වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
එකම අසමමිතික ස්ථානයක් පමණක් ඇති ටජ්මහල් සංකීර්ණය
හරියටම මෙයට වසර 500කට පෙර ප්‍රංශ ජාතික ඡ්‍යොතිෂ්‍ය විද්‍යාඥයකු හා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රධරයකු වූ “නෝස්ත්‍රදාමස්”ගේ ලොව මවිත කළ අනාවැකි අතර ඉන්දීය උප මහද්වීපය තුළ අනාගත සිදුවීම් පිළිබඳව සඳහන් කර තිබූ අනාවැකි ගොන්න අතර “ෂාහ් ජහාත්” අධිරාජයාගේ “නූර්ජාන්” හෙවත් “මුම්ටාස්” බිසවගේ අභාවයන් ඇය වෙනුවෙන් අනාගතයේදී “ටජ්මහල” ආදර සංඛේතයක් ලෙස ඉදිවන බව දක්වා තිබීම පුදුම සහගතය.
ගෘහනිර්මාණ ශිල්පයේ කලාත්මක සුන්දරත්වයෙන් අගතැන්පත් “ටජ්මහල” ඉන්දියාවේ අගනුවර නවදිල්ලි නගරයට කිලෝමීටර් 200ක් දකුණින් පිහිටි අග්‍රා නුවර “යමුනා” ගංගාවේ දකුණු ඉවුර මත පිහිටා ඇත. මේ වන විට එය ලෝකයේ ආශ්චර්ය ජනක නිර්මාණ අතර දැවැන්තයකු බවට පත්ව සිටියි.
64 වතාවක්ම ඉන්දියාවේ විදේශ සංචාරයන් සඳහා ගොස් ඇති මම ඉන්දීය ප්‍රාන්ත රැසකට යෑමට හැකි වූ අතර, ඉන්වාර 10ක්ම අග්‍රා නුවර ටජ්මහල් සංකීර්ණය පියවි ඇසින් නැරඹීමට භාග්‍යවන්ත වීමි. මම එමඟින් කලින් කලට එම සංචාරක පුරවයේ දියුණුව හා අලංකාරය මැනවින් දුටිමි.
මෙහි ප්‍රධානතම ගෘහ නිර්මාණ ශිල්පයා වූයේ උස්නාද් අහමද් ලහෝරිය.
ගෘහ නිර්මාණ ශිල්පය අයක් වන්නේ මෝගල් ගෘහ නිර්මාණ ක්‍රමයටය.
ෂභා බුද්දීන් ෂහ් ජනාන් බික් ජහාන්කීර් නම් වූ ඉන්දියාවේ මෝගල් රාජ පරම්පරාවේ 5 වැනි රජතුමා ක්‍රිස්තු වර්ෂ 1627 සිට 1658 දක්වා රජ කළ අතර ස්වකීය ප්‍රේමණීය “මුම්ටාස් දේවියගේ” අකල් වියෝවෙන් හදවත සසල වී ගිය මහා අධිරාජයකු ලෙස තම ප්‍රේමයේ සදාතන සිහිවටනයක් ලොවට ඉති කර මිය ගියේ ය.
ස්මාරකයේ නිර්මාණය ඇරඹීම
1632 මේ අතිශය චමත්කාර ජනක නිර්මාණය සඳහා පර්සියාව, ඔටෝමන් යුරෝපය සහ යුරෝපයේ රටවල්වලින් කීර්තිමත් ශිල්පීහු ගෙන්වා ගෙන තිබේ.
ඒ අතර ඒ ඒ වැඩ පිළිබඳ නිපුණතා ඇති ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල චිර ප්‍රසිද්ධ දක්ෂ ශිල්පීන් රැසක් ද එක්තැන් කොට ඇත.
ටජ්මහල් මන්දිර සංකීර්ණය සාදා, නිම කිරීමට විසි දහසක් ශිල්පීන් අවුරුදු 22ක් දිවා රෑ මහත් ධෛර්යයෙන් වැඩ කළ බව කියනු ලැබේ.
