ඇත්තම විවාහය

පෙබරවාරි 16, 2024

තරුණ වියේදී ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි දක්වන ඇල්ම බෙහෙවින්ම ලිංගිකමය පදනම මතම රැඳේවි. ලිංගිකමය උනන්දුව යනු දෙවැන්නා පිනවීමට ඇති වුවමනාවයි. ව්‍යාත්සායන් ප්‍රකාශ කර ඇත්තේ ස්ත්‍රී ශයනේ වෛශ්‍යානම්, යහනේදී වෙසඟනක් බඳු හැසිරීමයි. ‘වසොදුස්සරියං ලොකෙ ස්ත්‍රි භාණ්ඩාන මුත්තම’ ලොව ඇති සියලුම භාණ්ඩ අතරින් ස්ත්‍රී නමැති භාණ්ඩය උතුම් වේ. (දුස්සරිය සූත්‍රය සංයුක්ත නිකාය) යුගදිවිය දිව්‍යමය රස ගුලාවකි. එය අපායක් කර ගත යුතු නොවේ. එක කේන්ද්‍රයක 7 වැන්නාධිපති මකර රාශියේ සිංහ නවාංශකයේ යැයි සිතමු. අනෙක් කේන්ද්‍රයේ 7 වැන්නාධිපති තුලා රාශියේ ධනු නවාංශකයේ ද වේ නම් ඒ අනුව මකර, තුලා රාශි අධිපතීන් වූ ශනි, ශුක්‍ර මිත්‍ර බැවින් ගැළපීම් සුබ වේ. ධනු නවාංශකය රාශියෙත් සිංහ නවාංශක රාශියෙත් අධිපති ගුරු හා රවිත් මිත්‍ර ග්‍රහයින් නිසා සුබයි.

තවද කේන්ද්‍රයක 7 වැන්නාධිපති 8 සිටීමෙන් 8 වැන්නාධිපති 7 සිටීමත් යහපත්ය. පරිවර්තනයකි විවාහය හිතකර නොවේ. පාපී පෙනීම් ඇතිනම් තවත් අයහපත්ය. හත අධිපතියා පාපී පෙනීමත් 8 අධිපතියා 7 වැන්නේ වී පාපී පෙනීමත් 7 පාපීන් වීමත් හත අධිපති 6,8,12 සිටීමද අශුභයි. විවාහ සැපත සුන් කරයි. අකල් විපත්වලට ගොදුරු වේ. කේන්දර දෙකෙහිම එවැනි යෙදුමක් නම් සාමාන්‍යයෙන් ඔරොත්තු දේ. පාපී පෙනීම් ඇති කුජ 7 නම් තරුණ වියේදීම වැන්දඹු වේ. ලග්නයේ රවි, කුජ, රාහු වීමද අසුබයි. ලග්නය වෘෂභ හෝ ධනු වී 12 වැන්නේ ශනි, කුජ, රවි, සඳු යෝග වූ විටත් කේතු සිටීමත් හරහා වැන්දඹු වේ. වෙනත් වැන්දඹු යෝග ගණනාවක්ම ඇත්තේය.

සඳු කටකයෙත් ශනි කුම්භයේ සිටීමත් අවපස සඳු, කුජ හා ශනි රවිද යන ග්‍රහයින් දෙදෙනෙකු සිටීම විවාහයට අයහපත්ය. ලග්නයේ දුබල සඳු සිටියදී අඟහරු 6 හෝ 8 සිටීමත් විවාහයට අයහපත්ය. සැමියාට විපත් වේ.

නීච, ශුක්‍ර, දුටු පාපීන් 5 වැන්නේ සිටීමද බිරිඳට අයහපත්ය. දරුවන්ට විපත්ය.

ලග්නාධිපතියා 6 වැන්නේ පළමු පාදය ඉක්මවා සිටී නම් බිරින්දෑවරු අධිකයි.

රවි ලග්නයේ සිට ශනි 7 වැන්නට ගිය විට සහකරු හෝ සහකාරිය වෙන් වේ.

හත අධිපතියා 11 අධිපති සමඟ යෝගවීම විවාහයට අහිතකරයි. පාපීන්ට මැදිවූ ශුක්‍ර 8 හෝ 4 නම් සිය විවාහකයා වෙන් වේ.

2,7,8 සිටි අඟහරු දශාව ලැබීමෙන් විවාහයට විපත් ගෙන දේ.

දුබල රාහුගේ කාලයේ විවාහවීම අයහපත්ය. පාපීන් 7 ගමන් කරන කාලයේ විවාහ වීම ඉතාම අසුබයි. කාන්තා කේන්ද්‍රයේ ලග්නය මකර වී හතේ කුජ, ශූක්‍ර, රවි, සඳු වීම ඉතාම අසුබයි. තෙවැනි සිල්පදය වරින්වර කඩයි.

ගුරු 6,8,12 ගමන් කරන කාලයද අයහපත්ය. විවාහයට ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ත්‍රිජන්ම නැකත් විවාහයට අසුබයි. විවාහ වන දිනය නැකත තිථිය කරණය ඉතාම සුබ විය යුතුයි.

මංගල රාත්‍රිය පුරාම පසු දින පහන්වන තුරුම ඉතාම සුබ නැකතක් වීම අනිවාර්ය වේ. ගුරු ශුක්‍ර දුබලවීම අසුබයි. විශේෂයෙන්ම සැමියා මත්පැන් පානය කර එදින රැය පහන් කිරීම ඉතාම අසුබ වන්නේය.

පේ‍්‍රම විවාහයකට වඩා යෝජිත විවාහවලදී ගැටලු වඩාත් පැන නඟී. බිරිඳගේ ශල්‍යකර්මයකින් පපුපෙදෙස ඉවත්කර තිබීම, ඇස්වලට කාච දමා තිබීම (ක්ෂයරෝගය වැලඳී තිබීම) පෝලියෝ වැනි ව්‍යාධි තිබීම දත් දමා තිබීමත් අධික දුර්ගන්ධයක් මුවින් පිටවීම (පයරියා) කෘත්‍රිම කෙස්කළඹ දෙපක්ෂයට තිබීමත් විශේෂයෙන්ම නිතඹට කෘත්‍රිම ආරෝපණීය (පෑඩ්) යොදා තිබීමත් විවාහ දිවියකට කල්තබා නොදැන ගැනීම නිසා අසුබ වන්නේය. අසුබ වී ඇති බැව්ද සනිටුහන් කරමු. විවාහයට සත්‍ය තිබිය යුතුයි. සාර්ථක විවාහයක පදනම දෙදෙනාගේ විශ්වාසයයි.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.