සියලු ආරක්ෂාවට අගනා මන්ත්‍රයක

ඔක්තෝබර් 18, 2024

බියක්, සැකයක්, අවිශ්වාසයක් ඇති වූ විටෙක පළමුවෙන්ම කළ යුත්තේ ඒවා දුරුකර ගැනීමය. එවන් අවස්ථාවලදී අදෘශ්‍යමාන බලවේගවල පිහිට කොතෙකුත් තිබේ. ඒ යන්ත්‍ර මන්ත්‍රවල පිහිටයි. පුරාණයේ සිටි භූත වෛද්‍යවරුන් භාවිත කළ මහානුභාසම්පන්න මන්ත්‍රයක් මෙන්න.

ඕං හී‍්‍රං ශ්‍රීං බුද්ධ රාජයා නමඞ
ඕං හී‍්‍රං ශ්‍රීං ධම්ම රාජයා නමඞ
ඕං හී‍්‍රං ශ්‍රීං සංඝ රාජයා නමඞ
ඕං හී‍්‍රං ශ්‍රීං විෂ්ණු රාජයා නමඞ
ඕං හී‍්‍රං ශ්‍රී ක්‍රතේෂ්වර රාජයා නමඞ
ඕං හී‍්‍රං ශ්‍රීං නාතේෂ්වර රාජයා නමඞ
ඕං හී‍්‍රං ශ්‍රීං පත්තිනි රාජයා නමඞ

ප්‍රතිඵල - බිම පතිත නොවන සේ සුබ හෝරාවකින් කඩාගත් රන් තැඹිලි තෙල් පිරිසුදුව සකස් කරගෙන 3308 වරක් ඉහත සඳහන් මන්ත්‍රයෙන් ජීවම් කරගෙන උදේ, සවස තෙල් ස්වල්පයක් හිස ගැල්වීමෙන් පුදුමාකාර සුබපල අත්වේ. මෙය නිරතුරුව භාවිත කිරීමෙන් තමා කරා එන සියලු අදෘශ්‍යමාන බලවේග දුරුවී සියලු ආරක්ෂාව සැලසේ.

සර්ව ආරක්ෂාවට

(විෂ්ණු ආලෝක දැහැන)

සම්මී සම් ඕං නීලර්ක වනිඞ යඞ සේනා සෝමා යෝ නරං එර්දි මණ්ඩලං කානසී වනීයං සෝය යං ඉදිරිසි වන් හරේ දීබං වදිඞ ඕං කොවිලඞ මං දි දී මම කිස් එර්දියං යඞ යං කොම ඒ එර් දීර කීස් මං වං වනේ කීලයං නගර යෝ දේව වඞ

ක්‍රමය - උදේ සවස භාවිත කිරීමෙන් සර්වාරක්ෂාව ලැබේ. ඇස්වහ, කටවහ, හදි හූනියන් නොවදී. යක්ෂ භය නොපෙනේ. ශි‍්‍රයාවට- අඳින වස්ත්‍රයට ඉහත මන්ත්‍රය 108 වරක් කියා ඇඳ ගන්න.

ඇස්වහ කටවහට

(ශ්‍රී විෂ්ණු දැහැන් හත)

ඕං නමෝ ඉක්කුඩ යේරුන් මුක්කුඩ නේයුම් මුළුත්තු කොන්න නාතේ ශ්‍රී විෂ්ණු නාරායනේ නමඞ

ඕං අවර ඉරයුං තේවර කොන්ඩුම් නානේ කල්ලීප් පූඩය බ්‍රහ්ම විෂ්ණු නාරායනේ නමඞ

ඕං ඊශ්වර කෙන්නේන් සුර නාම සුරේන්ද්‍ර මනිමකුට කිරණ විභුෂණ විෂ්ණු නාරායනේ නමඞ

ඕං ත්‍රීභුවන භවණ ගණපති කව්මාරි පේයුම් පුලයේරු කොන්ඩුම් ශ්‍රී විෂ්ණු නාරයනේ නමඞ

ඕං ඊශ්වර කොන්ඩේන් මහේෂ්වර කොන්ඩේන් සුරනාම නාරායනේ නමඞ

උර්ලාඩි ගිනි කාලි කයි කඩ ඉරයුම් මුප්පත්තු මුක්කෝලං අවරගිනි සුං සැර විෂ්ණු ගිනි දරණ නාරායනේ නමඞ

ඕං ශ්‍රී විෂ්ණු අඩ විෂ්ණු මුළු විෂ්ණු දෙමළ විෂ්ණු සුර අසුර ජල දේව ගුරු නාරායනේ නමඞ

ක්‍රමය - අලුත් ළිඳකින් පැන්ගෙන නැවුම් කළයට කපුඇට, වී, අබ, අගුරු, පස්ලෝ දමා අලුයම දෙහි අත්තක් දමා 108වර මතුරා වේල් තුන පැන් බී මූණ සේදීම, නිවෙස වටේ ඉසීම වහා සුබ ලැබේ.

සෑම දේකින්ම ජය ලැබිය හැකි සත්‍යක්‍රියාවක්

මෝහන්ධකාර සම්මෝහ ලෝකේ මෝහ විද්වංසනං දීපාලෝකේන පූජේමි සම්බුද්ධං ලෝක පූජිතං සංසාර සින්දු තරණං ඛේමං නිබ්බාන ගාමිනිං දීපාලෝකේන පූජේමි සද්ධම්මං ජින දේසිතං සද්ධම්ම රාජ තනුජං සෙට්ඨං අරිය පුග්ගලං දීපාලෝකේන පූජේමි පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං

 

ඔබ පංචශීලයේ පිහිටා අලුයම් කාලයේ දී ඊශාන දෙස බලා තුනුරුවන් උදෙසා පහනක් දල්වා වත්පිළිවෙත් කර ඉහත ගාථාව 21 වතාවක් කියා තමාගේ යහපත් අභිප්‍රායන් ඉටු වේවායි යනුවෙන් සත්‍ය ක්‍රියා කරන්න. එම ගාථාවෙන් රන් තැඹිලි තෙල් 108වරක් පේකර මාසේ පෝය දිනෙක පුද සත්කාර කරන බෝධියක් ළඟ එම තෙල්වලින් පහන් දල්වා සමන්පිච්ච මල් පූජා කර දෙවියන්ට පින් දී තමාට ඇති වී තිබෙන කායික, මානසික පීඩාකාරී බාධාවන් දුරු වී යහපත්, ආලෝකයක් තම ජීවිතයට උදා වේවායි සිතා සත්‍ය ක්‍රියා කිරීමෙන් විපුල ප්‍රතිපල ලබා ගත හැකි වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.