මෙහි ප්‍රධාන සොහොන් ගැබ 1648 දී ඉදිකර නිමකර ඇති අතර පරිවාර ගොඩනැඟිලි එයින් වසර පහකට පමණ පසු ඉදිකර ඇත. “ෂාහ් ජහාන්” රජු ටජ්මහල විස්තර කර ඇත්තේ මෙසේ ය. “පව්කාරයකු වුවද මෙහි පැමිණි කල ඔහුගේ සියලු පෙර පව් සෝදා වරදකාරී හැඟීමෙන් මුදවා සමාව දුන් කෙනකු ලෙස පව්වලින් නිදහස් කළ හැකි දැකීමෙන් පවා සුසුම්ලෑමට හේතුවන ඉරහඳ පවා කඳුලු වගුරුවන ටජ්මහල මැවුම්කරුවාගේ මහිමය විදහා පෑමට මහ පොළොව මත ඉදිකරන ලද්දකි”
“ෂාහ් ජහාන්” රජතුමා නවදිල්ලි අගනුවර පිහිටි ජාම් ආ මස්ජිදය, නවදිල්ලි අගනුවර පිහිටි රතුබල කොටුව (Red fort) ලාහූර් නගරයේ පිහිටි “ෂාලිමාර්” අලංකාර මල්වතු නිර්මාණයද රනින් කළ සිංහාසනයද, නිර්මාණය කළේ “ෂාහ් ජහාන්” රජු විසිනි.
ටජ්මහල ඉදිකර ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරින් කිලෝමීටර් 200ක් දකුණු පසට පිහිටි අග්‍රා නගරයේ දකුණු ප්‍රදේශයට වන්නටය. “ෂාහ් ජහාන්” රජු එකල සිටි “මහරාජා - ජායි - සින්ග්” හට අග්‍රාවල ඉතා විශාල මන්දිරයක් තෑගි කොට මෙම බිම් කොටස ලබාගත් බව සඳහන් වෙයි. අක්කර තුනක පමණ බිම් කොටසක් ජල කාන්දුව වැළැක්වීමට ගංගා ඉවුරුවලට වඩා මීටර් 50 (අඩි 160) පමණ ඉහළින් බිම් සැකැස්ම කර ඇත.
ටජ්මහල ඉදිකිරීමේ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් සහ ආසියාතික රටවලින් ලබාගෙන ඇත. මේ අමුද්‍රව්‍ය ප්‍රවාහනයට අලින් 1000ක් පමණ යොදාගෙන ඇත. මේ සඳහා පාරභාෂක කිරිගරුඬ මක්‍රානාවෙන් හා රාජස්ථානයෙන්ද සූර්ය කාන්ත පාෂාණ, පන්ජාබයෙන්ද හරිතමණි හා පළිඟු චීනයෙන්ද, නිල් මැණික් ටිබෙටයෙන්ද, දීප්තිමත් නිල් මැණික් ඇෆ්ගනිස්ථානයෙන්ද, නිල්මිණි ශ්‍රී ලංකාවෙන්ද කානීලියන් අරාබියෙන්ද ගෙන්වා ගෙන ඇති අතර තවත් වටිනා ගල්වර්ග විසි අටක් පමණ යොදාගෙන ඇත.
ශ්‍රමිකයන් සහ නිර්මාණ කරුවන්
උතුරු ඉන්දියාවෙන් 20,000ක් පමණ කම්කරුවන් පිරිසක් යොදාගෙන ඇති අතර මූර්ති හා කැටයම් නිර්මාණශිල්පීන් බුක්හාරාවෙන්ද, කාව්‍ය ලේඛන ශිල්පීන් සිරියාවෙන් හා පර්සියාවෙන්ද ගල් ඔබ්බවීම් කටයුතු කරන්නන්, දකුණු ඉන්දියාවෙන්ද, ගල්වඩුවන් බලුකිස්ථානයෙන්ද, කොත් නිර්මාණයේ විශේෂඥයෝ හා තවත් විශේෂඥ කණ්ඩායම් 37ක් පමණ මේ නිර්මාණය සඳහා දායක වී ඇත.
