හිසරදය හිසරදයක් කර නොගන්න

අගෝස්තු 30, 2019

කෝමාරිකා, කූරමුල්, මුගුණුවැන්න, අරළු, නෙල්ලි, ඉඟිනි ඇට, සියඹලා දළු, සුදුහඳුන් මේවා තැඹිලි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.

නික දලු, බෙලි දලු, එළකිරෙන් අඹරා නළලේ පැලැස්තරයක් දමන්න.

රසකිඳ, දේවදාර ග්‍රෑම් 15 බැගින් ගෙන වතුර කෝප්ප දෙකක් දමා හොඳට නටන තෙක් තම්බා ගන්න. එය උක් හකුරු සමඟ බොන්න. මෙය පිතෙන් හටගන්නා හිසරදය සම්බන්ධව වඩාත් වැදගත් වේ.

හාතාවාරිය අල හොඳින් කොටන්න. එළකිරෙන් අනා නළලට පැලැස්තරයක් දමන්න.

ආඩතෝඩ කොළ,යක්නාරං, දෙහි ආදී පැගිරි වර්ගයක කොළ තම්බා එහි වාෂ්පය මුහුණට අල්ලන්න. මෙය විනාඩි දහයක් පමණ අල්ලන්න. සෙමෙන් හටගන්නා හිසරදය සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වේ.

වදකහ අල විනාකිරෙන් අඹරා නළල මත පැලැස්තරයක් දමන්න.

අමු ඉඟුරු, සුදුලූනු, අබ යන තුන්වර්ගයම එක ප්‍රමාණයට ගෙන දෙහි ඇඹුලෙන් අඹරා නළලේ පැලැස්තරයක් දමන්න.

බුරුල්ල මුල් ග්‍රෑම් තිහක් වතුර කෝප්ප දෙකක් දමා තම්බා පානය කරන්න. මානසික ආතතියෙන් ඇතිවන හිසරදයට විශේෂයි.

කොහොඹ කොළ එළකිරෙන් තම්බා අඹරා හිස ගල්වන්න. පැයක් පමණ එසේ තිබෙන්නට හා හැර නාන්න.

ඉඟුරුයුෂ, ගිතෙල් කපුරු පෙති මිශ්‍රකර නළලේ පැලැස්තර කරන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සිරිපාල මාදුවගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.