වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
කේන්දරයෙන් දැකිය හැකි කර්මය හෙවත් ක්‍රියාත්මක ශක්තිය
“ මේ මොන කරුමක්කාරයෙක්ද මන්දා...? “මම පෙර කරපු කරුමයක් ගෙවනවා” මෙවැනි වදන් අතීත සමාජයේ බහුලව අසන්නට ලැබුනු වදන්ය.
අලුත් පරපුර මෙවැනි වදන් පැවසීම ඉතා විරල නමුත් කර්මය යනු විපත්ති කාරක දෙයක් ලෙස සිතීමට සැවොම පාහේ පුරුදු වී සිටිති.
එමනිසා කර්මය පිළිබඳව කවුරුත් කතා කරන්නේ ඉතා පරෙස්සමෙන් ය. එහෙත් කර්මය යනු ක්‍රියාත්මක ශක්තියයි. මෙම ක්‍රියාත්මක ශක්තිය ඉෂ්ට හෝ අනිෂ්ට විය හැකිය. එනම් හොඳ හෝ නරක විය හැකි ය. එබැවින් කර්මය යනු තනිකරම නරක විපාක පමණක් නොවන බව බුද්ධිමත්ව කල්පනා කළ යුතුව ඇත.
මිනිසාගේ කර්ම තත්ත්වය ගැන නිරීක්ෂණය කිරීමේ දී කිසියම් ජීවිතයක මිනිසා ගත කරන අවස්ථාව ඔහුගේ කර්ම ශක්තිය ලෙස ගණන් ගනු ලැබේ. මෙහිදී සැලකිල්ලට භාජනය කරනුයේ ඔහුගේ කර්මය මඟින් කෙබඳු ජීවන මඟකට ඔහුව ගෙනයනු ලබයිද යන්නයි. මිනිසත් බව ලැබූ සෑම අයෙකුටම මූලික න්‍යායයක් ස්වභාවයෙන්ම ඇතිවේ. ඒ ලෝකය පවතින ප්‍රධාන නියාම ධර්ම පහට අනුකූලවය. එනම් භෞතික පැවතීම සෘතු බීජ නියාම ධර්ම නිසාත් අධ්‍යාත්මික පැවතීම චිත්ත කර්ම නියාම ධර්ම නිසාත් සිදුවන අතර මෙම සතරාකාර නියාම ධර්මයන් මත ගොඩනැගෙන ලෝක ස්වභාවය, ධර්ම නියාමය වේ. මේ මත ලෝකයේ පැවැත්ම සිදුවන ධාතු, මුල, ජීව ආකාරත්රය ගොඩනැගේ. ධාතු ගණයේ වැඩෙන ලෝකය කර්මය හා සම්බන්ධ වන විට මූල ගණය ජීවයේ ආරම්භ යැයි සැලකේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්යොතිෂවිද්යාවේදී,
පී.එම්. රංජිත් මුදලිගේ
077 5559931