වසරක් ගෙවී නව වසරක් උදාවන දොළොස් මාසය

දෙසැම්බර් 8, 2023

මාස දොළහක් ගෙවී තවත් මාස දොළහක් උදාවන නව වසරේ ජනවාරි පළමුවැනිදා සියලු ලෝකවාසී ජනතාවගේ මංගල සම්මත දිනයකි. මෙදිනට එළැඹෙන දෙසැම්බර් තිස්එක්වැනිදා රාත්‍රී දොළහෙන් පසු තම තමන් ආගමික වතාවත්වල යෙදෙමින් සාමය සතුට හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව පැතීම රටවල්වල සිදු කෙරෙන සිරිතකි. මේ අතර පළමුකොට දින දර්ශනයක් නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ඊජිප්තුවටයි. ඊජිප්තුව විසින් මුල්ම දින දර්ශනය නිපදවන ලද්දේ ක්‍රි.පූ. දෙසිය හතළිස් එකේ දි යැයි විශ්වාස කෙරේ.

 

පෘථිවිය වටා සූර්යයා යන ගමන පාදක කොට ගනිමින් සකස් කරන ලද දින දර්ශනයේ මුල්ම දිනය යෙදී ඇත්තේ ජනවාරි මස පළමුවැනිදාටය. එදින නව වසරේ උපත ලබන දිනය ලෙස සලකමින් ජනේරු උළෙල මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සමහර රටවල් පියවරගෙන ඇත. දොළොස් මසක කාලයක් නිම කරමින් ග්‍රහමඬුල්ලේ සොළොස්වැන්නා වූ මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීමෙන් ඇරඹෙන මේ උලෙළ ජනවාරි පළමුවැනිදාට යෙදී ඇත. ජනේරු යනුවෙන්ද නම් කරනු ලබන ජනවාරි මාසය තාරකා ශාස්ත්‍රඥයකු වූ සීසර්ගේ අනුදැනුම මත සකස් කළ දින දර්ශනයේ පළමු මාසය වූ ජනවාරි මාසය මුහුණු දෙකකින් සමන්විත ජානුස් නම් නුවණට අධිපති දෙවියා වෙනුවෙන් නම්කොට ඇත. ජානුස් දෙවියා වසරක් ගෙවී තවත් වසරක් ලබන ජනවාරි මාසයේ දී අතීතය හා අනාගතය බලන බව රෝමන්වරු විශ්වාස කරති.

 

ජනවාරි (දුරුතු)

ජානුස් දෙවියා

මේ මාසය නීති ගත කරන ලද්දේ පොස්පියුලියස් අධිරාජ්‍යයා විසිනි. ජනවාරි මාසය කලින් අවසන්ව තිබුණේ දින තිහකට සීමාවන පරිදිය. පසුව එය දින තිස් එකකින් අවසන් කිරීමට ජූුලියස් සීසර් පියවර ගන්නා ලදී. රෝම දේව ගණයට ප්‍රබල දෙවියකු වූ ජේනුස් දෙවියා සිහිපත් කිරීම සඳහා වසරක් ගෙවී නව වසරක් ලබන මුල්ම මාසය වූ ජනවාරි මාසයේ දී දිගටම පුද පූජා පවත්වනු ලැබේ. නව වසරක් උදාවන ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේද බොහෝ ආගමික උත්සව පවත්වමින් රටට ජනතාවට සෙත ශාන්තිය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් පින්කම් උත්සව හා පෙරහර පවත්වති. නව වසර උදාවෙත්ම දෙසැම්බර් මස තිස් එක්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටම එම කාර්යයන් ඉටු කෙරේ. විහාරස්ථාන දේවාල කෝවිල් පල්ලි හා දේවස්ථානවල සියලු ආගමික වත් පිළිවෙත් ඉටු කරනු ලබන අතර රටට ජනතාවට සෙත් පැතීම්ද සිදු කෙරේ. දුරුතු මාසය යනුවෙන් හෙළ බසින් නම්කොට ඇති ජනවාරි මාසයේ දී ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම ද කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර පැවැත්වීමද සමස්ත ලංකාවාසී ජනතාවට සෙත් පතමින් සෑම විහාරස්ථානයකම බෝධි පූජා දේව පූජා මෙන්ම සර්ව රාත්‍රික පිරිත් දෙසුම් ද පවත්වනු ලබයි. එමෙන්ම දේවස්ථානවල මධ්‍යම රාත්‍රියේ සිට දේව මෙහෙයන්ද පැවැත්වන අතර කතරගම දේවාලයේ හා ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියසද පූජා පවත්වා රටට ආශිර්වාද කරයි.