යුනෙස්කෝ ලෝක උරුමය
1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි. කිරිගරුඬ බුබ්බුලාකාර කොත නහිත සෙහොන් ගැබ මෙහි ප්‍රධාන අංශය විය. එහෙත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකීර්ණයකි. අධි රාජ්‍යයාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිපදෙනකුම කටයුතු කර ඇත. ඒ අය අතරින් “අබ් උල් කිරීම්”, “මාමුර්” ඛාන්” “මක්‍රමත්ඛාන්” හා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පි “උස්නාද් අහමද් ලාහෝරි” විශේෂ වෙයි. ටජ්මහල සදා නිම කළ පසු ගෘහ නිර්මාණ ශිල්පියාගේ දෑස් අන්ධ කළ බවට කතාවක් පැවැතියද එය සනාථ කිරීමට කිසිදු සාධකයක් නැත.
කුඩා ටජ්මහල
කුඩා ටජ්මහල ඉදිකිරීමේ දී වාස්තු විද්‍යානුකූලව බොහෝ දේ සිදුකර ඇත. එමෙන්ම පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ බලපා ඇත්තා සේම එවකට ඉදිකර තිබූ මෝගල් ගොඩනැඟිලිවල ගෘහ නිර්මාණ ලක්ෂණ බලපා ඇත. ඒ අතර “ගුර් ඒ, අමීර්” “ඉට්මැඩ් උඩ් ඩුලහ්හි සොහොන් මන්දිරය (කුඩා ටජ්මහල ලෙසද මෙය හඳුන්වයි) සහ “ජමා - මස්ජිඩ්” ප්‍රධාන වේ.
මීට ඉහතදී මෝගල් ගොඩනැඟිලි සඳහා රතුවැලි ගල් භාවිතා වූ අතර “ෂාන් ජහාන්” රජු විසින් කිරිගරුඬ හඳුන්වා දෙන ලදී.
ගෘහ නිර්මාණ ශිල්පය / බිම් සැකැස්ම
සොහොන ගැබ
ටජ්මහලේ බිම් සැකැස්ම
1. සඳරැස් උද්‍යානය (moonlight Garden) හා යමුනා නදිය.
2. සොහොන් මන්දිරය, ඉස්ලාම් දේවස්ථානය හා ජාවෙබ්
3. උද්‍යානය
4. ඇතුළු වන දොරකඩ හා අනෙක් සොහොන්
5. ටාජ් ගාන්ධි වෙළෙඳ ප්‍රදේශය (යමුනා නදියේ ඉවුරේ සිට ටජ්මහල දිස්වන අයුරු, නැඟෙනහිර දිශාවෙන් දිස්වන අයුරු.)
ටජ්මහලේ පිටත අලංකරණය
ටජ්මහලේ පිටත අලංකරණය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය විදහා දක්වයි. ගොඩනැඟිල්ලේ මතුපිට අලංකරණය සඳහා තීන්ත, කැටයම්, ඔබ්බවු ගල් හා “ස්ට්‍රකෝ” නිර්මාණ ශෛලිය යොදා ගෙන ඇත. මෙහි නිර්මාණ කාව්‍ය ලේඛන, අමුර්ත ආකෘති, හා වර්ධක ලෙසට කාණ්ඩ කිහිපයකට වර්ග කළ හැක.
ටාජ්මහල් ගොඩනැඟිලි සංකීර්ණය ප්‍රධාන අංග පහකින් සමන්විතය. “දර්වජා” හෙවත් ප්‍රධාන ප්‍රවේශ මාර්ගය, “බගිවා” හෙවත් ගෙඋයන, “මස්පීඩ්” හෙවත් මුස්ලිම් දේවස්ථානය, “නග්ගර් ඛාන්” හෙවත් විශ්‍රාම ශාලාව සහ “රව්‍රජා” හෙවත් මෘත දේහාගාරය යනු ඒ අංග පහය.
