පොරොන්දමෙන් පෙන්නුම් කරන තීරණ ගැනීමේ ක්‍රියාවලිය

ඔක්තෝබර් 8, 2021

විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරාගැනීමේදී දෙදෙනා අතර සමඟියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවැතුම් කෙසේ වේවිද ,තම අදහස් අනුවම කටයුතු කරන ආත්මාර්ථකාමී ගති ඇති අයකු වේද, තමාට ආදරයෙන් ගෞරවයෙන් කටයුතු කරමින් තීරණ ගැනීමේදී සාමූහිකව කටයුතු කරන අයෙක් ද, යනුවෙන් දැන ගැනීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වති.

 

උපන් නැකැතින් කෙනකුගේ චරිත ලක්ෂණ ගතිගුණ හෝ වෙනත් තොරතුරු අනාවරනය කර ගැනීමට නොහැකිය. එවැනි දෑ දැන ගත හැක්කේ උපන් කේන්ද්‍රයේ ලග්නය හා 04 වැන්නයි. ලග්නාධිපතියා හා 4 වැන්න අධිපතියා සිටින ස්ථානය, ඔවුන් ලබන දෘෂ්ටිය සංයෝගය, ස්ථාන බලය, තීරණ ගැනීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවල හා සම්බන්ධතාවයක් ඇත.

 

පෙම්වතුන් වශයෙන් කල් ගෙවන කාලයේදී සුවච කීකරු නිහතමානී සත් පුරුෂ භාවයෙන් යුතු අයකුමෙන් පෙන්නුම් කළත් විවාහ වූවාට පසුව හාත් පසින්ම වෙනස් තත්ත්වයකින් යුතුව කටයුතු කරන අය ඕනෑ තරම් ඇත. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට බොහෝ දෙනා පවසන්නේ විවාහ වූයේ පොරොන්දම් බලා හොඳින් ගැලපුණ නිසා බව පවසති. එහි සත්‍යතාවයක් ඇත. පොරොන්දම් බලන්නේ දෙදෙනාගේ නැකැත් දෙක මුල් කරගෙන වේ. සියල්ල හොඳීන් ගැලපී තිබේ. එසේ පොරොන්දම් සියල්ල මනා ලෙස ගැලපී තිබියදිත් පවුලේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමට නොහැකිවේ. එවැනි තත්ත්වයක් උදාවූයේ ඇයි? පොරොන්දම් බැලීම පමණක් මඟින් ඒ ඒ පුද්ගලයාගේ චෛතසික හා මානසික තත්ත්වය සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට අපහසුය.

උපන් නැකැතින් කෙනකුගේ චරිත ලක්ෂණ ගතිගුණ හෝ වෙනත් තොරතුරු අනාවරනය කර ගැනීමට නොහැකිය. එවැනි දෑ දැන ගත හැක්කේ උපන් කේන්ද්‍රයේ ලග්නය හා 04 වැන්නහි. ලග්නාධිපතියා හා 4 වැන්න අධිපතියා සිටින ස්ථානය, ඔවුන් ලබන දෘෂ්ටිය සංයෝගය, ස්ථාන බලය, තීරණ ගැනීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවල හා සම්බන්ධතාවයක් ඇත.

ලග්නයේ හෝ 4 වැන්නේ රවි උච්ච භාවයට පත් වූ අය ගන්නාවූ තීරණ හරි හෝ වැරදි වුවත් වෙනස් කිරීමට කැමැති නොවේ. ඒම තීරණ ක්‍රියාත්මක කරනු ලබයි. මෙම රවි අඟහරුගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක් වුවහොත් දැඩි බව තවදුරටත් වැඩිවේ. මෙම සංයෝගයට රාහු සම්බන්ධ වුව‌හොත් රවිගේ ක්‍රියාත්මක වේගය වැඩි දියුණුවී පවුලේ ඒකාධිපතියකු බවට පත්වේ.

ලග්නය හා හතර හැර වෙනත් ස්ථානයක රවි උච්ච තත්වයට පත් වුවහොත් ඔහු හෝ ඇය සෘජු අදහස් දරන අයකු වනු ඇත‍. රවි ස්වක්ෂේත්‍ර වන්නේ සිංහ රාශියෙහිදීය. එවැනි අය ද තීරණ ගැනීමේදී අන් අයගේ අදහස් විමසා බලා කටයුතු කරන්නේ කලාතුරකිනි.

රවි උච්ච වූ අය සිතන්නේ යමක් සෘජුවම කිරීමටය. මේ නිසා සහකරුගේ හෝ සහකාරියගේ අදහස් විමසීමෙන් හෝ ඔවුන්ගේ මතයට ගරු කිරීමෙන් හෝ තමාට මදි පුංචිකමක් වේ යැයි සිතන බැවින් තම මතයට ක්‍රියාත්මක කිරීමට පෙළඹේ.

රවි ස්වක්ෂේත්‍ර අය එතරම් සෘජු බවක් නොපෙන්වුවත් තරමක ආඩම්බර ගතියක් පෙන්වයි. අඟහරු ලග්නයේ හෝ හතර වැන්නේ නම් ඔවුන් පහසුවෙන් අවනත කර ගැනීම අපහසුය. ඒ නිසා තීරණ ගැනීමේදී තමාගේ තීරණය නිවැරදි ය යන ආකල්පයේ සිට කටයුතු කරයි. රවි, කුජ යන දෙදෙනා මේෂ රාශියේ සිටීනම් ඔහු හෝ ඇය දැඩි මතයේම සිට කටයුතු කරයි. කේන්ද්‍ර සටහන් වල සහකරු හෝ සහකාරිය යන දෙදෙනාගේම රවි උච්ච තත්ත්වයෙන් සිටීම විවාහ ජීවිතය සාමයෙන් පවත්වාගෙන යාමට බාධාවකි.

රවි උච්ච තත්ත්වයට පත් වූ දෙදෙනකු විවාහ වීම යෝග්‍ය නොවේ. දෙදෙනාම සෘජූ තීරණ ගැනීම නිසා යුග දිවිය සාමයෙන් ගෙන යාමට අපහසුය.

මේෂ, සිංහ, ධනු යන ලග්න හිමියන්ගේ රවි උච්ච භාවයට පත් වූ විට ඔවුන් දැඩි තීරණ වලට එළැඹීමේ ප්‍රවනතාව වැඩිකෙරේ.

විවාහ ජීවිතයේදී තීරණ ගැනීම පිරිමියා සතු කරුණක් යැයි බොහෝ දෙනා සිතයි. නමුත් විවාහ ජීවිතයේදී අඹුසැමියන් තීරණ ගත යුත්තේත්, තීරණ ක්‍රියාත්මක කළයුත්තේත් දෙදෙනා සාකච්ඡාකොට සාමූහික වශයෙනි.

දැඩි මතධාරී අදහස් දරණ සහකාරියක හෝ සහකරුවකු සමඟ යුග දිවියට එළඹිය හොත් යුග දිවිය ගත කිරිමට සිදුවන්නේ නොයෙකුත් හැල හැප්පිලි මැදවන නිසා පොරොන්දම් බැලීමේදී නැකැත් දෙක අනුව බලන විසි පොරොන්දම් වලට වඩා දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් වල ඇති ග්‍රහ ගැලපීම් වලට මුල් තැන දිය යුතුය.

 

ජ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

සකස්කළේ

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.