සිනමාවේ රවීන්ද්‍රය බිහි කළ ග්‍රහ තරු

ජුනි 28, 2024

මාගේ ජංගම දුරකතනය අක්‍රිය කර ඇති විටක සුබසෙත පුවත්පතින් ඇමතුමක් ලැබී ඇති බව ජංගම දුරකතනය සක්‍රිය කළ විට ආ ඉර්ඉ පණිවිඩයක් මඟින් මා දැනුවත් කළ හෙයින් පුවත්පතට අමතා කාරණය පිළිබඳව විමසුවෙමි. එහිදී පුවත්පතෙහි කතුවරිය පැවසුවේ සිය සිනමා දිවියේ 50 වසක් සපුරන සම්මානනීය සිනමා රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා කිතුණු බැතිමතෙකු නිසා ඔහුගේ මව්පියන් විසින් ඔහුට ලග්න කේන්දරයක් සදා නැති නමුත් ඔහු කතුවරියට පවසා ඇති පරිදි ඔහුගේ උපත සිදු වී ඇත්තේ 1945 ජූනි 05 දින උදේ 4 -5 අතර බවය. එකී වේලාවට ලග්න කේන්දරයක් තනා ව්‍යාපාරික පවුලකින් එන ඒ මහතා නළුවකු වීමට හේතු වූ ග්‍රහ බල පිළිබඳව යමක් ලිවිය හැකි දැයි කතුවරිය මාගෙන් විමසුවාය. මම හැකි යැයි පවසා දුරකතන සංවාදය අවසන් කළෙමි.

ඒ අනුව ප්‍රථමයෙන් මා හට ලැබූ උපන් වේලාවට අනුව උපන් වේලාව උදේ 4 ලෙස ගෙන ලග්න කේන්දරයක් ගොඩනැඟුවෙමි. එවිට මේෂ ලග්නය උපන් ලග්නය ලෙස ලැබිණි. දෙවනුව උපන් වේලාව උදේ 5 යැයි අනුමාන කොට ලග්න කේන්දරයක් ගොඩනැඟුවෙමි. එවිට වෘෂභ ලග්නය ලැබිණි. ඒ අනුව පැයක් ඇතුළත ලග්න දෙකක් උදාවී ඇති නිසා නිවැරැදි ලග්නය කුමක් දැයි තීරණය කිරීමට දුරකතන සංවාදය ආරම්භ කළ වේලාව උපයෝගී කරගෙන තත්කාල කේන්දරයකුත් සදාගත්තෙමි. පහත දැක්වෙන්නේ එම තත්කාල කේන්දර සටහනයි.

ප්‍රශ්න වේලාව 2024/05/30 ගුරුදා

සවස 03.47ට

සියාවස නැකත

රවි හෝරාව ගුරු පංචමය

ඒ අනුව ඉහත දැක්වෙන තුලා ලග්න තත්කාල කේන්දර සටහනේ ලග්නාධිපති සිකුරු නළු නිළියන් නිවේදනය කෙරෙන භාවයක් වන 3 වැන්න වූ ධනු රාශියෙහි අධිපති ගුරු සමඟ 8 වැන්නෙහි සිටින්නේ උසස් පුද්ගලයන් නිවේදනය කෙරෙන 11 වැන්නාධිපති රවි සමඟය. ඒ අනුව 8 වැන්න ගුප්ත සැඟවණු දේවල් නිවේදනය කෙරෙන භාවය වන නිසා එතැනදී නළුවකුගේ කේන්දරයක් ගැන ප්‍රශ්න කෙරෙන බව තත්කාල ලග්නය අනුව පෙන්වා දෙන අතර මෙහිදී සකල කලාවන්ට කාරක සිකුරු ග්‍රහයා ස්වකීය ස්වක්ෂේත්‍ර රැසවන 8වැන්න වූ වෘෂභයේ විෂ්ණු යෝගය උදා කරමින් සිටින හෙයින් රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ උපන් ලග්නය වෘෂභය බව තත්කාල ලග්නයට අනුව පෙන්වා දෙන්නේය. ඒ අනුව ඉහත කී වේලාවට එනම් උදෑසන 5 මුලක් ගෙන ගොඩනැගූ ලග්න කේන්දරයට අනුව වෘෂභ ලග්නය සහ මීන නවාංශකය ලැබෙන නමුත් ස්ත්‍රී ලග්නයක් සහ ස්තී‍්‍ර නවාංශකයක් පුරුෂයකුට ලැබිය නොහැකි බැවින් ඔහු ගේ උපන් ලග්නය වෘෂභ ලග්නය සහ කුªම්භ නවාංශකය විය යුතුය. උපතේදී උත්‍රපුටුප නැකතේ 2 වැනි පාදය උදාවි සඳුගේ ස්ඵුටය අංශක 8 -10 අතර වූයෙන් උපතේදී සෙනසුරු මහ දශාව ඉදිරියට වර්ෂ 10ක් පමණ තිබූ බව අනුමාන කළ හැකිය. ඒ අනුව පහත දැක්වෙන්නේ 1945.06.05 දින රවින්ද්‍ර රන්දෙණිය මහතා උදේ 5ට ප්‍රථම එනම් උදේ 4.48 පමණ ඉපදෙන විට වෘෂභ ලග්නයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරයයි.