ටජ්මහල් සංකීර්ණය පුරා කුරානයේ අන්තර්ගත කොටස් නිර්මාණ සඳහා භාවිත කර ඇත. නූතන විශාරදයන්ට අනුව මෙම කොටස් තෝරාගෙන ඇත්තේ “අමනත් ඛාන්” නම් විශිෂ්ට ශිල්පියා විසිනි.
ඉහළ ඇති පුවරු මත ප්‍රමාණයෙන් විශාල නිර්මාණ කර ඇත්තේ පහළ සිට වුව ද බැලීමට හැකිවන පරිදිය. ස්මාරකයේ කැටයම් කර ඇති කාව්‍ය ලේඛන ඉතා සවිස්තර වූත්, විචිත්‍ර වූත් නිර්මාණ වේ. අමුර්ත ආකෘති ආකාරයේ නිර්මාණ ගොඩනැඟිල්ලේ සෑම තැනකම පාහේ යොදාගෙන ඇත. ඒවා බුබ්බුලාකාරය. හා තැන්පත් ගර්භය තුළ වැලිගල් සහිත මතුපිටෙහි විශිෂ්ට, ජ්‍යාමිතික චිත්‍ර, කතිර රටා, හා කැටයම්වලින් යුක්තය. සුදු පැහැති ඔබ්බවන ලද කැටයම් වැලිගල් මත ද කලු පැහැති ඔබ්බවන ලද කැටයම් කිරිගරුඬ මතද නිමකර ඇත. හුණු බදාමයෙන් කල කොටස් විචිත්‍ර ලෙස වර්ණ ගන්වා ඇති අතර පොළව සඳහා එකින් එකට වෙනස් වූ පිනක් ගඩොල් රටා යොදාගෙන ඇත.
“පේකඩ” නම් මූර්ති නිර්මාණ ශිල්පයෙක් පහළ මට්ටමේ ඇති බිත්ති අලංකාර කර ඇත. මෙහි කිරිගරුඬ පසුබිම ඔපදමා ඇති අතර එමඟින් කැටයම් වඩාත් විස්තර සහිතව දිස්වේ. පහළ බිත්ති කොටස්, ආරුක්කු දෙපස කොටස් ජ්‍යාමිතික හැඩ, මල් හා පලතුරු වැල්වලින් අලංකාර කර ඇති අතර මේ සඳහා සූර්යකාන්ත පාෂාණ (moon stone) හරිතමනි පාෂාණ හා කහ ගරුඬ යොදා ගෙන ඇත.
ඉහළ මධ්‍යයේ ඇති ආරුක්කු විවරයන්ගේ සඳළුතලමතින් වට පිටාව මැනවින් දිස්වන අතර එහි පිටත ඇති ජනෙල් විවරය සංකීර්ණ කැටයම් මෝස්තර සහිත “ජාලි“ වලින් නිර්මිතය. බොහෝවිට මෙය ඇතුලට ආලෝකය ලබා ගැනීම සඳහා ද භාවිතා වේ. සෑම කුටීර බිත්තියක්ම ඉතා විචිත්‍ර හා සියුම් පේකඩ, මැණික් නිර්මාණයන්ගෙන්ද කාව්‍ය ලේඛන නිර්මාණයන්ගෙන්ද සමන්විතය. ස්මාරකය වටා අෂ්ඨාග්‍ර හැඩැති කිරිගරුඬ පුවරුව “ජාලි“ විචිත්‍ර කැටයමෙන් යුතු අතර ගරුඬ පාෂාණ පුවරු අටකින් සමන්විතය. එහි කැටයම් කර ඉතිරිවී දැති කොටස් විවිධ පාෂාණ ඔබ්බවා විචිත්‍රකර ඇත.
සොහොන් කොත මත විවිධ ශිලා ලේඛන, කාව්‍ය ලේඛන නිර්මාණය කිරීම මෝගල් අවමඟුල් සම්ප්‍රදාය වේ. “මුම්ටාස්” දේවියගේ සත්‍ය සොහෙන් කොතෙහි පැතිවල දෙවියන් අනූනව දෙනෙකුගේ නම් සහිත ශිලා ලේඛන විය. “ෂහ් ජහාන්” රජුගේ සොහොන් කොතේ මෙලෙස සඳහන්ව ඇත.