 

පෙබරවාරි (නවම්)

පවුනුස් දෙවියා

පවුනුස් නම් වනාන්තරයට අධිපති දෙවියකු සිහිපත් කරමින් පෙබරවාරි මාසය එනමින් නම් කොට ඇත. පැරැණි රෝමන්වරුන් විසින් පෙබරවාරි මාසය විශේෂ මාසයක් ලෙස සලකා උත්සව පැවැත්වීමට පියවර ගත්හ. මෙදින රෝම පූජකවරුන් එළු සම් වියළාගත් සම්වලින් සාදාගත් සම් පටි රැගෙන මහ මඟ දුව යමින් එහෙ මෙහෙ ගමන් කරන අයට පහරදීම චාරිත්‍රයක් විය. මෙසේ මහමඟ යන එන තරුණියන් පූජකවරුන්ගේ මේ සම්පටි පහරට ලක්වුවහොත් ඇය ඉතා වාසනාවන්තියක් වන බවට ද විශ්වාස කෙරිණ. මේ නිසා මෙදින වැඩි වශයෙන් මාර්ගවල ගමන් කිරීමට කාන්තාවන් වැඩි කැමැත්තක් දැක්වීය. පෙබ්රු නමින් හඳුන්වනු ලබන මේ සම්පටිය නම් කොට ඇත්තේ පවිත්‍රතාවය යන්නයි.

පෙබරවාරි මාසය ශ්‍රී ලංකාවට ද විශේෂ මාසයක් වන්නේ අපරට නිදහස ලබා ඇත්තේ ද පෙබරවාරි මාසයකදී වී තිබීම නිසයි.

 

මාර්තු (මැදින්)

මාර්ස් දෙවියා

වසන්ත සමයේදී මාර්ස් (කුජ) ග්‍රහයාට පුද පූජා පැවැත්වූ රෝමවාසීහු එය අනුස්මරණය කිරීම සඳහා පෙබරවාරි ළඟට එන දින තිස් එකට මාර්තු යනුවෙන් නම් දුන්හ. අපරදිග රටවල් මල් අස්වැන්න පූදින මාසයේ පළමු මාසය මාර්ස් නම් යුද්ධ දේවතාවාගේ නම අනුව මේ මාසය මාර්තු වූ බවටත් මතයක් පවතී.

 

අප්‍රේල් (බක්)

අප්ප්‍රයිටේ් දේවතාවිය

මාර්තු මාසයෙන් උදාවන දින තිහට රෝමන්වරු එෆ්ල්ස් යනුවෙන් ව්‍යවහාර කළහ. මල් පිපෙන්න යන්න තේරුම් දෙන අප්පි‍්‍රපේ යන වචනයෙන් ඇප්ලීස් නොහොත් අප්ප්‍රයිටේ නම් ගී‍්‍රක දේවතාවියගේ නාමයෙන් අප්‍රේල් කියා නම්කොට ඇත. පැරැණි රෝමන්වරුන්ගේ දෙවැනි මාසය වූයේද මේ මාසයයි. මේ මාසයට රෝමන්වරු දින තිහක් සේ සකස් කරන ලද ජුලියස් සීසර් යුගයේ දී අප්‍රේල් මාසයට දින තිහක් සේ සකස් කරන ලදී.

 

මැයි (වෙසක්) මාජොරස්

මැයි මාසයට මුල රෝමන්වරු වෙයි. නමැති බලගතු දේවියක් සඳහා මෙසේ නම් කරන ලදී. රෝම ජාතිකයින් විසින් වැඩිහිටියන් හැඳින්වීමට යොදන මා ජෝරස් වචනයෙන් (මාජොරස්) මෙසේ නම්තබා ඇත. ලොවේ බෞද්ධ රටවල මැයි මාසය පූජනීය මාසයක් ලෙස සලකුණු ලබන්නේ සිදුහත් කුමරාගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල් උත්සවය මැයි මාසයට යෙදී ඇති බැවිනි. එමෙන්ම මුළු මහත් ලෝකයාගේම වැඩ කරන ජනතාවගේ කම්කරු දිනයද මැයි මස පළමුවනදාට යෙදී ඇත.

 

ජුනි (පොසොන්)

ජුනෝ් දේවතාවිය

ජුනිමාසය රෝම ජාතිකයින් තරුණයින් හැඳින්වීමට යෙදූ යුනියෝරෙස් වචනය මුල්කරගනිමින් මැයි මාසයෙන් එළඹෙන මාසයට ජුනි මාසය යනුවෙන් නම් කරන ලදී. ජුනෝ නැමැති දේවතාවිය සිහිවීම සඳහාද මෙසේ මේ මාසය නම්කොට ඇත.

