බුදු පහන නිවැරැදිව තබමු

අගෝස්තු 2, 2024

පහන දල්වා අතේ තබාගෙන පහත සඳහන් ගාථා තුන්වර බැගින් පහනට පිරිත් කරන්න. දිනපතා දල්වන බුදු පහනට අමතරව මේ පහනත් පූජා කරන්න.

1. සබ්බේ සත්තා සුඛප්පත්තා

අවේරා, ච අනාමයා

දීඝායුකෝ අඤ්ඤ මඤ්ඤං

පියා පප්පොන්තු නිබ්බුතිං

 

2. සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝ දපනං

එතං බුද්ධාන සාසනං

 

3. සබ්බේ බුද්ධා බලප්පත්තා

පච්චේකානඤ්ච යං බලං

අරහන්තානංච තේජේන

චිත්තං පාපේති මුඤ්චතු

 

එක ගාථාව තුන්වර බැගින් කියා පූජා කරන්න.

ප්‍රාර්ථනාව - මේ පහන් ආලෝකය තුන්තරා බෝධියට පැමිණ වදාළ සියලු සම්බුදුරජාණන් වහන්සේලාට ද පූජා කරමි. පූජා වේවා. පූජා වේවා.

මින් ලැබෙන පින අප හටත් බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් වහන්සේලාටත් ලැබෙත්වා. තෙරුවන් සරණින් දේව පිහිටත් ලැබ ත්‍රිවිධ බෝධි බුදු බලය ද හේතු කොට ගෙන මටත්, මගේ ගෙදර හැම දෙනාටත් සියලු යහපත දියුණුව උදාවේවා. ගුණ නුවණ දියුණු වේවා. සියලු අපල විපත් දෝෂ දුරු වී ආලෝකමත් වේවා. අසත්පුරුෂයෝ දුරුවෙත්වා කල්‍යාණ මිත්‍රයෝ ඇසුරට ලැබෙත්වා.

සබ්බ බුද්ධානු භාවේන - සබ්බ ධම්මානු භාවේ

සබ්බ සංඝානු භාවේන - සබ්බ දේවානු භාවේන

සදා සොත්ථි භවන්තු මේ

 

සර්ව ආරක්ෂක ගාථාව

සිරස්මිං මේ බුද්ධ සෙට්ඨෝ සාරිපුත්තෝ ච දක්ඛිණෝ

වාම අංසේ මොග්ගල්ලානෝ පුරතෝ පිටකත්තයං

පච්ජිමේ මම ආනන්දෝ චතුද්දිසා බිණසවා

සමන්තා ලෝක පාලාච ඉන්ද දේවා සබ්‍රහ්මකා

ඒතේසං ආනුභාවේන සබ්බේ භය උපද්දවා

අනේකා අන්තරායාපි විනස්සන්තු අසේසතෝ

 

මේ ගාථා තුන නිතර භාවිත කිරීමෙන් පැමිණෙන සියලු භය හා සියලුම අන්ත්‍රාවලින් වැළකී සිටිය හැකි ය.

 

ගුප්ත ශාස්ත්‍රවේදී, බණ්ඩාරවෙල

එස්.ටී.එස්. ද සිල්වා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.