වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
සුබසෙත සුවසෙත
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/5_69.jpg?itok=DT0qnaba)
කේ. එස්. ආර්.ද සිල්වා - වාරියපොළ
ප්‍රශ්නය
වෛද්‍යතුමනි
හතළිස් හතර වියෙහි පසුවන මා වාරියපොළ පාසලක ගුරුවරයෙකි. සති දෙක තුනක සිට ආහාර ගත් පසු ක්ෂණිකව වැසිකිළියාමය සිදුවනවා. වෙනදා තිබුණ කාර්යක්ෂමභාවයත් නැහැ. නිතරම කටට කෙළ උනනවා. ශරීරයත් දුර්වල තත්ත්වයට පත්වී ඇති බවක් පෙනෙනවා. සමහරදාට ටික ටික වැසිකිළි යාමට සිදුවෙනවා. වරක්, දෙවරක් ඉංගී‍්‍රසි බෙහෙතුත් ගත්තා. කිවයුතු සුවයක් නැහැ. එම නිසා ඔබතුමාගෙන් ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙමි.
පිළිතුර
මේ රෝගී තත්ත්වය විස්තරාත්මකව දැන ගෙන ප්‍රතිකාර ලබාදිය යුතුයි. එම නිසා ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. එතෙක් මෝරු පානය කිරීම, මුං ඇට තම්බා පෙරාගත් වතුර පානය කිරීම, ඊට දෙළුම් යුෂ මිශ්‍ර කර බීමද ගූණදායකයි.
කේ.යූ. මනෝරි- කොටිකාවත්ත
ප්‍රශ්නය
වෛද්‍යාචාර්යතුමනි
තිස් දෙහැවිරිදි මා පරිපාලන සේවයේ නිලධාරිනියකි. සමහර දිනවල සේවයේ යෙදී සිටින අවස්ථාවලදී කැරකැවිල්ල එනවා. දහඩිය දැමීමත් අධික ලෙස පවතිනවා. ඇගේ දැවිලි ගතියකුත් එනවා. ඇඹුල් රසය උගුරට එන ගතියකුත් පවතිනවා. ඉඳහිට වමනයටත් එනවා. වෛද්‍යතුමනි මේ තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාරයක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
පිළිතුර
ලබාදී ඇති විස්තරය අනුව නම් ඇති වී තිබෙන්නේ අජීර්ණයක් බව සඳහන් කළ හැකියි. මෙවැනි තත්ත්වයක් පවතින්නේ පිළුණු වූ ආහාර ගැනීමෙන් එකිනෙකට විරුද්ධ වූ ආහාර ගැනීමෙන් හා රාත්‍රි කාලයේදී නිදි නොලබා සිටීමෙන්ද වේ. මල මුත්‍ර වේග දරා සිටීමත් හේතුවකි. එබැවින් උණුදිය පානය කිරීම සුදුලූණු බික් දෙක තුනක් පුළුස්සා කෑමත් සුදුසුයි. එමෙන්ම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුත්තේ පවතින රෝගාබාධ ගැන තවදුරටත් විමසා බලා ප්‍රතිකාර ලබාදිය යුතු බැවිනි.
සාවිත්‍රි පෙරේරා- කඩවත
ප්‍රශ්නය
වෛද්‍යතුමනි
රෙදිපිළි හා විසිතුරු බඩු වෙළෙඳ ආයතනයක සේවය කරන මා අවුරුදු විසිඅටක් වූ තරුණියෙක්මි. පැහැපත් සමක් පිහිටි මගේ මුහුණද ලස්සන බවක් පෙන්නුම් කරයි. දවස් කිහිපයක සිට මුහුණේ පෙනුම අවම කරමින් ඇස් යට කම්මුල දෙපස කළු වර්ණවත් බවක් මතු වී ඇත. මේ නිසා මළානික බවක් පවතින බව පෙනේ. ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මුහුණේ ලස්සන ඇතිකර ගැනීමට උපදෙස් හෝ ප්‍රතිකාරයක් දෙන ලෙසය.
පිළිතුර
සමහර විට මෙවැනි රෝගී ලක්ෂණ විටමින් අඩුකම නිසාත් ඇතිවන අතර සමේ රෝගයක් නිසාත් ඇතිවෙනවා. කෙසේ නමුත් ප්‍රථමයෙන් ලේ පිරිසුදු කරන ප්‍රතිකාර ලබා දිය යුතුය. එබැවින් දෙළුම් සකස්කර බීම හා දෙළුම් කෑම ගුණදායකයි. එමෙන්ම කැරට්, වට්ටක්කා වැනි කහපාට එළවළු හා කහපාට පලතුරු කෑමත් ගුණදායකයි. ටික දිනක් ක්‍රීම් වර්ග මුහුණේ ආලේප කිරීමෙන් වළකින්න.
නිශාන්තිද අල්විස් - කපුගම
ප්‍රශ්නය
වෛද්‍යතුමනි
විසි අට හැවිරිදි මම මැහුම් ආයතනයක පරිගණක සේවිකාවක් ලෙස සේවය කරන කාන්තාවකි. සේවය නිමවා නිවෙසට පැමිණි සෑම දිනකම සවස හතට පමණ ස්නානය කිරීම හෝ ඇඟ සෝදා ගැනීම සිරිතක්. ඒත් දැනට සති දෙකක සිට එසේ ඇල්දියෙන් ස්නානය කළ විට විනාඩි කිහිපයක ගත වන විට මගේ වම් අතේ වැලමිට පහළ අතේ දැඩි වේදනාවක් ඇතිවෙනවා. එසේ වන්නේ වම් අතේ පමණය. එසේ වන්නේ කුමක් නිසාදැයි නොදනිමි. මේ රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමට බෙහෙතක් ලබා දෙන්න.