 

ජුලි (ඇසළ) කුවින්ටස්ලීස්

ජුලියන් වර්ෂ ක්‍රමයෙහි නිර්මාතෘ වූ ජුලියස් සීසර් සිහිවීම සඳහා ජූලි මාසය මේ නමින් නම්කර ඇත. රෝමයේ පස්වන මාසය වන මෙම මාසය කුවින්ටස්ලීස් යනුවෙන්ද හඳුන්වා ඇත. පසු කලෙක එය වෙනස්කරමින් ජුලියස් සීසර් තම ජන්මෝත්සවයකදී සදහටම තම නම පැවතීම සඳහා ජූලි වශයෙන් නම තබා ඇත. ජූලි මාසය අප රටට ද වැදගත් මාසයකි. එනම් ඇසළ මාසයේ උදාව සිදු වන්නේ ජූලි මාසයේදී වන බැවිනි. විශේෂයෙන් රුහුණු මහ දේවාලයේ ඇසළ උත්සවය ඇතුළු වෙහෙර විහාරස්ථානවල සහ දේවාලවලත් ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන්නේ මේ මාසයේදී බැවිනි.

 

අගෝස්තු (නිකිණි)

අගෝස්තු මාසය රෝම ජාතිකයින්ගේ භක්ත්‍යාදරයට පාත්‍ර වූ ඔගස්ටස් සීසර් සිහිවීම සඳහා ඒ මාසයට ඒ නම් තබා ඇත. ජුලියස් සීසර්ට මාසයක් නම් කළ නිසා ඔගස්ටාස් සීසර්ට ද මාසයක් නම් කළ යුතුයයි යන මතය නිසා එසේ නම්කොට ඇත. ජුලියස් සීසර්ගෙන් පසු කිරුළු පැලඳු ඔගස්ටස් සීසර්ට ජයග්‍රාහක මාසයක් වූයේ අගෝස්තු මාසයයි.

 

සැප්තැම්බර් (බිනර)

බැක් වුස් දෙවි දුව

සැප්තැම්බර් හත්වැන්න යන අරුත දෙන සෙප්ටිමස් යන වචනයෙන් සැප්තැම්බර් මාසය නම්කොට ඇත. පුරාණ රෝමන්වරුන්ගේ මාස ක්‍රමය අනුව සැත්තුමේ යනුවෙන් යොදන්නේ හත්වන මාසයටයි. පුරාණ රෝමන්වරු බැක් වුස් නම් දෙවි දුවකට පූජෝපාහාර පැවැත්වූහ. ඒ මඟින් දේවාශිර්වාද ලැබෙන බවට ද විශ්වාස කළහ. මේ නිසා අවුරුද්දේ හත්වන මාසයට පෙස්ටිමස් යනුවෙන් නම් තබා පසුව එය නමවන මාසයට ගන්නා ලදී. එමෙන්ම සබ්තම්ය දෙව්දුව නමින් ද එසේ නම් කර ඇති බව ද කියති.

 

ඔක්තෝබර් (වප්)

ඔක්තෝබර් මාසය ඔක්ටෝ යන වචචනය මුල්කරගනිමින් නම් කර ඇත. ඔක්තෝබර් කුජ ග්‍රහයාගේ ශුද්ධ වස්තුවක් ලෙසද සලකති. එයට හේතුවී ඇත්තේ ඔක්තෝබර් අශ්වයා කුජ දෙවියාට පුදා ඇත්තේ ඔක්තෝබර් පහළොස්වන දිනයක වීමයි. රෝම දින දර්ශනයට අනුව අටවන මාසය වන්නේ එම මාසයයි.

 

නොවැම්බර් (ඉල්)

නොවැම්බර් මාසය නොවෙම් යන ලතින් වචනයෙන් නම් කර ඇත. සීත සෘතුවේදී ඇතිවන නොවැම්බර් මාසය කතෝලික බැතිමතුන්ගේ මළවුන්ගේ මාසය ලෙස සැලකේ.

 

දෙසැම්බර් (උඳුවප්)

පුරාණ රෝමන්වරුන්ගේ දසවන මාසය වන මෙය ඉංගී‍්‍රසි දින දර්ශනයේ අවසාන මාසය වෙයි. මිහිදුම් පිරුණු යන තේරුම් දෙන ජොලිබස් යනුවෙන් ශුද්ධ මාසය ලෙස හඳුන්වනු ලැබූ මේ මාසය පසුව ජර්මන්වරු ක්‍රිස්තු මාසය ලෙස නම් කළහ. දෙසැම්බර් මාසය ලොව පුරා සිටින කතෝලික ජනතාවගේ නත්තල සමරන මාසය ද වෙයි. දෙසැම්බර් මාසය ඩිසෙම් යන වචනයෙන් යොදන ලද්දකි. උඳුවප් මාසය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අප රටට වැඩම කළ මාසයයි.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.