වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
දේශීය වෛද්‍යවරයකු වන ලලිත් මහතාගේ නිවසේ මිදුලේ වැඩි ප්‍රමාණයක් වැසී තිබුණේ උඳුපියලිය වලිනි. ඔහු උදෑසන අවදිවීමෙන් පසු කරන ප්‍රථම කාර්යය වූයේ මේ...
2024-02-15 18:30:00
දේශීය සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නැතුවම බැරි උක් ප්‍රධාන වශයෙන් ආර්ථික ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිව විවිධ රටවල මහා පරිමාණයෙන් වගා කරනු ලබයි. සීනි...
2024-02-15 18:30:00
එළවළු මාළු රස කරන තුනපහවල ඖෂධීය ගුණදේශීය වෛද්‍ය ක්රමයේ මෙන්ම ආයුර්වේදයේ ඖෂධාලය හෙවත් ෆාමසිය ලෙස හඳුන්වන්නේ මුළුතැන්ගෙයයි. බටහිර වෛද්‍ය ක්රමයේ...
2024-02-08 18:30:00
උසස් පෙළ අධ්‍යාපනය හදාරන මිතුරන් දෙදෙනෙකු වූ සමීර සහ දේශාන් පෞද්ගලික පන්තියකට සහභාගි වී ආපසු නිවෙස් බලා ඒමට පිටත්යේ දැඩි අව් රශ්මියට මුහුණ දීමෙන් ඇති...
2024-02-08 18:30:00
දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රංගන පාසලෙන් ඉවත් වූ පසු පෞද්ගලික බැංකුවක රැකියාවක නියුතු වූ අතර එයට අමතරව ක්‍රීඩා සමාජයකට බැඳි ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත...
2024-02-01 18:30:00
ශ්‍රී ලංකා වාසී අපට ජලයෙන් එතරම් ප්‍රශ්නයක් නැත. ඒ පානයට අවශ්‍ය ජලය පහසුවෙන් ලබා ගත හැකි නිසයි. අප පිපාසයට පානය කරන ජලය පිරිසුදු හා විෂබීජ රහිත විය...
2024-02-01 18:30:00
පියල් ගුරුවරයෙකි. තම ගමෙන් පිට දුෂ්කර ප්‍රදේශයක කලක පටන් සේවය කරන ඔහු ගමට පැමිණෙන්නේ මසකට වරක් ය.අවිවාහකයෙකු වූ පියල් ජීවත්වූයේ තම මව සමඟයි. එසේ...
2024-01-25 18:30:00
ස්වස්ථතා සංරක්ෂණයට අත්‍යවශ්‍ය උපදේශ රාශියකින් යුත් “වෙද කවි පබාව“ ක්‍රි.ව. 1933 වැන්නේ දී, මලවැන්නේ කවිධජ ස්වාමීන් වහන්සේ විසින් පබඳින ලද්දකි. පෙර...
2024-01-25 18:30:00
කැල්සියම් පොස්පරස්, මැග්නීසියම් සහ සින්ක්වැනි ශරීරයට අත්‍යවශ්‍ය ලවණ වර්ග මෙන්ම විටමින් ඒ, විටමින් බී ද අඩංගු එළකිරි වීදුරුවකින් කැල්සියම් අවශ්‍යතාවය...
2024-01-25 18:30:00
අවසන් වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකු වූ සිතාරා සහ ජයනි එදින පාඩම් කරමින් සිටියේ ඖෂධීය ශාක පිළිබඳ කරුණු ගැනයි. එහිදී ඖෂධීය මෙන්ම...
2024-01-18 18:30:00
මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය නිසා දක්ෂ ගොවි මහතකු වූ පියදාස සිටියේ මහත් කනස්සල්ලෙනි. ගොවියකු වගේම දැඩි පරිසර හිතකාමියකු වූ ඔහු තවත්...
2024-01-11 18:30:00
“ආයුබෝවන් නලින් මහත්තයා. ඉදගන්න. මොකක්ද මගෙන් කෙරෙන්න ඕන” යනුවෙන් සුසිල් මහතා නලින්ට පැවසීය.“සුසිල් මහත්තයා. මට... ලිපියක් හදන්න අවශ්‍යයි. දැන් තියෙන...
2024-01-04 18:30:00
උණ, අතීසාර සූතිකා ශීතල සන්නි සෙම් වා ආදී රෝග රැසකට ගුණ දෙන සීතාරාමය මහඟු ඖෂධයකි. අතපය දළදඬුවී හුස්ම උඩට ඇල්ලීම, වායු කිපීම ආදී රෝගයන්ට ද...
2024-01-04 18:30:00
රණවරා වියළි මල්, පුෂ්ප හා අංකුර තම්බාගත් ඖෂධීය ජලය පානය කිරීමටත් එම ජලයෙන් ස්නානය කිරීමටත් එදා මෙන් අදත් කාන්තාවන් දැඩි උනන්දුවක් දක්වන්නේ එසේ...
2023-12-28 18:30:00
පාසලේ උසස් පෙළ පංතියේ ඉගෙනගන්නා වෙනුර දක්ෂ මලල ක්‍රීඩකයකු විය. දිනක් සවස පුහුණුවීම්වල නිරතව සිටින විට තම යහලුවෙකු ඇඟේ හැපීම නිසා වීසි වී ගොස් බිම ඇද...
2023-12-28 18:30:00
දෙවැනි වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයකු වූ ජනකට නිබන්ධනයක් සඳහා “සේපාලිකා” ශාකය ගැන කරුණු ටිකක් හැදෑරීමට අවශ්‍ය විය. ඒ සඳහා ද්‍රව්‍ය ගුණ පිළිබඳ...
2023-12-21 18:30:00