“ඔහු භිජිරි” දින දර්ශනයට අනුව වසර 1076 “ජොබ්” මස 26 වන දින රාත්‍රියේ මෙලොව හැරදමා සදාකාලිකත්වයේ මන්දිරය වෙත පිය මැන්නේ ය.”
අලංකෘත උද්‍යානය “පරාදීසයේ උද්‍යානය”
ටජ්මහලේ ජලතටාකය අසළ ඇති පියමගෙනි අලංකාර උද්‍යානය සංකීර්ණය පිහිටා ඇත. මෙම උද්‍යාණ සංකීරණය. වර්ග මීටර් 300 (වර්ග අඩි 980) පමණ වේ. උද්‍යානයේ පටු මන්තීරු මඟින් උද්‍යානය කොටස් හතරකට බෙදී වෙන් වෙයි. ඒ ඒ එක් කොටසක් නැවතත් කොටස් හතරකට වෙන් වෙයි. එහි පොකුණු, වතුරමල් ගස් සහ මල් පඳුරු උද්‍යානය වඩාත් දැකුම්කළු පරිසරයක සිරියාව දුෂ්‍යමාන වෙයි.
සමර්දි උද්‍යාන ජල තටාකය
උද්‍යාන මධ්‍යයේ පිහිටි ජල තටාකය “හෝව්ඩ් - අල් - කව්තාර්” එනම් සමෘදියේ තටාකය ලෙස හඳුන්වයි. මෙය පර්සියානු ආභාෂය ලද උද්‍යානයක් වන අතර උද්‍යානයට ඔබින ගස්වල හා වතුර මල්වලින් සමන්විතය. මෙම උද්‍යාන ක්‍රමය ඉන්දියාවට හඳුන්වා දෙන ලද්දේ පළමු මෝගල් අධි රාජයා වන “බාබූර” විසිනි. මෙම උද්‍යාන ක්‍රමය පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ “පරාදීසයේ උද්‍යානය”(Paradise Garden) සංකල්පය අනුව ඉදිකිරීමක් වෙයි. මෝගල් යුගයේ පරාදීසය හඳුන්වාදී ඇත්තේ මධ්‍යයේ උල්පතකින් පටන් ගන්නා ජල පහරවල් සතරක් දිශා හතරකට විහිදී උද්‍යානය කොටස් හතරකට වෙන් කෙරෙන සමෘර්දිමත් උද්‍යානයක් ලෙසය.
මෝගල් උද්‍යාන සැලසුම්
බොහොමයක්ම සෘජුකෝණාශ්‍රාකාර වන අතර මධ්‍යයේ මන්දිරයක් හෝ ස්මාරකයක් පිහිටයි. නමුත් ටජ්මහල් උද්‍යානයේ ප්‍රධාන ස්මාරකය පිහිටා ඇත්තේ උද්‍යානයේ කෙළවරකය. නමුත් මෙම සංකීර්ණයේ “සඳරැස් උද්‍යානය” (moon light garden) ගවේෂණයෙන් පසු ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණයන්ට අනුව “යමුනා” නදිය මෙම සංකීර්ණයේ සැලැස්මට දායකවී ඇති බවද “යමුනා” නදිය පරාදීසයේ ජල ධාරා සතරින් එකක් බවට සළකනු ලැබූ බවද දැක්වෙයි.
ෂර්ලීමා උද්‍යානය
මෙම උද්‍යානයට සමාන තවත් උද්‍යානයක් ඇති අතර එය ෂර්ලීමා උද්‍යානය (Shlimar garden) ලෙසත් හඳුන්වයි. මෙහි සමානත්වය නිසා උද්‍යාන දෙකම “අලි - මාර්ද්න්” නම් ශිල්පියා විසින් කල බවට සැලකේ. උද්‍යානය වෘක්ෂලතා හා රෝස, ඩැෆිඩෙල් හා පලතුරු ගස්වලින් සමන්විතය. අධිරාජයාගේ වියෝවෙන් පසුව මෙහි නඩත්තු කටයුතු අඩුවිය. පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් එහි පාලනය ගෙන බ්‍රිතාන්‍ය භූමි නිර්මාණකරණය ක්‍රම අනුව උද්‍යා කොටස් වෙනස් කරන ලදී.
