මෙලොව උපන් සැමගේ නිරෝගිකම බුදු දහමින්

ජුනි 21, 2019

බලාපොරොත්තුව නිරෝගිව සතුටින් සිටීමයි. මේ සඳහා අඳින්න ඇඳුම ,කෑමට ආහාර, සිටින්නට නිවසක් අසනීපයක් වැලඳුන විට හෝ අසනීපවලින් ආරක්ෂා වීමට ඖෂධ අවශ්‍ය වන අතර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සිවුපසය වශයෙන් හඳුන්වා දුන්නේ මෙම සතරයි.

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්වාසා පරමා ඥාති
නිබ්බාණං පරමං සුඛං

බුදුරජාණන් වහන්සේ මෙලොව ලාභ අතරින් උතුම්ම ලාභය නිරෝගී බව වශයෙන් හැඳින්වූයේ රජෙක් වුවත් ලෙඩෙක් නම් වැඩක් නැති නිසාවෙනි. රෝගියෙකුට කොතරම් ධනය තිබුණත් සතුටක් නැත. විශ්වාසවන්ත ඥාතීන් නැතිනම් ඥාතීන් බොහොමයක් සිටියත් වැඩක් නැත. නිරෝගිකමත්, ධනයත්, විශ්වාස ඥාතීනුත් සිටියත් කොයි මොහොතේ හෝ නැතිවෙනවා ඇත. දුක් වේදනා නැති, රෝග නැති නිර්වාණය සැපතට හේතු වේ. නැවත නැවත ඉපදෙන්නට මෙන්ම ශාරීරික හා මානසික රෝගවලට සිත ප්‍රධාන වන නිසා නිතර බුද්ධිමත්ව සිතන්න ධර්මය තුළින් අවස්ථාව ලැබී ඇත.

අපේ ජීවිතයේ අස්ථීර බව දුක් සහිත බව රෝගවලට ගොදුරුවන මරණයෙන් කෙළවර වන බව අවබෝධ වන ලෙස ධර්මය දේශනා කර ඇත. කායික රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරු කායික වෛද්‍යවරු වශයෙන්ද මානසික රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරු වශයෙන්ද කොටස් 02 ක් ඇත. කායික හා මානසික රෝග සඳහා නිවැරදි ප්‍රතිකාර කළ එකම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේය. පූතිගත්තතිස්ස හාමුදුරුවන්ගේ ඇඟෙහි සැරව ගඳ තුවාල ගෙඩි ඇතිව පිළිකුල නිසා කිසිවකුත් ළං නොවීම නිසා අසාධ්‍ය තත්වයට පත්වී ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ ඉතාම ආදරයෙන්, කරුණාවෙන් පූතිගත්තතිස්ස හාමුදුරුවන්ගේ ශරීරය පුරා පැතිරී තිබූ සැරව සහිත තුවාල පිරිසුදු කර ගතෙහි වේදනාත් සිතෙහි දුකත් නැතිකර ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකු මේ අන්දමට කටයුතු කළ යුතු යැයි ආදර්ශයෙන් පෙන්වා දුන් සේක.

කෙනකු ලෙඩ වන්නටත් මුළු සමාජයම විනාශ කරන්නටත් කෙලෙස් ඝාතනවලින් අංගවිකල බවට පත්කිරීමටත් මානසික රෝගීන් පත් කිරීමටත්, වෛරය, ක්‍රෝධය පළිගැනීම හේතු වන බවත් නිරෝගී සමාජයක් ගොඩනගන්නට වෛරය අවෛරයෙන් සුවපත් කරන්න හැකි බව පෙන්වා දුන් සේක.

නහි වේරේන වේරානී –
සම්මන්තීධ කුදාචනං

අවෙරෙනච සම්මන්ති –
එස ධම්මෝ සනන්තනො

ආදී වශයෙන් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සන්සිඳෙන බවත් පෙන්වා දුන් සේක. මේ අද සමාජයට මනාව ගැළපෙන බුදු වදනක් වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව දියුණු යැයි සම්මත විදේශ රටවල් වලට පවා නොසන්සුන්තාවයක් ඇති වන්නේ නොසන්සිඳුනු ආශාවන් හා පළි ගැනීමේ චේතනාවන් අවි අතට ගෙන එකිනෙකා මරාගන්නා තත්වයක් ඇතිවීමෙනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

උපදෙස් පූගොඩ දංගල්ල
වෛද්‍ය
නන්දා කස්තුරිආරච්චි ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.