ඒ අනුව මෙහිදී ඒ මහතාට වෘෂභ ලග්නයෙන් උපන් ජන්මියෙක් සතු දේහ ලක්ෂණ ඇත්දැයි කරුණු විමසා බැලිය යුතුය. කේන්දර හිමියාගේ දේහය ඍජුකෝණයක හැඩය ගනියි. රවින්ද්‍ර රන්දෙනිය මහතාගේ සිරුරුද දිග් වැඩි පළලින් අඩු හෙයිනුත් ස්ත්‍රි ලග්නයකින් පුරුෂ නවාංශකයකින් උපත ලබා ඇති හෙයින් පුරුෂයෙක් නමුත් මුහුණ සෞම්‍ය පි‍්‍රයකරු පෙනුමකින් යුක්ත වීමද වෘෂභ ලග්නයෙන් ජන්ම ලාභය ලබා ඇති බව පැහැදිලි කරන් දේහ ලක්ෂණයක් වන්නේය. එමෙන්ම ඒ මහතා ඉතා උස පුද්ගලයෙකි. එනම් අඩි 6කට වැඩි උස කෙනෙකි.

ඒ පිළිබඳව පහත දැක්වෙන උපන් ලග්න කේන්දරයට අනුව කරුණු විමසා බලන කල ලග්න කේන්දරයක ජන්මියාට උස ලබා දෙන ග්‍රහයන් වන බුධ, ශනි, රාහු යන ග්‍රහයන් ගෙන ශනි, රාහු යමක් වැඩිකර දෙන භාවයක් වන ලග්නයෙන් දෙවැන්නෙහි තැන්පත්ව 2 අධිපති බුධ එකී ශනි, රාහු ගේ බලය, ලබා ගනිමින් ලග්නයෙහි තැන්පත්ව සිටීම ඒ මහතා සාමාන්‍ය පුද්ගලයකුට වඩා ඉතා උස් පුද්ගලයෙක් වීමට හේතු භූත වූ ග්‍රහ පිහිටීමක් වන්නේය. ඒ අනුව දේහ ලක්ෂණ අනුව වෘෂභ ලග්න ජන්මියෙක් බව පැහැදිලි වන හෙයින් උපන් ලග්නය වෘෂභ බවට සැකයක් නැත. දෙවැනි කරුණ නම් පවුලේ තත්ත්වය ලග්න කේන්දරයෙන් පැහැදිළිව විද්‍යමාන වන්නේ දැයි යන්න පැහැදිලි කර ගැනීමය. ඒ අනුව 9 වැන්නාධිපති හෙවත් පීතෘස්ථානාධිපති ශනි, වෘෂභ ලග්නයට යෝගකාරක ග්‍රහයා වෙමින් 2 වැන්නවූ ධනස්ථානයේ මිත්‍රව මිත්‍ර ක්ෂේත්‍ර රාහු සමඟ යෝගවීම පියා ධනවත් ව්‍යාපාරිකයකු බව පෙන්වා දෙන ග්‍රහ බලයකි. මව පිළිබඳව කරුණු හෙළිදරව් කෙරෙන සිව්වැනි භාවයේ අය භාවාධිපති හෙවත් 11 වැන්නාධිපති ගුරු ධන කාරක ග්‍රහයා වෙමින් මව නිවේදනය කෙරෙන සිව්වැනි භාවයේ පතිතව සිටීම මවද කුලවත්, ධනවත්, බලවත් කාන්තාවක් බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේය.

