නාඩි ඡ්‍යොතිෂයෙන් ඔබේ පැනයට පිළිතුරු

මාර්තු 1, 2024

ප්‍රශ්නය -

වම් දණහිසේ ආබාධය ස්ථිරවම සුව වේද? ගම්පහ - නයනානන්ද

පිළිතුර -

ඔබට 2025 අප්‍රේල් දක්වා අපල ඇත. ඉන්පසු ශරීර සෞඛ්‍යයට යහපත්. එම කාල සීමාව තුළ හදිසි අනතුරු ශෛල්‍යකර්මවලට ඉඩ කේන්දරයක්. ඔළුව, කොන්ද, පාදවල ගැටලු වරින්වර ඇතිවේ.

 

ප්‍රශ්නය -

විවාහය සිදුවන බව කීවත් තවම විවාහයක් හරි ගියේ නැත. විවාහයක් සිදුවේද? කවදාද? සහකාරිය කෙබඳුද? ගම්පහ - චන්දන

පිළිතුර -

2024 මැයි වලින් පසු විවාහයට සුබයි. ආගම, ජාතිය හෝ වයසේ වෙනසක් ඇති අයෙක් සමඟ විවාහය සිදු වේ. ආදර විවාහයකට ඉඩ ඇත. විවාහ ජීවිතය මධ්‍යම පල උදාකරයි.

 

ප්‍රශ්නය -

දරුවාගේ කතාව අඩුයි. අනාගතය ගැන දැන ගැනීමට අවශ්‍යයි. උඩංගමුව නිපුන්

පිළිතුර -

කතාව අඩු වුවත් ක්‍රියාවේ දක්ෂතා පෙන්වයි. තම අභිමතයට අනුව වැඩ කරන කෙනෙකි. ක්‍රීඩාවට හෝ ගණිත විෂයට දක්ෂතා ඇත. කඨින පින්කම්වලට ශබ්ද යන්ත්‍ර පූජා කරන්න. පින්කම්වලට සම්බන්ධ වෙන වේලාවට ළමයාට ඝන්ටාරය නාද කරන්න දෙන්න.

 

ප්‍රශ්නය -

රැකියාවක් ලැබේද? සචිනි - ලෑලිඅබේ

පිළිතුර -

අපල කාලයක් වුවත් මැයිවලට කලින් රැකියාවක් ලැබීමට අවස්ථාවක් ඇත. කලා, අලංකරණය, ඇඟලුම්, ආහාර සම්බන්ධ රැකියා ව්‍යාපාරවලට ඉතා හොඳයි. උනන්දු වෙන්න.

 

ප්‍රශ්නය -

මගේ දියුණුව ලැබෙන්නේ මොන කාලෙද? ශාන්ත - මිරිස්ස

පිළිතුර -

ගෙවන කාලය හදිසි අනතුරු කාලයක්. පරිස්සම් වෙන්න. 2025 අප්‍රේල්වලින් පසු ආදායම් තත්ත්වය වැඩිදියුණු වේ. 2028 න් පසු ඉතා සුබයි.

 

ප්‍රශ්නය -

ඉදිරියට එන මහ දශාව විදෙස්ගත වීමට අවස්ථාව තිබේද? කැලුම් - මහරගම

පිළිතුර -

2025 සැප්තැම්බර් 24 සිට ගුරු මහ දශාව බලපායි. විදෙස්ගත වීමට උත්සාහ කරන්න. මැයිවලට පෙර විදේශගත වීමකට අවස්ථාවක් ඇත.

 

ප්‍රශ්නය - අසාර්ථක විවාහයක් ඇති මා හට විදෙස්ගත වීමට අවස්ථාව ලැබේද?

රුවිනි කුමාරි - බොරලන්ද

පිළිතුර -

ඔබට ශනි මංගල හා කුජ භෞම දෝෂ දෙකම ඇත. මේ ග්‍රහ පිහිටීම්වලට ගැළපෙන විවාහයක් කරගන්න. විදේශ රටක පදිංචියට යා හැකියි. 2024 ඊට සුදුසු වර්ෂයයි.

 

ප්‍රශ්නය -

විවාහය රැකියාව කොහොමද?

ධම්මිකා - කඳාන

පිළිතුර -

මධ්‍යම පල විවාහ ජීවිතයක් ඇත. තමා බලාපොරොත්තු වෙන විවාහ සැපත නොලැබෙන ග්‍රහ පිහිටීම් ඇත. විදේශ රැකියා හෝ විදේශයට සම්බන්ධ රැකියා ව්‍යාපාරවලට සුබයි. මේ කාල සීමාව රැකියාවේ වෙනසක් සමඟ වර්ධනයක් ඇතිවේ.

 

ප්‍රශ්නය -

අනාගත දියුණුව සම්බන්ධව දැනගත හැකිද?. දමිත් චතුරංග - බෙරලිහෙල

පිළිතුර -

මේ කාලය ජන්ම ඒරාෂ්ටක අපල කාලයකි. විශ්වාසයෙන් ජීවත් වෙන්න. 2025 අප්‍රේල්වලින් පසු ඉතා සුබ කාලයක් උදාවේ. රැකියා ව්‍යාපාරවල වර්ධනයක් ඇතිවේ.

 

ප්‍රශ්නය -

අධ්‍යාපන කටයුතු සාර්ථක වේද?

හිමාෂා - ගලපිටගල

පිළිතුර -

අධ්‍යාපනයට හොඳ කේන්දරයක්. කලා වාණිජ විෂයයක්, භාෂා, මාධ්‍ය, තොරතුරු, තාක්ෂණයට හොඳයි. ඔබට විශ්වවිද්‍යාල වරම් ඇත. උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරන්න.

 

ප්‍රශ්නය -

මගේ විවාහය ප්‍රමාද වීම ගැන පවසන්න. එස්.ඒ.පී. බණ්ඩාර - පන්නල

පිළිතුර -

ඔබට ලග්න හා ජන්ම ඒරාෂ්ටක දෙකම බලපා ඇත. 2025 අප්‍රේල්වලින් පසු සියලු බලාපොරොත්තු ඉෂ්ට වේ. සෙනසුරාදා දින 21ක් බෝධි පූජා තියන්න.

 

ප්‍රශ්නය -

මගේ ඉදිරි අනාගතය පිළිබඳව හා විවාහය පිළිබඳව. ඉෂාර මධුශාන් - වේයන්ගොඩ

පිළිතුර -

මේ කාලසීමාව තුළ විවාහයට සුදුසුයි. තරමක් තම අභිමතයට අනුව වැඩ කරන කෙනෙක් ලැබෙයි. ඔබට වාහන, ඉදිකිරීම්, ඇඟලුම් වැනි අංශ හොඳයි. අවු. 36න් පසු විදේශගතවී උසස් දියුණුවක් ලබයි.

රාජ්‍ය අවුරුදු නැකැත් කමිටු සාමාජික, ඡ්‍යොතිෂ්‍ය සභා මනෝවිද්‍යා උපදේශක

ඡ්‍යොතිෂවේදී චමීර බියන්විල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.