වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ජුනි 12 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 11, 2023
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා
ශුභ දිශාව - නැඟෙනහිර
මේෂ
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සම් විය යුතුයි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද නියමයි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ.
වෘෂභ
දියුණුවට අදාළ වන කටයුතු කීපයක් කෙරෙහි සිත යොමුවන අතර මිල මුදල් ලාභද ලැබෙනු ඇත. මිතුරු ඇසුරට පි‍්‍රය කරන දිනයකි. ගෙදර දොර දියුණුවට ඇති බාධා ඉවත්ව යයි. ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නව නිවසක් ඉදිකිරීම කෙරෙහි හිත යොමුවේ.
මිථුන
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ප්‍රධානීන් වැනි අයගේ උපදෙස් මත කටයුතු කරයි. පවුලේ වැඩිහිටි අයකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවක් නිසා සිත් පීඩාවක් ගෙනදෙනු ඇත.
කටක
සිත්තැවුල් අධික ලෙස බල පවත්වන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. වචනය නිසා අන් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවනු ඇත. පිනට දහමට ආශාවක් ඇතිවීමටත් ආගම් භක්තිය වැඩිදියුණුවීමටත් කරුණු යෙදෙනු ඇත.
සිංහ
ධෛර්ය හීනව යන දිනයකි. කම්මැලි අලස ගතියක් මෙන්ම කේන්ති යන ගතියක්ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට පෙළඹීම මත අන් අයගෙන් දෝෂාරෝපණයට ලක්වනු ඇත.
කන්‍යා
රසවත් ආහාර පාන ලැබෙන දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවේ. හිතේ සතුට ගෙන දෙන දිනයකි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමටද බලපායි. බලාපොරොත්තු ඉටුවන දිනයකි.
තුලා
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා කටයුතුවල සාර්ථක බවක් ද ඇතිවේ. බලාපොරොත්තු ඉටුවනු ඇත.
වෘශ්චික
ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. සිත් තැවුලෙන් යුතුව කටයුතු කරයි. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයටද ලක්වේ. බලාපොරොත්තු බිඳ වැටීමට කරුණු යෙදෙනු ඇත. බාහිර කරදර මතුවනු ඇත.
ධනු
ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත් වනු ඇත. කරගෙන ආ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවීමෙන් හිරිහැර කරදර ඇතිවේ. හැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි.
මකර
හිතේ පසුතැවිලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. රැකියාවේ වැඩ වැඩි බව නිසා හිතේ තෘප්තිමත් බව අඩුව යනු ඇත. උසස් අයගේ කරුණාව ලැබීම මත තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ.
කුම්භ
තමාගේ දියුණුවට ඇති මාර්ග ඇහිරෙන කාලයකි. නිවෙසේ කවරකු හෝ ලෙඩින් පෙළෙන දවසකි. තම ගෞරවය කෙලෙසෙන වැඩවලට සිත යොමු වනු ඇත.
මීන
සතා සිව්පාවාට පවා ආදරය කරුණාව දක්වන දිනයකි. ආගම දහම කෙරෙහි භක්තියක් ඇතිවන අතර ගුප්ත කටයුතු කෙරෙහි හිත යොමුවේ. වන්දනා ගමන් වැනි ගමන්වල නිරත වනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
වනිතාවන්ට සහන සේවා රැසක්මැද පෙරදිග ගිනි ගැනීම්, යුද ගිනිබිය වර්ධනය වීම්සංචාරක සේවා වර්ධනය වෙයිරංගන, ගායන, කලාකාමීන්ට සුබසාධනනොවැම්බර් 30 ගුරු දින...
2023-11-16 18:30:00
වෘශ්චික, කුම්භ, වෘෂභ, සිංහ රාශිවලට කුජගෙන් රුචක යෝගරාය හා ශනිගේ සස යෝග බලයෙන් වාසනාව පෑදේමිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට බුධගෙන් භද්රායෝග බලය සමඟ...
2023-11-09 18:30:00
මැණික් ගැරීම්, පතල් කැණීම්, නව වස්ත්රාභරණ පැලඳීම සඳහා ආගමික- සමාජ සුබසාධන කටයුතු සඳහා යෝග්‍යයි කාර්මික සහ කෘෂිකාර්මික සේවා නිර්ණාමික, නාමික,...
2023-11-02 18:30:00
මැණික් ගැරීම්, පතල් කැණීම්, නව වස්ත්රාභරණ පැලඳීම සඳහා ආගමික- සමාජ සුබසාධන කටයුතු සඳහා යෝග්‍යයි කාර්මික සහ කෘෂිකාර්මික සේවා නිර්ණාමික, නාමික,...
2023-11-02 18:30:00
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන සප්ත්ර ග්‍රහයන්ගේ ආශ්චර්යමත් හැසිරීම අහසේ රටා මැවීමට හේතුවක් වනු ඇත. බටහිර විද්වත්හු සහ පෙරදිග...
2023-10-26 18:30:00
නොවැම්බර් 16 වැනිදා ගුරුදා පැය 17.50ට රවි වෘශ්චිකයට ගමන් කරයි.එදින සිට දෙසැම්බර් 16 දින දක්වා රවි වෘශ්චිකයේ හැසිරෙනු ඇත. මේ කාලය තුළ ‘විසා එක් අනුර,...
2023-10-26 18:30:00
වල්ගා තරු පෑයීමක් ද සිද්ධ වුවහොත් ලොව ප්‍රබල චරිතයක් පිළිබඳ අසුබ ආරංචියක් ලැබෙනු ඇතවෘශ්චික, කුම්භ, සිංහ, වෘෂභ රාශි සතරට සස යෝග බලයසුනඵා-අනඵා, දුරුධරා...
2023-10-19 18:30:00
බුද්ධිය මොටවන ශක්තිය රජවන සමයක්ස්වාභාවික විපත් තවත් දැඩි වෙයිඑළැඹෙන ඔක්තෝම්බර් 29 වෙනි ඉරු දින රාත්‍රී 07.53ට ඥානකාරක බුධ ග්‍රහයා, සෙන්පති කුජ සමඟ ග්...
2023-10-12 18:30:00
අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා...
2023-09-28 18:30:00
වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපලජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේකාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි...
2023-09-28 18:30:00
පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානිලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්රවණතාවක්දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස අගෝස්තු 24 වැනිදා රාත්...
2023-09-21 18:30:00
රසකාමී සිකුරු ග්‍රහයා ඔක්තෝම්බර් 02 සඳු දින අලුයම 01.05ට රවි හිමි සිංහ රාශියට සතුරු බලයෙන් සංක්‍රමණය වෙයි.නොවැම්බර් 02 වෙනි කිවි දින අලුයම 05....
2023-09-14 18:30:00
ග්‍රහ අපල යක්ෂ, භූත, පේ‍්‍රත අමනුෂ්‍ය බැල්මෙන් හා ඇස්වහ කටවහ දෝෂවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ට පලඳවනු ලබන පංචායුධය මුතුන්...
2023-09-07 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිසිංහ රවි 19 භාග නිකිණි මහේ අව සැටවක තිථිය ලත් සඳු දින රාත්‍රී 07.42ට මේෂ රාශිය තුලා නවාංශකය,...
2023-08-31 18:30:00
සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය...
2023-08-24 18:30:00
ප්‍රවීණ ඡ්යොතිර්වේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි අගෝස්තු 24 අලුයම 1.31ට බුධ ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වෙයි. එය අගෝස්තු 31 අලුයම 5.30 ට...
2023-08-17 18:30:00