රවීන්ද්‍ර රන්දෙණිය කලාකරුවාට සහෝදරයන් 5 දෙනෙකි. ඒ පිළිබඳව ලග්න කේන්දරයට අනුව කරුණු විමසා බලන කල බාල සහෝදරයන් සහෝදරියන් පිළිබඳව කරුණු හෙළිදරව් කෙරෙන 3 වැනි භාවයේ අධිපති සඳු යමක් වැඩි කර දෙන භාවයක් වන 11 වැන්නෙහි පතිතව සිටීම බාල සහෝදරියන් දෙදෙනකු සහ සහෝදරයන් දෙදෙනකු සිටීමට හේතු වූ අතර මීනය ද්වි ස්වභාවයක් ඇති ස්ත්‍රි රැසක් නිසා ස්ත්‍රී ග්‍රහයෙක් නිසා ඔහුට සතුව සහෝදරියන් දෙදෙනකු සිටීමත් එසේ ස්ත්‍රී රැසක්වූ මීනයේ සිටින සඳුව 2වැන්නේ සිටින පුරුෂ ග්‍රහයකු වූ රාහු සමඟ යෝග වූ තවත් පුරුෂ ග්‍රහයකු වන ශනිගේ පූර්ණ දෘෂ්ටිය 11 වැන්නේ සිටින සඳුට වැටීම නිසා බාල සහෝදරයන් දෙදෙනකු ඇතිවීමටත් හේතුවු ග්‍රහබලය විය. එමෙන්ම ඔහුට එක් වැඩිමහල් සහෝදරයෙකි.

ඒ පිළිබඳව ඉහත ලග්න කේන්දරයට අනුව කරුණු විමසා බලන කල වැඩිමහල් සහෝදර සහෝදරියන් පිළිබඳව කරුණු හෙළිදරව් කෙරෙන 11 වැනි භාවය වූ මීනයේ අධිපති ගුරු සිව්වැන්න වූ සිංහ රැසෙහි මිත්‍රව තැන්පත් වීම එක් වැඩිමහල් සොහොයුරෙක් ඇති බව පෙන්නුම් කෙරෙන ග්‍රහ පිහිටීමක් වන්නේය. ඒ අනුව පවුලේ වතගොත ලග්න කේන්දරයට අනුව නිවැරැදිව පැහැදිලි වන්නේය.

තෙවෙනි කරුණ නම් රවින්ද්‍ර රන්දෙණිය මහතා කුඩා කාලයේ සිට කලාවට යොමු වීමට හේතු වූ ග්‍රහබලපෑමය. ඒ පිළිබඳව ඉහත දක්වා ඇති ඒ මහතාගේ උපන් වෘෂභ ලග්න කේන්දරයට අනුව කරුණු විමසා බලන කල ගායනය, රංගනය වැනි කලා කුසලතාවයන් ගැන කරුණු හෙලිදරව් කෙරෙන භාවයක් වන තුන්වැන්නෙහි අධිපති සඳු 11 වැන්නෙහි පතතිව සිටීමත් එම 11 වැන්නෙහි පතිත සඳු තවදුරට කලාවට යොමු කරවන ග්‍රහ සංයෝගයක් වන කුජ, සිකුරු යන ග්‍රහයන්ට මැදිව ශුභ කර්තරීත යෝගයක් උදා කිරීමත් එකී යෝගයට සම්බන්ධ අඟහරු තෙවැන්න දැකීමත් එමෙන්ම කලාවට සම්බන්ධ තවත් ග්‍රහයෙක් වන බුධ ග්‍රහයා ලග්නයේ සිටින රවි ග්‍රහයා සමඟ සංයෝගව එකී බුධගේ බලපෑම් රවිගේ පූර්ණ දෘෂ්ටිය තුළින් තෙවැන්නට ලබාදීම යන ග්‍රහ පිහිටීම ඒ මහතා කුඩා කල සිටම කලාවට කැමැත්තක් ඇතිවීමට හේතු භූත වූ ග්‍රහ පිහිටීම් වන අතර ඒ අනුව රවින්ද්‍ර රන්දෙණිය මහතා පාසැල් යන සමයේ සීගිරි කාශ්‍යප වැනි වේදිකා නාට්‍යවල රඟපා ඇති අතර දක්ෂ කෙටි කතා රචකයෙක් ලෙස සම්මාන දිනා ගැනීමට හේතු වී ඇත.

