රෝ දුක් දුරු කරන බොජ්ඣංග පිරිතේ හාස්කම්

මාර්තු 8, 2024

ඉපැරැණි පිරිත් පොතේ සඳහන් බොජ්ඣංග සූත්‍ර දේශනාවන්ට ඇතුළත් මේ උතුම් ගාථා රත්නයන් ධර්මානුකූලව සීලයක පිහිටා, පිළිවෙත් ගරුකව සිදුකර ගැනීම මඟින් ඉමහත් ප්‍රතිපල ගෙනදේ. බුදුරජාණන්වහන්සේගේ සහ වීතරාගී මහරහත් උතුමන්ගේ විවිධ රෝගාබාධ සුව කර ගැනීම සඳහා බොජ්ඣංග පිරිත් දේශනා කළ බවත්, යහපත් සිහියෙන් සහ ශ්‍රද්ධාවෙන් එය ශ්‍රවණය කළ උන්වහන්සේලා සුවපත් වූ බවත් දේශනාවල සඳහන් වේ. පන්දහසක් කල් විශ්වය තුළ සම්බුදු බලය බල ගන්වා දේශනා කර ඇති මේ උතුම් ධර්මය එදිනෙදා ජීවිතයේ ශාන්තිය පිණිස ශ්‍රද්ධාවෙන් ප්‍රයෝජනයට ගන්න.

මෙහි සඳහන් වන්නේ සාමාන්‍ය පිරිත් පොතේ ඇති බොජ්ඣංග පිරිත නොව එහි සඳහන් උතුම් වූ වචන හා අක්ෂර රැගෙන පුරාණ යතිවරුන් විසින් නිර්මාණය කරන ලද සත්‍යක්‍රියාවකි. මේ උතුම් වචනවල තෙරුවන් ගුණ ඇතුළත් කර ඇති බැවින්, මෙහි වටිනාකම පිළිබඳ අවබෝධයෙන්, සියලු උපද්‍රවයන්හිදී ප්‍රතිපත්ති ගරුකව ශ්‍රද්ධාවෙන් මෙහි සඳහන් පිරිත භාවිත කර

අපමණ ගුණ ලබා ගන්න.

බොජ්ඣංගා සති සංඛාතෝ - ධම්මාන විචයෝ තථා

විරියං පීති පස්සද්ධි - බොජ්ඣංගාව තථාපරේ

 

සමාධ්‍යුපෙක්ඛ බොජ්ඣංගා - සත්තේ සම්බුද්ධදස්සිනා

මුනිනා සම්ම දක්ඛාතා - භාවිතා බහුලීකතා

 

අධ්‍යාපන කටයුතුවලට අලස, කුසීත දරුවන් වෙනුවෙන් සහ විභාග සදහා ඉදිරිපත් වීමට බිය දක්වන දරුවන් වෙනුවෙන් සහ ධාරණ ශක්තිය නොමැති අය වෙනුවෙන් මේ ගාථාවෙන් තැඹිලි තෙල් මතුරා හිස ගල්වනු යහපතක් වේ.

 

සංවත්තන්ති අභිඤ්ඤාය - තිබ්බානායාව බෝධියා

එතේන සච්ච වජ්ජේන - සොත්ථි තේ හෝතු සබ්බදා

 

නින්ද නොයෑම මානසික පීඩනය සහ නිතර අසුබ දේවල් කල්පනා වී රැය පුරා නින්ද නොයා විවිධ දේ සිතමින් කල් මැරීම වැනි පීඩාවන් සඳහා නිදන කොට්ටයට දකුණු අත තබා තෙවරක් පිරිත් කර නින්දට යන්න. මෙය නිතිපතා සිදු කරන්න.

 

එකස්මිං සමයේ නාථෝ - මොග්ගල්ලානඤ්ච කස්සප

ගිලානේ දුක්‍ඛිතේ දිස්වා - බොජ්ඣංගං තස්ස දේසයි

 

නොඉඳුල් පැන් 108 වරක් පිරිත් කර සුව නොවන සියලු රෝගාබාධ ඇති අයට බීමට දෙනු. නිති පතා පානය කිරීමට සුදුසුයි.

 

තේව නං අභිනන්දිත්වා - රෝගා මුත්තිංසු තං ඛණේ

එතේන සච්ච වජ්ජේන - සොත්ථි තේ හෝතු සබ්බදා

 

මේ ගාථාවෙන් 108 වරක් පස්තෙල් මතුරා හන්දි සහ දණහිස් රෝග සඳහා පිටත ආලේප කරනු ගුණ වේ.

 

එකදා ධම්ම රාජා - ගේ ලඤෙහි පිළිතො

චුන්දත්ථරෙන තං -යේව භණාපෙත්වාන සාදරං

 

මේ ගාථාව ලියා 108 වර මතුරා වේයන් කන තැන යට කරනු වේයන් නොකයි.

 

සම්මෝදිත්වාච ආබාධා - තම්හා වුට්ඨාසි ඨානසො

එතේන සච්ච වජ්ජේන - සොත්ථි තේ හෝතු සබ්බදා

 

කිරි දරුවන්ගේ පංචායුධයට 108 වර පිරිත් කර ගෙල පලඳවනු. දරුවෝ රැකෙත්.

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.