වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මේ දිනවල කෙසෙල් මුව බහුලයි. එනිසා කෙසෙල් මුව අහක නොදමා රසවත් මෙන්ම ගුණවත් කෑම වර්ග තුනක් කෙසෙල් මුවවලින් හදාගන්න ආකාරය අද අපි කතා කරමු.සාමාන්...
2024-04-18 18:30:00
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. බොහෝ දෙනකු අලුත් අවුරුද්දට කැවිලි සෑදීමට මහත් උනන්දුවක් දක්වති.ආයුර්වේද වෛද්...
2024-04-11 18:30:00
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංකේතාත්මක වැදගත්කමක් ඇති ආහාරය කුමක්දැයි යමකු විමසුව හොත් එකහෙළා පැවැසිය හැක්කේ කිරිබත් යන්නයි. කිරිබත් යනු සිංහල මෙන්ම...
2024-04-11 18:30:00
තම වත්තේ කෙලවර ඇති එරබදු ගසේ මල් පිපී තිබෙනු දුටු ශාන් නිවෙස බලා පැමිණියේ පියාට ඒ බව මෙසේ කියමිනි.“ තාත්තේ “ අර වත්තෙ කෙලවර තියෙන කටු තියෙන ගහ...
2024-04-04 18:30:00
සුනෙත් සහ නයනී විවාහ වී වසර දෙකක් පමණ වන අතර සති දෙකක් පමණ වයස ඇති බිළිඳියකගේ මාපියන්ය. මේ අතර තුර නයනී ට තිබූ ගැටලුව වූයේ දරුවාට ඇති තරම් දීමට...
2024-03-28 18:30:00
සියඹලා යනු අප්‍රිකානු සම්භවයක් ඇති ශාකයකි. සියඹලා සියවස් ගණනාවක සිට ශ්‍රී ලාංකික හා ඉන්දියානු ආහාර සඳහා භාවිත කර ඇත. පලතුරක් ලෙස පමණක් නොව,...
2024-03-28 18:30:00
වර්ණ බීජ කුලයට අයත් අක්කපාන නම් ඖෂධීය ශාකයේ ප්‍රභේද දෙකකි. එනම්, කොළ කුඩාවට ඝනව වැඩෙන ශාකයක් ද, කොළ ලොකුවට ඝනව වැඩෙන ශාකයක් ද වශයෙනි....
2024-03-28 18:30:00
මේ දවස් වල රතුළූණු මිල ගොඩක් අඩුවෙලා. ඒ නිසා මම වැඩිපුර ගෙනාවා. ව්‍යංජන හදල කන්නත් පුළුවන් නේ.” යනුවෙන් වෙළෙඳපොළට ගොස් පැමිණි පියා මවට පවසනු නිවස තුළ...
2024-03-21 18:30:00
මී ගස යනු අපේ රටේ තිබෙන අතිශයින්ම වටිනා ඖෂධීය ශාකයකි. ඔෂධීය ගුණයෙන් මෙන්ම කෘෂිකර්මය පැත්තෙන් ද මී මල්වල තිබෙන පල ප්‍රයෝජනය අති විශාලය. වර්තමානයේ වැඩි...
2024-03-21 18:30:00
ආයුර්වේද වෛද්‍යවරියක වූ නයනි මහත්මිය රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව තම නිවසේම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් කටයුතු කළාය. ඇයගේ...
2024-03-14 18:30:00
අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශයක ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු වශයෙන් සේවය කළ අසිත මහතා තම බල ප්‍රදේශයේ වැඩිහිටියන් සඳහා නිතර දේශන, සායන...
2024-03-07 18:30:00
හීන් අරත්ත යනු ඉඟුරුවලට සමාන අල වර්ගයකි. එය තායිලන්න ඉඟුරු ලෙස ප්‍රසිද්ධව ඇත. බොහෝ දුරට හීන් අරත්ත ආසියාතික ආහාර සඳහා භාවිතා කරන අතර තායිලන්තය,...
2024-03-07 18:30:00
ආයුර්වේද වෛද්‍ය සිසුවෙක් වූ සිදත් නිවාඩු ලැබුණු වහාම නිවසට ගියේ තම යහලුවකු වූ නිලංග සමඟයි. දෙවැනි වසරේ අවසාන විභාගය නිමා වීමෙන් පසු වහා ගමට යාමට සිතා...
2024-02-29 18:30:00
ආයුර්වේද විද්‍යාලයේ අවසාන වසරේ ඉගෙනුම ලබන ශානිකා සහ සුරනි ඉදිරි දිනවල පැවැත්වෙන අවසාන විභාගය සදහා පාඩම් කරමින් සිටියහ. එහිදි සුරනි පැවසුවේ මේ...
2024-02-22 18:30:00
අඩි පනහක් හැටක් පමණට උස වැඩෙන හැඩි දැඩි ගසක් වේ සරුවට පල දරන වැඩියෙන් කොළ ගැවැස කොළ පැහැයෙන් දිලෙන ගෙඩි ලස්සනයි දැකුමට ඇස පිය වඩන හඳුනා ගන්න එක්...
2024-02-22 18:30:00
කරාබු නැටිසෙම් පිත් සමනය කරයි. බඩගිනි වඩවයි. ආහාර රුචිය ඇති කරයි. ඛේඨ ග්‍රන්ථිවල ශ්‍රාවය වැඩි කරන බැවින් මුඛයේ වියළි බව නැති කරයි. කැස්ස, ඇදුම...
2024-02-15 18:30:00