ප්‍රධාන දොරටුව
ප්‍රධාන දොරටුව ගරඬ පාෂාණයෙන් නිමවා ඇති අතර එය අතීත මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය සිහිකරවන්නකි. එයද ස්මාරකයේ මෙන් ආරුක්කු මඟකින් හා කාව්‍ය ලේඛනවලින් විචිත්‍රවත් වී ඇත. මෙය පේකඩ හා “පෙයිට්‍රාඩුරා” කැටයමින් සමන්විතය. මෙහි සිවිලිම හා බිත්ති ජ්‍යාමිතික හැඩතලවලින් යුතු අතර සංකීර්ණයේ අනෙක් ගොඩනැඟිලිවලට සමාන වේ.
ගොඩනැඟිලි සංකීර්ණයේ එක් අන්තයක තවත් රතුවැලි ගලින් නිර්මිත එක හා සමාන ගොඩනැඟිලි දෙකක් ඇත. එහි බටහිර අන්තයේ අති ගොඩනැඟිල්ල ඉස්ලාම් දේවස්ථානයක් වන අතර අනෙක් ගොඩනැඟිල්ල “ජාවබ්” නමින් හැඳින්වෙන සමමිතිය ආරක්ෂා කර ගැනීමට ඉදිකරන ලද්දකි. නමුත් මෙය අමුත්තන්ගේ නවාතැන් පොළක් ලෙසට භාවිතා කළ බව සඳහන් වෙයි. “ජාවබ්” ගොඩනැඟිල්ලේ ජ්‍යාමිතික හැඩවලින් සමන්විත අතර දේවස්ථානයේ ගෙබිම කළු ගරුඬින් නිමකළ යාඥා බුමුතුරුණු 569කින් සමන්විතය. දේවස්ථානය බුබ්බුලාකාර තුනකින් සමන්විත වන අතර මෙය “ෂාන් ජහාන්” රජු නිමකල අනෙක් ගොඩනැඟිලිවලට බොහෝ සේ සමාන වේ. මේ යුගයේ ඉස්ලාම් දේවස්ථාන ප්‍රධාන කොටස් තුනකින් යුක්ත විය. ප්‍රධාන කොටස අනෙක් දෙසට සාපේක්ෂව විශාලවේ. මෙය පිටත ගොඩනැඟිලි සියල්ලම 1643 දී නිමකරන ලදී. ටජ්මහල සාදා නිමවනවාත් සමඟම “ෂා ජෙහාන්” රජුගේ පුතෙකු වන “වුරන්ග්සෙබ්” විසින් රජුව රජකමින් පහකොට අග්‍රා කොටුව අසල බිම්ගෙයක සිරකොට තබා ඇත. රජුගේ මරණින් පසු පුතා විසින් රජුගේ දේහය දේවියගේ සොහොන් ගැබට පසෙකින් තැන්පත් කරවීය.
වාස්තු විද්‍යාත්මක ලක්ෂණ
එදා මෙදා තුර ලෝකයේ වාස්තු විද්‍යාත්මක නියමයන්ට අනුකූලව ඉදිකළ අතිවිශිෂ්ටතම සිහිවටන ගොඩනැඟිලි සංකීර්ණය ටජ්මහලයි.
ටජ්මහල් සංකීර්ණය පුරාම වාස්තු විද්‍යාත්මක සමමිතික බව වඩාත් කැපී පෙනෙන සුවිශේෂ වූ ලක්ෂණයකි. ටජ්මහල ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස සලකනුයේ එහි වාස්තු නිර්මාණයේ ඇති ප්‍රබලත්වය නිසාම ය.