නමුත් ඒ මහතා උසස් කලාකරුවෙක් බවට පත්වූයේ මීන චන්ද්‍ර ලග්නයෙන් 2වැන්නේ තැන්පත් එනම් මේෂ රාශියේ 3 අධිපති සිකුරු සමඟ යෝගවූ යෝගකාරක අඟහරු ග්‍රහයාගේ බලපෑම් කර්මස්ථානයේ හෙවත් 10 වැන්නෙහි සිටින සිකුරුගේ නැකතක පතිත කේතුට ලැබීම නිසාය. ඒ අනුව 1972 එනම් කේතු ග්‍රහයාගේ මහ දශාවේ ඒ මහතා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ දෑස නිසා යන චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට හිමි චරිතය රඟපාමින් සිංහල සිනමාවේ කැපී පෙනෙන ශිල්පියකු බවට පත් වූ අතර 1978 සිට 1998 දක්වා පැවති අවුරුදු 20 පමණවූ සිකුරු මහ දශා කාලයේ ස්වකීය සිනමා ජීවිතයේ උච්චතම ස්ථානය කරා ළගාවූයේය. එම කාලසීමාව තුළදී රවින්ද්‍ර රන්දෙණිය මහතා ජනාධිපති, සරසවි සම්මානද දිනා ගනිමින් ජනපි‍්‍රය සිනමා නළුවකු බවට පත්විය.

එමෙන්ම සිකුරු මහ දශාවෙන් පසුව ලැබූ රවි මහ දශාවේදී අනපේක්ෂිත ලෙස දේශපාලනයට පිවිසියේ ලග්නාධිපති සිකුරු 6 වැන්නාධිපති වෙමින් හර්ෂ යෝගය උදාකරමින් විමල යෝගය උදා කළ අඟහරු ග්‍රහයා සමඟ 12 වැන්නෙහි පතිතව සිටීම නිසාය. ඒ අනුව 1998 සිට 2004 දක්වා පැවති රවි මහ දශාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ ආසනය සඳහා තරග කරමින් 2001 වැඩි ඡන්ද 54,449 ලබා ගනිමින් මන්ත්‍රීවරයකු බවට පත්වූ හෙතෙම 2004 වනතෙක් දේශපාලනික වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කළේය. එමෙන් මෙහිදී රවින්ද්‍ර රන්දෙණිය මහතා උපන් ලග්නය අනුව ඔහුගේ යුග ජීවිතය පිළිබඳවද යමක් සඳහන් කළ යුතුය.

ඒ අනුව 7 වැන්නාධිපති අඟහරු ලග්නාධිපති සිකුරු සමඟ යෝග වීමෙන් පැන නැගුණ කුජ සිකුරු යෝගය මඟින් පෙන්වා දෙන්නේය. මෙකී කුජ සිකුරු යෝගය තම සහකාරිය වන පී‍්‍රති රන්දෙණිය මහත්මියද කලාකාරියක් වීමට හේතු විය.

එමෙන්ම 5 වැන්නාධිපති ලග්නයේ දිග්බලය කැති නැකතේ 4 වෙනි පාදයේ උප්පත්තියේදී පතිතව සිටීම නිසා ඒ මහතාට විවාහයෙන් පුතුන් දෙදෙනෙක් සහ දියණියක් ලැබී ඇත. අවසාන වශයෙන් දැන් ලබා ඇති මහ දශාව අනුව ඉදිරි කාලය ගෙවෙන්නේ කෙසේද යන්න පිළිබඳව යමක් සඳහන් කළ යුතුය. දැනට රාහු මහ දශාවේ සෙනසුරු අතුරු දශාව ගත කරමින් සිටින අතර උප්පත්ති කේන්දරයේ රාහු තමාට මිත්‍ර රැසක් වන මිථුනයේ යෝගකාරක ශනි ග්‍රහයා සමඟ යෝගව සිටීම ශුභ නමුත් ජන්ම රවිගෙන් 2 වැන්නෙන් ජන්ම සඳුගෙන් සිව්වැන්නේ රාහු පිහිටීම ශරීරික වශයෙන් ලෙඩරෝග බාල සහෝදරයින්ට, බිරිඳට, අපල විපත් ආර්ථික ප්‍රශ්න ඇති වීමේ ප්‍රවණතාවයක් දැනට ලබා ඇති ජන්ම ඒරාෂ්ටක අපලය හේතු වන නමුත් ශනි ලග්න කේන්දරයේ උපචය භාවයක් වන 10 වැන්න සහ 11 වැන්නෙහි ගෝචරය වන නිසා එකී අපල තත්ත්වයන්ගෙන් ගොඩ ඒමේ හැකියාවක්ද පවතින බව මා මෙම ලිපිය අවසානයේ සඳහන් කරන අතර ඒ මහතාට දීර්ඝායුෂ පතමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.