හිටි හැටියේ් නොපෙනී ගිය මිනිස්සු

පෙබරවාරි 23, 2024

 

එය 1880 මාර්තු මාසයේ දවසකි. ඇමෙරිකාවේ ගම්බද ගොවි පොළ හිමියකු වූ ඩේවිඩ් නැමැත්තා එදින සවස් භාගයේ එළියට බැස්සේ කිසියම් ගමනක යෙදෙනු පිණිසය.

ඒ සමඟම ඔහු ඇමතූ සිය බිරිඳ කියා සිටියේ තමාට ද නගරයට යාමේ අවශ්‍යතාවයක් ඇති නිසා හැන්දැවන්නට පෙර ආපසු එන ලෙසය. මේ වන විට සිය නිවෙසේ ඉදිරිපසින් ඇති මාර්ගය දෙසට ගමන් කරමින් සිට ඩේවිඩ් මොහොතකට නැවතුණේය. එසේ කරනු ලැබුවේ මේ මොහොතේ තමා ඉදිරියේ සිය අශ්ව රථය නැවැත් වූ හිතවතෙකු සමඟ වචනයක් දෙකක් කතා කරනු පිණිසය. මේ හිතවතා එසේ මෙසේ කෙනෙකු නොව, පළාතේ විනිශ්චයකාරවරයා විය. ඔහු සමඟ මඳ වේලාවක් ආගිය තොරතුරු කතා කළ ඩේවිඩ් ආපසු හැරුණේ සිය බිරියගේ ගමනට ඉඩ සලසා දෙනු පිණිස ආපසු නිවෙස වෙත පිය නැඟීමටය.

එහෙත් ඔහුට අඩි දෙක තුනකට වඩා ආපසු පිය තැබීමට ලැබුණේ නැත. විනිසුරුවරයාත්, සිය දොරකඩට වී සිටි බිරිඳගේත් දෑස් ඉදිරියේම හෙතෙම අතුරුදන් වූයේය. සිද්ධියෙන් දැඩි ලෙස කම්පනයට පත් ඩේවිඩ් මහත්මිය සිහිසුන්ව ඇද වැටුණු අතර, විනිසුරුවරයා විනිශ්චයක් දිය නොහැකි සිද්ධියක සාක්ෂිකරුවකු බවට පත් වූයේය. මේ අයුරින් සිය සැමියාගේ අතුරුදන් වීම විනිශ්චයවකාරයෙකුගේ ඉදිරියේ සිදු වූවත්, ඩේවිඩ්ගේ භාර්යාවට එතැන් සිට වූයේ ඉමහත් ගැටලු සහගත තත්ත්වයකට මුහුණදීමටය.

එනම් ඔහු මිය ගිය බවට සහතිකයක් ඉදිරිපත් කළ නොහැකි වීම නිසාය. අධිකරණයේ නිගමනය වූයේ ඔහු යම් දිනක ආපසු පැමිණීමට ද ඉඩ ඇති බැවින් යම් කාල සීමාවක් දක්වා ඉවසා සිටිය යුතු බවය.

මේ සිද්ධියට තවදුරටත් අද්භූත ස්වභාවයක් එක් වූයේ ඉන් සතියකට පමණ පසුවය. එනම් ඩේවිඩ් අතුරුදහන් වූ මං පෙත ආසන්නයේ බිම් කඩෙහි එක් ස්ථානයක කවාකාර අවකාශයක තණකොළ මැරී තිබෙනු දක්නට ලැබීමය.

මෙය මුළින්ම නෙත ගැටී ඇත්තේ ඔහුගේ දරුවෙකුටය. ඉක්බිති මේ ස්ථානයට පැමිණි පවුලේ සෙසු සාමාජිකයන්ට තමා යම් කිසිවකින් ගලවා ගන්නා ලෙස ඉල්ලමින් යාඥා කරන සිය පියාගේ කට හඬ ඇසුණු බව කියනු ලැබේ. එහෙත් එම හඬ ද ටික දිනකින් නෑසී ගිය බව ඔවුන් පවසා තිබේ.