කිරිගරුඬ ගලෙන් බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ දෘශ්‍යමාන වන්නේ අතිමහත් ශුඨ විස්මිත හා ප්‍රතාපවත් බවින් අනූන මහා සමාධියක් ලෙසය. එහි විස්මිත නිර්මාණය එකවර පියවි ලෙස දුටුවන්ගේ චිත්ත සන්තානය තුළ ඇතිවන්නේ ආදරයත්, සෙනෙහසත් පිරි දයාබර හැඟීම් සමුදායක් එහි සියුම් ව සිත්තම් වී ඇති බවයි.
වාස්තු විද්‍යානුකූලව නිවෙසක් ඉදිකිරීමේදී අපේක්ෂා කරනුයේද නිවසේ පරිසර පද්ධතිය, අලංකාරය ආකර්ෂණීය බව පෞරුෂය හා අභිමානය පිළිබිඹු වීමය.
එමෙන්ම ටජ්මහලද එහි පිහිටි පරිසර පද්ධතිය එනම් යමුනා නදියේ සුන්දර දකුණු නදී තීරයේ අත්‍යාලංකාර පරිසර පද්ධතියක් තුළ හමා එන සිහිල් මදනල ඔස්සේ අලංකාර හා ආකර්ෂණීය අයුරිනුත්, මහා පෞරුෂයන් හා අභිමානයක් ගෙන දෙන ප්‍රතාපවත් සමාධියක් ගොඩනඟා ඇත්තේ මහා විස්මිත නිර්මාණයන් අයුරිනි. සමාධිය පිහිටි උද්‍යානයේ ශෝභමාන තුරුලතා, මල්ගොමුවල අලංකාරයද, සම මිතික බවද එහි සුන්දරත්වය ඉහළ නංවයි. එය මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණ ගණයෙහිලා වැටීමට මෙයද හේතු සාධක වී ඇත.
ටජ්මහලේ සංකීර්ණ පුරා සියලුම ඉදිකිරීම් ෂාහ්ජහාන් රජුගේ නිරන්තර පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කර ඇත්තේ වාස්තු විද්‍යානුකූල සමමිතික බව සුරකමිනි.
එහෙත් මෙම සංකීර්ණයේ සමමිතික බව බිඳී ඇති එකම ස්ථානය වනුයේ රජුගේ සහ දේවියගේ සැබෑ දේහයන් තැන්පත්කර ඇති ස්මාරකයයි. එනම් “ෂාහ් ජහාන්” රජුගේ ස්මාරකය “මුම්ටාස්” දේවියගේ ස්මාරකයට බටහිර දිශාවට වන්නට පිහිටයි. ( එය මක්කම දිශාවට දෙදෙනාගේ ශීර්ෂ තැබෙන අයුරිනි) එය මුළුමහත් ටජ්මහල් මන්දිරයේ ඇති එකම අසමමිතික අංගයයි.
වාස්තු විද්‍යානුකූලව සොහොන් කොත් නිර්මාණය කිරීමේදී එම සිහිවටනයේ “චාම් බව“ උතුම් කොට සලකයි. එසේම ටජ්මහල් සමාධියේ “මුම්ටාස්” දේවියගේ හා “ෂාහ් ජහන්” රජුගේ සිරුර තැන්පත් කර ඇත්තේ චාම් ලෙස නිර්මාණය කර ඇති ඇතුලත කුටීරයක් තුළය.
ප්‍රධාන ටජ්මහලේ සිහිවටන ස්මාරකයේ (සමාධියේ) ප්‍රතිබිම්බය පැහැදිලිව දෘශ්‍යමාන වන ආකාරයට එහි මාධ්‍යයෙහි පිහිටි ජල .තටාංගනයේ දියමතින් එහි සේයාරුව පෙනෙන පරිදි නිර්මාණය කිරීමද අපූර්වය. එය තවදුරටත් අත්‍යාලංකාර දසුනක් මවා පායි. එය වාස්තු විද්‍යාවේ අපේක්ෂිත ආකර්ෂණීයත්වය ගෙන දෙයි.
