අරාබි ක්‍රමයේ කඩලවල ආයුර්වේද ගුණ

මාර්තු 1, 2024

 

විශිෂ්ට ආදේශකයක්

ආසියාවේ සෑම රටකම පාහේ කඩල ආහාරයට ගනු ලබයි. ප්‍රෝටීන් සහ තන්තුවලින් පොහොසත් ආහාර ප්‍රභවයක් වන කඩල නිර්මාංශ හා වේගවත් ආහාර වේලක් ලෙස හැඳීන්විය හැකිය. කඩල මස් සඳහා විශිෂ්ට ආදේශකයක් වේ. එමෙන්ම කඩල මිනිස් සිරුරට ඛනිජ හා විටමින් ද සපයයි. එහි ඇති ප්‍රෝටීන් හා තන්තු නිසා ආහාර රුචිය කළමනාකරණය කිරීමට සහ ආහාර දිරවීම වැඩි දියුණු කිරීමට ප්‍රයෝජනවත් වේ. කඩලවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සමේ සෞඛ්‍ය පවත්වාගෙන යාමට මහත් රුකුලක් වේ.

ලෙඩ සමනය කිරීම

ශරීරයේ බර පාලනයට මෙන්ම දියවැඩියා රෝගීන්ට ද කඩල ප්‍ර යෝ ජනවත් වන්නේ කඩල මඟින් ඔවුන්ගේ ඉන්සියුලින් ශ්‍රාවය වැඩිකිරිමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන බැවිණි. මෙයට හේතුව අනෙකුත් රණිල කුලයේ ධාන්‍යවර්ගවලට සාපේක්ෂව කඩලවල ග්ලයිසමික් (ට්තරජඥථඪජ) ප්‍රතිශතය වෙනස්වීමයි. කඩලවල ඇති කාබෝහයිඩ්රේට් නිසා එහි ගුරු (බර) ගුණය සෙමින් අවශෝෂණය වෙයි. එවිට එහි ප්‍රතිපලයක් ලෙස කඩල ආහාරයට ගැනීමෙන් පසු ග්ලූකෝස් මට්ටම ඉහළ යාමක් සිදු නොවේ.

එලෙසම මෙහි ප්‍රතිඔක්සිකාරක හා ලිපිඩ අඩුකිරීමේ ගුණ නිසාම හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුකරයි.

කඩල පිසීමේ නිවැරැදි ක්‍රමය

කඩල වතුරේ පොඟවා නොගෙන එකවරම තැම්බීම හෝ එකවරම තෙලට දමා බැදීම සුදුසු නොවේ. එවිට එම කඩල ආහාරයට ගැනීමෙන් ශරීරයේ වායුව වැඩිවීම හෝ බඩ පිපීම සිදුවිය හැකියි. අනිවාර්යයෙන්ම කඩල වැනි ධාන්‍ය වර්ගයක් පිස ගැනීමේදී ජලයේ පොඟවා ගැනීම වැදගත් වෙයි. කඩල ආහාර සඳහා සකස් කිරීමේ දී රැයක් පෙ‍ඟෙන්නට තබා පසුදින කඩල හොඳීන් තම්බා ගැනීම වැදගත් වෙයි. කඩල සලාදයක් ලෙස, ව්‍යාංජනයක් ලෙස , පාන්වල දවටා කෑමට, බයිට් වර්ගයක් ලෙස මෙන්ම කැඳ, මැල්ලුමක් ලෙස හෝ එළවළුවක් සමඟ පිස ගැනීමද සිදු කළ හැකිය.

කඩලවල ඖෂධීය වටිනාකම

සිරුරේ ශරීර ශක්තිය ඇති කරන අතර ධාතු ශක්තිය ද වර්ධනය කරයි. විශේෂයෙන්ම ක්‍රීඩාකරන්නන්ට විශේෂ ගුණ දෙන ආහාරයකි. අස්ථි ආවරණ පටක පෝෂණයට ඉතා ගුණදායකය. එහෙත් ආහාර දිරවීමට අපහසු අයට කඩල සුදුසු නොවේ.

කෙසේ නමුත් කඩල යනු පහසුවෙන් සකසා ගත හැකි නිර්මාංශකයනට ගුණදායක ශරීර සෞඛ්‍යයට යහපත් ආයුර්වේදයේ අඩංගු ෂඩ් රසම අඩංගු ආහාරයක් ලෙස හැඳීන්විය හැකිය.

කඩලවලින් රසවත් කෑමක්

හුමූස් (Hummus) සකසමු.

හුමූස් යනු මැදපෙරදිග අරාබි රටවල් හි සැකසෙන ප්‍රසිද්ධ කෑමවර්ගයකි.

අවශ්‍ය ද්‍රව්‍ය-

තල ඇට ග්රෑම්100ක්

ලෙමන් ගෙඩියක යුෂ

සුදුළුණු බික් 4ක්

තම්බපු කඩල ග්රූම් 500ක්

තල තෙල් තේහැඳී 3ක්

කොත්තමල්ලි, මිංචි හෝ කරපිංචා කොළ ස්වල්පයක්

සූදුරු තේ හැඳී1ක්

ලුණු ස්වල්පයක් ( අවශ්‍ය පමණ)

ගම්බිරිස් ස්වල්පයක්

ජලය ස්වල්පයක්

සකසක ක්‍රමය-

පළමුව තල ඇට ලෙමන් යුෂ දමා හොඳීන් බ්ලෙන්ඩර් කර ගන්න. එයටම තම්බාගත් කඩල සමඟ අනෙකුත් සියලුම ද්‍රව්‍යයන් යොදා ක්‍රීම් වනතුරු හොඳන් බ්ලෙන්ඩර් කර ගන්න. ක්‍රීම් ගතිය මදිනම් ජලය ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගන්න.

ඉන්පසුව ක්‍රීම් වූ මිශ්‍රණය භාජනයකට දමා එයට ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු ස්වල්පයක් ඉසින්න. තල ඇට ස්වල්පයක් හා තල තෙල් ස්වල්පයක් ද දමා ගන්න. මෙය ක්‍රීම් එකක් ලෙස පාන් සමඟ තවරා ආහාරයට ගත හැකිය. එලෙසම සැන්විච්වලට මෙන්ම පෑන්කේක් පිරවුම සඳහා ද යෝග්‍යය. පාන් ටෝස්ට් කර ඒමත තවරා ආහාරයට ගැනීම ද රසවත්වෙ.් බර්ගර් සඳහා මෙන්ම මෙයොනිස් සෝස් සඳහා විකල්පයක් ලෙසින් ද මෙය භාවිතයට ගත හැකිය. නිර්මාංශ පුද්ගලයින් සඳහා ඉතා ගුණදායක ආහාරයක් ලෙස මේ හුමුස් හැඳීන්විය හැකිය.

 

උපදෙස්-

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.