 18:30:00
ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ නිශ්ශංක මහතා සති අන්තයේ නිවෙසේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ ආයුර්වේද විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙක්...
2024-06-06 18:30:00
පොල්ගොල්ල ශාස්ත්රාරවින්දවෛද්ය විද්‍යාලයේ කථිකාචාර්යවෛද්ය මධුර පරණවිතානඖෂධ නිෂ්පාදනාගාරයක් පවත්වා ගෙන යන සේනක මහතා ආයුර්වේද වෛද්‍යවරයකු සහ...
2024-05-30 18:30:00
බත්තරමුල්ල පැළවත්තරාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර මීපැණි ශරීරගත වූ විට ඉක්මනින්ම සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ඇස්වලට, ධාරණ...
2024-05-30 18:30:00
මිනිසා සහ ඖෂධීය ශාක භාවිතය පිළිබඳ ඉතිහාසය ගසට පොත්ත මෙන් බැඳී පවතී. ශාකවල, කොළ, පොතු, මුල්, මල්, ගෙඩි යනාදී සෑම කොටසක්ම ඖෂධ සඳහා භාවිතයට ගනී. මේ...
2024-05-30 18:30:00
තම නිවස අසලම පිහිටා ඇති බෙහෙත් ශාලාවේ සිටි සුමතිපාල වෙද මහතා හමුවීමට උදෑසනම පැමිණියේ එම ගමේම පදිංචිව සිටින බැංකු නිලධාරියෙකු වූ ජගත් මහතාය. ඔහු දුටු...
2024-05-23 18:30:00
වෛද්‍ය ශිෂ්‍යයාවක වූ ජානකීට තම පාසල් මිතුරියක වූ උදේනි හමුවූයේ බොහෝ කලකට පසුවයි. කොහොමද උදේනි. ගොඩක් කාලෙකින්.ඔව්. අනේ ගොඩක් දවසකින් තමයි....
2024-05-16 18:30:00
“ඉස්කෝලේ මහත්තයෝ .බලන්නකෝ. අපේ පුතාගෙ වැඩේම පොත් කියවන එකමයි. හරියට අබිං කන්න පුරුදු වුණා වගේ. පොතේමයි ඉන්නෙ” යනුවෙන් ප්‍රදේශයේ දක්ෂ ගොවි මහතකු වන...
2024-05-09 18:30:00
මේ දවස්වල පුදුම රස්නයක් නොවැ තියෙන්නේ. දවල්ට එලියට බහින්න වත් බෑ.දාඩියෙන් ඇඟ නෑවෙනවා. වෙන කාලවලට වඩා මේ සැරේ උෂ්ණය වැඩියි වගේ කියමින් විශ්...
2024-05-02 18:30:00
පෙරා සතර නැළිගත්තු කෂායට කොට්ටම් සුවඳගත් වැල්මී ලුනාමල් සපුමල් නෙළුම්ද රේණුත් මී මල් කුළු රෑනයි ලු අඹරා යොදමින් නැවතත් නැළියට සිඳුවා පෙර මින්...
2024-05-02 18:30:00
අවුරුදු නිවාඩුවෙන් පසු බෙහෙත් ශාලාවට ගිය සේන වෙද මහතා හමුවීමට පැමිණියේ ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන සුගත් මුදලාලි ය.“මොකද මුදලාලි මහත්තයෝ...
2024-04-25 18:30:00