පිළිතුර
අත දැඩි ලෙස වෙහෙසට පත්වන විට අතේ මෙවැනි වේදනා තත්ත්වයක් ඇතිවෙනවා. සමහර විට වැලමිට සන්දියේ අස්ථියේ තෙරපීම නිසාත් වේදනාව ඇතිවේ. වැලමිට නැවෙන දිග හරින විටත් ඇතිවන වේදනාව එක් අතක පැවතියත් අනෙක් අතටත් ඇති විය හැකියි. රෝගී තත්ත්වය උරහිසටත් ඇති වීමට ඉඩ ඇත. මෙවැනි රෝගී තත්ත්වයකදී වඩාත්ම ක්‍රියාත්මක වන්නේ වම් අත බව කීවත් දකුණු අතේ සම්බන්ධතාවයක් පැවතිය හැකියි. සියලු කරුණු විමසිල්ලට ගෙන අත පරීක්ෂා කිරීමෙන් පසුවයි ප්‍රතිකාර කළ යුත්තේ. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුය.
මාලනී පෙරේරා - බුලත්කොහුපිටිය
ප්‍රශ්නය
තිස්තුන් හැවිරිදි මා ළඟදී විවාහවීමට තීරණය කර ඇත. මගේ මුහුණේ මෑතක සිට කුරුලෑ හටගෙන මුහුණ අවපැහැගැන්වී ඇත. ලොකු, පොඩි වශයෙන් කුරුලෑ කිහිපයක්ම ඇත. සමහර කුරුලෑ මිරිකුවාම සුදු පැහැ ගොරෝසුවට ඉස්ම පිටවෙනවා. කරුණාකර මුහුණේ මතුව ඇති කුරුලෑ සුවකර ගැනීමට ප්‍රතිකාරයක් සඳහන් කරන්නේ නම් ස්තූතියි.
පිළිතුර
මේ තත්ත්වයට මුහුණ පත්වන්නේ යම් යම් ආලේප වර්ග මුහුණේ ගෑම නිසයි. ශරීරගත උෂ්ණය නිසාත් රත්පිත නිසාත් කුරුලෑ හටගත හැකියි. මුං ඇට පිටි, අමුකහ, කොහොඹ දලු, සුදුහඳුන්, වෙනිවැල් එක පමණට ගෙන ඇල්වතුරෙන් අඹරා මුහුණේ ගාන්න. එය කුරුලෑ මත හොඳට ගාන්න. කොකුම් පොතු, කොහොඹ පොතු, පොල් සමඟ අඹරා කුරුලෑ මත ආලේප කරන්න. කොහොඹ දලු, සියඹලා කොළ ටික ටික ගෙන තම්බා අඹරා මුහුණේ කුරුලෑ මත ගාන්න. කලාඳුරු අල ඇල්දියෙන් අඹරා කුරුලෑ මත ගාන්න. සුවය ලැබේ.
පි‍්‍රයමාලි ද සිල්වා - අහංගම
ප්‍රශ්නය
තිස් දෙහැවිරිදි මම සාමාන්‍ය හැඩයකින් සිරුරක් ඇතිව පි‍්‍රයමනාප මුහුණකින් යුක්තව සිටියෙමි. නමුත් මේ ටික දිනක සිට මගේ සිරුර වැහැරෙන බව පෙනේ. මගේ පි‍්‍රයමනාපභාවය ද එන්න එන්නම අඩුවෙමින් පවතී. කලින් පැවැති සතුට විනෝදකාමී තත්ත්වය දැන් ඇත්තේම නැත. කෙමෙන් කෙමෙන් සිතටද නිදහසක් නැත. වෛද්‍යතුමනි මේ කරුණු සැලකිල්ලට ගෙන ප්‍රතිකාරයක් දෙන්න.
පිළිතුර
සිරුර නීරෝගිව තබා ගැනීමට පළමුකොට කළ යුත්තේ හැකි පමණ ජලය පාවිච්චි කිරීමයි. සිරුරෙහි ඇති සෑම සෛලයක්ම නීරෝගිව තබමින් එහි හැඩය රැක ගැනීමට බෙහෙවින්ම අවශ්‍ය වන්නේ ජලයයි. පැණිබීම වර්ග හෝ ක්ෂණික බීම වර්ග සිරුරට ඉතාම අහිතකරයි. පැණිබීම වර්ග හා ක්ෂණික බීම නිසා සිරුරේ සීනි මට්ටම ඉහළයයි. රුව රැක ගැනීමට අවශ්‍ය නම් අධික ලුණු, භාවිතයෙන්ද වැළකී සිටිය යුතුªයි. ව්‍යාංජන සකස් කිරීමේදී අධික ලෙස තුනපහ එක්කිරීම ද සුදුසු නැත. ආහාර ගැනීමේදී සෝස්වර්ග, අච්චාරු, ලුණු දෙහි වගේම උෂ්ණාධික ආහාරවලින්ද, වැළකීම රුව අලංකාරයට හේතුවකි.
අලුත් එළවළු, පලතුරු ආහාරයට ගත යුතු අතර සුලුවෙන් හෝ ව්‍යායාමයක යෙදෙන්න. සුඳුහඳුන් ඇල්දියෙන් පත්තුවක් මෙන් සාදා මුහුණේ වගේම සිරුරෙහි ගා ස්නානය කරන්න. අමුකහ ඇල්දියෙන් ගලගා ස්වල්ප වේලාවක් සිට ස්නානය කරන්න. දහවල් නිදා ගැනීම හා නිදිවැරීම නොකළ යුතුය. තෙල් බැදුම් හා තෙම්පරාදු කර කෑමෙන් වළකින්න.