ආමාශගත රෝග

උදරයේ මේද මට්ටම අඩු කර ගැනීම හා අධික තරබාරුවට පිළියම්
අගෝස්තු 28, 2020

අද සමාජයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බහුල වශයෙන් පීඩා විදින රෝගයක් ලෙස උදරයේ මේදය වැඩි වීම නිසා හටගනු ලබන උදරය ඉදිරියට නෙරා ඒම දැක්විය හැකි ය. මෙම රෝගය වැළඳුණු පසු තම තමන් හට එදිනෙදා දෛනික කටයුතු පවා පහසුවෙන් ඉටුකර ගත නොහැකිව මානසිකව පීඩා විඳින තත්ත්වයකට පත්වීමට බොහෝවිට සිදු වනු ඇත. 

තික්ත රසයෙන් යුතු ආහාර උදරයේ මේද අඩු කිරීමට පහසුවෙන් යොදා ගත හැකි ය. තන්තුමය ආහාර ද මේද බැහැර කිරීමට ආධාර වේ. ත්‍රිපලා වැනි සරල විරේචන මගින් වැඩි මහත අඩු කළ හැකි ය. යෝගා අභ්‍යාසවල යෙදීමෙන් ද මෙවැනි උදරයන් මට්ටු කිරීමට යොදා ගත හැකි ය. 

උදෑසන අවදි වී මුලින්ම මද උණුසුම් ජලය කෝප්පයක් පානය කිරීම, වාඩිවී නැගිටින හැම අවස්ථාවකම ජලය පානය කිරීම මගින් කෙනෙකුට සෑහෙන ප්‍රමාණයකින් උදරය අඩු කර ගැනීමට පුළුවන. 

පැණි රස, කිරි රස, වගේම ලුණු රස ද උදරයේ මේද මට්ටම ඉහළ යවන හෙයින් එම ආහාර අඩුවෙන් ගැනීමට පුරුදු විය යුතුයි. 

දිවා ආහාරයෙන් පසු නිදා ගැනීමෙන් වැළකීම ද උදරය අඩුකර ගත හැකි තවත් ක්‍රමයකි. 

අඹරා ගත්, කුරුඳු, ඉඟුරු, ගම්මිරිස්. කෑම රස කිරීමට යොදා ගන්න. 

ඇවිදීම, පිහිනීම, උඩ පැනීම, උදරය අඩු කර ගැනීමේලා නියම ව්‍යායාම වේ. දිනකට දෙවරක් ඇවිදීම, සිනාසීමේ චිකිත්සාව ,මේදය අඩු කර ගැනීමට යොදා ගත හැකි ය. මිනිත්තු 30 -35 බැගින්  දිනකට දෙවරක් ඇවිදීමට හැකි නම් ඉතා ඉක්මනින් සිහින් උදරයක් හිමිකර ගැනීමට හැකිවනු ඇත. 

මී පැණි මේස හැන්දක්, තිප්පිලි කුඩු තේ හැදි කාලක්,හොඳින් මිශ්‍ර කර පල්පයක් සාදාගෙන පළමු සතියේ මේ පල්පය සෑම උදෑසනකම හිස්බඩ කෑමට  ගන්න. දෙවැනි සතියේ දී රාත්‍රී කෑමට පැයකට පෙර හා උදෑසන හිස්බඩ කෑමට ගන්න. තෙමසකින් සිහින් උදරයක් ලබා ගත හැකි ය.

කරපිංචා වැඩි දෙනෙක් යොදා ගන්නේ ආහාර රස හා සුවඳ ගැන්වීමටයි. එහෙත් කරපිංචා සතුව උදරයේ මේද අඩු කරන ගුණයකුත් ඇති බව බොහෝ දෙනෙක් නොදනිති. කරපිංචා කොළ 8-10 ක් අඹරා පෙරා උදෑසන පානය කිරීම ද උදරය අඩු කර ගැනීමට කළ හැකි තවත් පිළියමකි. 

කුළුබඩුවක් වන දුරු දින 20 කින් උදරයේ මේද අඩු කිරීමට  උපකාරීවන බව එතරම් කිසි කෙනෙක් නොදනිති. විශේෂයෙන් කළුදුරු , සූදුරු , මහදුරු වැනි දුරු වර්ග වලින් උදරයේ මේද පහසුවෙන්ම අඩු කළ හැකි ය. දිනපතා සූදුරු පානය කිරීම විශ්මජනක ප්‍රතිඵල අත් කර දෙවන්නකි. 

දුරු මේස හැඳි දෙකක් භාජනයක දමා රැයක් පුරා තබා උදේට තම්බන්න. දුරු පෙරා ගත් ජලයට ලෙමන් ගෙඩි භාගයක යුෂ එක් කරන්න. උදෑසන හිස් බඩට එම මිශ්‍රණය පානය කරන්න. සති දෙකක් මෙසේ පානය කිරීමෙන් ඔබේ උදරය ශීඝ්‍රයෙන් අඩු වනු ඇත. 

සූදුරු කුඩු ග්‍රෑම් 05 ක් යෝගට් සමඟ දිනපතා කෑමට ගන්න. සූදුරු ග්‍රෑම් 3 ක්  ඊට මී පැණි බින්දු කිහිපයක් දමා පානය කරන්න. රතු කැකුළු පිසීමේදී සූදුරු ඇට ස්වල්පයක් ද එක් කරන්න. සූදුරු සතුව අහිතකර කොලොස්ටරෝල් සිරුරට උරා ගැනීම අඩු කිරීමේ හැකියාවක් ද ඇත. 

වතුර කෝප්ප එකක මිංචි කොළ 7-8 ක් මිනිත්තු 30 ක් තම්බා ගන්න. ඉන්පසු සිසිල් වන්නට හැර මී පැණි තේ හැන්දක් ද ගම්මිරිස් ස්වල්පයක් ද එක් කරන්න. දිනකට තෙවරක් පානය කරන්න. 

කරපිංචා නැටි, වියළි ඉඟුරු, කුරුඳු පොතු, සුදුලූණු, ගොරකා, කලුදුරු කලං 2 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා උදේ සවස සහිද ලුණු දමා බොන්න . 

අධික තරබාරුව පිළිබඳව විමසා බැලීමේදී එය රෝගයන් රැසකට හේතු කාරක වෙයි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, සන්ධි රෝග, ආඝාතය වැනි බරපතළ රෝග ගණනාවක් ඇතිවීමේ අවදානමකින්ද යුක්තයි. මෙම තත්ත්වයන් හේතුකොටගෙන අධික තරබාරුව අකල් මරණයටත් හේතු විය හැකියි. 

විශේෂයෙන් කාන්තාවනට තරබාරුව හේතුවෙන් මද සරු බවටද, ඔසප් දෝෂ ඇතිවීමට ද හැකියාව පවතී. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.