විසා නැකතින් උපන් බෝසත් උතුමා

මැයි 24, 2024



ගණිත සතර පිළිබඳ ඇති දැනුම හොඳ
සැපතින් යුතුව යන ජීවිත ඔරුව පැද
විසා නැකතෙ මුල් පාදෙන් උපත ලද
පිනැතියෙක්ය පැතුරුණ කිතු කිරණ කඳ

දෙවැනි පාදයද එයටම සම වෙන වා
නමුත් කපටිකම ලෝබය පළවෙන වා
හොර බොරු චාටු ගති හින්දා පිරිහෙන වා
මිනිසා මෙසේ ගහ පල ලැබ උපදින වා

බොහෝ දෙනට යහපත් විය හැකි සේවේ
මනා දැනුම සිප් සත නුවණැති බාවේ
පවතී බොහෝ කොට ගත රෝගී තාවේ
මෙලෙසයි තෙවැනි පාදයෙ අය ගැන කීවේ

මහත් කල්පනා ශක්තිය උරුම වුණ
දහම් දැනුම ලැබ ගන්නට තිබෙන පින
මනා වදන් පවසන සිත් සතුටු වන
උපදී මිනිස් තෙම පාදෙන් සතර වන

සිදුහත් උපත ලද බලගතු නැකත විසා
පිළිබඳ නොයෙක් විස්තර ඇත මාද අසා
මුනිඳුට එරෙහි ලෙස බමුණන් තිබෙන දෙසා
සමහර කරුණු පිළිගන්නට නොහැකි මුසා

එනමුත් අපරදිග දෝසත ඇදුරුව රු
එකියන බමුණු මත අද කර තිබේ බොරු
‘ඇලන් ලියෝ’ පඬිදුන් දෝසතර හු රු
වීසා නැකත ගැන බල මැන කියන යු රු

ජන්මිගෙ ලග්න වී සිංහය හෝ කට ක
නැකත විසා වූ විට අති සෙට කෙනෙ ක
කරුණා දයා නැන බහුලය බලවතෙ ක
සැණෙකින් දකී ඇති තතු ලොව යම් දෙය ක

සවිමත් රුසිරුමත් සිරුරකි පැහැප ත්ය
දස දෙස පතළ වුණ කිතු නැණ නිම නැ ත්ය
නිදහස පැතුම් ඇත දිවිමඟ සැපව ත්ය
මහ වදනිසුරු තකු විතකුවෙ පොහොස ත්ය

වනිතා පසින් අගුණය සතුරන් ඇති වේ
තැනට ඔබින නුවණින් ජය ගත හැකි වේ
ජන ආදරය දිනු මහ නායකයකු වේ
බටහිර නැකත් ඇදුරන් ගෙන් මෙය කිය වේ


ඡ්‍යොතිෂ ඉඳුවර කිවිපති
අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.