එලෙසම මුරිසි ජාතිකයකු වූ මුරාරි නැමැති ගොවියා ද කිසිවෙකුට පැහැර ගෙන යාමකට හෝ අතුරුදන් කර දැමීමට අවශ්‍ය වූවෙකු නොවේ. ප්‍රාදේශීයව පිහිටි කුඩා නගරයක දිවි ගෙවූ හෙතෙම කාගේත් හොඳ හිත දිනාගත් අහිංසකයෙකි. එක්තරා දිනෙක සිය නිවසින් ආහාර ගෙන ඔහු එළියට බසිනු ලැබුවේ, තමාගේ ගොවිපොළ වෙත යනු පිණිසය. ඒ සිය කුඩා පුතුන් දෙදෙනාත්, තම බිරිඳත් දොරකඩට වී බලා සිටියදීය.

ඔහු අසල නිවසේ වූ හිතමිතුරු ගොවියාට කතා කළේ රේක්කය ටිකකට ඉල්ලාගත හැකිදැයි අසමිනි. රේක්කය අතට ගත් අසල්වැසියා මුරාරිට සිය නිවෙසට කතා කළේ තව තේ කෝප්පයක් බීමටද ආරාධනා කරමිනි. සිය මිතුරාගේ ඉල්ලීමට එකඟ වෙමින් ඔහු ඒ දෙසට හැරෙන අන්දම මුරාරිගේ බිරිඳ හා දරු දෙනාගේද නෙත ගැටිණි. නමුත් ඔවුන් තිදෙනා මෙන්ම මුරාරිගේ අසල්වැසියා ද බලා සිටියදීම ඔහු ක්ෂණයකින් නොපෙනී ගියේය.

එසැණින් දිව ආ මුරාරිගේ බිරිඳ හා දරු දෙදෙනාද මොහොතකට ගල් ගැසුණේ හඬා වැටෙන්නටවත් බැරි තරමට විමතියට පත්වී සිටි බැවිනි. කර කියා ගත හැකිව තිබූ එකම දෙය ලෙස පොලිසියට වෙත ගිය ඔවුහු මේ සිද්ධිය ගැන පැමිණිළි කළහ. චූදිතයකු හෝ

වින්දිතයෙක් නැති මේ පැමිණිල්ල හේතු කොටගෙන, ඊළඟට කර කියාගත දෙයක් නැති වූයේ පොලිස් නිලධාරීන්ටය.

නමුත් කාරණය සලකා බැලූ නිලධාරීහු මේ ගැන පරීක්ෂණ කටයුතු කිරීම සඳහා පළාතේ භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ උදව් ඉල්ලා සිටියහ. ඒ මොහොතේ ඔවුන්ටද අදාළ පරිසරයෙන් කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි වූවත්, සිද්ධියෙන් තුන් මසක් ගෙවුණු තැන ඔවුන්ගේ එක් පුතෙකුට මීට අදාළයැයි සිතිය හැකි යම් සාක්ෂියක් දැකගත හැකි විය. එය නම් ඒ අවට භූමියේ පෙර සිදුවීමේ වු පරිදිම එක් ස්ථානයක වෘත්තාකාර හැඩයකට පොළව මත වූ තණකොළ මැරී තිබීමය. එය සිදුවී තිබුණේ යම්කිසි විශාල පියනකින් බිම වසා තිබූ කලෙක මෙනි. විස්මයජනක කාරණය වූයේ මෙතැන සිට දින ගණනාවක් ගතවන තුරු පෙර ඩේවිඩ්ගේ සිදුවීමේ මෙන් ඒ ස්ථානයෙන් තම පියාගේ කට හඬ ඔවුන්ට ඇසෙන්නට වීමය. මේ ආකාරයට විද්‍යාවට අභියෝගයක් එල්ල කළ මේ අතුරුදන්වීම උසාවියටද විසඳීමට අපහසු ගැටලුවක් ඉදිරිපත් කළේය. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහු මිය ගිය පුද්ගලයෙකු ලෙස පිළිගත හැකි සාධක කිසිවක් මෙතනදීද ඉදිරිපත් කළ නොහැකි වීමය. අන්තිමේදී මුරාරි නම් තම සැමියා ඇස් පනාපිට අතුරුදන් වීමේ ගැටලුව හිස දරා ගැනීම හා හැකි නම් විසඳා ගැනීම ඉතිරි වූයේ මුරාරිගේ බිරිඳ වෙතමය.

මේ ආකාරයට මිනිසුන් හිටවනම අතුදහන්වීම පිළිබඳව පුවත් අතරින් වැඩිම පිරිසක් නොපෙනී යාම ගැන සඳහන් වන්නේ ඇමෙරිකාවෙනි. ඒ 1960 දී එහි මිචිගන් ප්‍රාන්තයෙනි. එහිදී අතුරුදහන් වූ පුද්ගලයන් ගණන 8 දෙනෙකි.

තම අතුරුදන්වීමට පෙර මේ අයුරින් හෝ වෙනත් යම් ආකාරයකට මොන විදියේ හෝ සංඥාවක් කරනු ලැබූ පුද්ගලයෙකු ලෙස පෙන්වා දිය හැක්කේ බෲස් කීමන් නැමැති හත් හැවිරිදි දරුවෙකි. සිද්ධිය වන අවස්ථාවේදී ඔහු පාසැලේ ශිෂ්‍ය නායකයෙකු සමඟ වූ කණ්ඩායමක් සමඟ එකතුව සාමාන්‍ය වනාන්තරයක අධ්‍යාපන චාරිකාවකට සහභාගී වී තිබේ. මේ කියන සිසුවාට හදිසියේම හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනී ඇත.

සිසු නායකයා තීරණය කර ඇත්තේ ඔහු තම කඳවුරට රැගෙන ගොස් ප්‍රථමාධාර ලබා දීමටය. එහෙත් සිය කඳවුරට මීටර් කීපයක් තිබියදී මේ සිසුවා අතුරුදන් වී ඇත. පොලිස් නිලධාරීන් ප්‍රමුඛ ස්වෙච්ඡා නිලධාරීන් තුන්සියයකට අධික පිරිසක් මේ දරුවා සෙවීමේ මෙහෙයුමට සහභාගී වුවද, කිසිදු ප්‍රතිඵලයක් නොවීය. ඒ සති දෙකක කාලයක් එක දිගට සොයා බැලීමෙන් අනතුරුවය.

මෙලෙස අතුරුදහන් වූ තවත් දරුවකු වන්නේ කැලිෆෝනියාවේ ටොමී වෝර්ඩන්ය. අට හැවිරිදි වියේ පසු වූ ටොමී එහි පිහිටි ජාතික වනෝද්‍යානයක ක්‍රීඩා කරමින් සිටියේය. ඒ තමාගේ පවුලේ සහෝදර සහෝදරියන් සමඟය. එසේ සිටියදී එක්වරම සියල්ලන් ඉදිරියේ ඔහු නොපෙනී ගියේය. මෙහි යම් විශේෂත්වයකට ඇත්තේ ඔහු නොපෙනී ගොස් ඇත්තේ එම වන උද්‍යානයේ යකාගේ ගේට්ටුව යයි නම් ලද ස්ථානයකදී වීමය.

පොලිස් සුනඛයින්ද යොදා ගනිමින් හාර සියයකට අධික නිලධාරීන් පිරිසක් විසින් මසකට අධික කාලයක් පරීෂාකරන ලද මුත් දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිකර ගැනීමට ඔවුහු අසමත් වූහ. මෙවැනි සිදුවීම් පිළිබඳව නොයෙකුත් මති මතාන්තර ඉදිරිපත් කිරීමෙහි ලා ලොව පුරා වූ භෞතික විද්‍යාඥයෝද ප්‍රධාන තැනක් ගත්හ. මෙවන් ගැටලුවකදී සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ පිහිට පතා ගිය ඔවුන් පැවසුවේ අප දැන් දැන් විශ්වයේ පස්වෙනි මානය අත් විඳීමින් සිටින බවය.

එනම් උස, දිග, පළල සහිත ත්‍රිමාණ ලොවක් අත් විඳීමින් සිටි මිනිසා, අජටාකාශය ජය ගැනීමෙන් පසු සිව්වැනි මානයකට ප්‍රවිශ්ට වූවාසේ දැන් ඔහු පස්වෙනි මානයටද මුහුණ දෙන්නට සුදානම් විය යුතු බවය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.