ටජ්මහල නරඹන්නන්ට මෙම ප්‍රතිබිම්බය ජලය තුළින් ඉස්මතු වී පෙනීම චමත්කාර ආනන්දනීය දසුනක් වනු නොඅනුමානය. යමුනා නදියේ ජල දහරාව තුළින්ද පෙනෙන ටජ්මහලේ ප්‍රතිබිම්බය මනහර දසුනක් ගෙන හැර පායි. වාස්තු විද්‍යාවේදී නිවසක් ඉදිකිරීමේදී එහි අත්තිවාරම සැකසීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ලබයි. ඊට හේතු සාධක වනුයේ නිවෙසේ සවිමත් බව, කල්පැවැත්ම, එහි අඩිතාලම නැතහොත් පාදම ඉදිකිරීමේදී වැදගත් වෙයි. ගොඩනැඟිල්ලේ අනාගත කල්පැවැත්ම හා ගොඩනැඟිල්ලේ ආයුෂ මේ මත රැඳී පවතියි.
එමෙන්ම ටජ්මහල් සංකීර්ණය ඉදිකිරීමේදීද වාස්තුවිද්‍යානුකූල එම සාධකයට ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බව පෙනෙයි. ටජ්මහලේ සමාධියේ පාදම ඉතා විශාල කුටීර සහිත ඉතා සවිමත්ව සකසා ඇත. එය අජටාශ්‍ර හැඩ ගනී. මෙහි එක පැත්තක් මීටර් 55ක් (අඩි 180) පමණ වෙයි.
එමෙන්ම කිරිගරුඬ බුබ්බුලාකාරය. ටජ්මහල් මන්දිරයේ විශේෂම අංගයයි. එය මීටර් 35 (අඩි 155) උසකින් යුක්තය. මෙය සිලින්ඩාකාර හැඩැති මීටර් 7 (අඩි 23) පමණ උස් විශාල සිංගාරමක් මත පිහිටා ඇත. එම හැඩය ලූණු ගෙඩියක හැඩය ගත් බුබ්බුලාකාරය. (onion Dome)
මෙම බුබ්බුලාකාරය මත සම්ප්‍රදායික හින්දු හා පර්සියානු මෝස්තර හැඩවූ කොත් කැරැල්ලක් පිහිටීමද සුවිශේෂ කරුණකි.
ටජ්මහල් ගොඩනැඟිලි සංකීර්ණයේ ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන දර්වාජාද, ගෙඋයන වූ බගීවාද, මස්ජීඩ් දේවස්තානයද, නග්ගර් ඛාන් විශ්‍රාම ශාලාවද, රවුජා මෘත දේහාගාරයද ඉදිකර ඇත්තේ වාස්තු විද්‍යාවට අනුරූප ලෙසිනි.
ඉදිකර ඇති ගෘහ නිර්මාණ ශෛලිය පර්සියානු මධ්‍ය, ආසියානු සහ ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්ප ලක්ෂණවල සම මිශ්‍රණයකි. කළු සහ සුදු මාබල් ඇතිරූ බිම, සතර කොනේ සදලු තලය සහිත මීටර් 40න් උස කුළුණු සතර සහ මැද ඇති අර්ධගෝලාකාර ගර්භය බෙහෙවින් චිත්තාකර්ෂණීය වෙයි. ආරුක්කු යට මංපෙත් කුරාණ පොතේ වැදගත් පාඨ කොටා ඇත. සොහොන් ගැබ් සහ උස් කුළුණු හතරේ ජා්‍යාමිතික හැඩතල විස්මය දනවන සලුය.
ප්‍රධාන ස්මාරකය අසල ළිං කැන ඒවාට කළුගල් කැබලි සම්පූර්ණයෙන් පුරවා ස්මාරකයේ අඩිතාලම ශක්තිසම්පන්නව යොදා තිබීම, වාස්තු විද්‍යානුකූලව එකඟය.
ටජ්මහල් සංකීර්ණය ඉදිකිරීම් කාර්යයේදී උණගස් වෙනුවට ගඩොල් භාවිතකර තිබුණි. (ඉදිකිරීම නිමවීමෙන් පසුව ඒවා ඉවත් කිරීමට වසර දෙකක කාලයක් ගතවී ඇත)
අමුද්‍රව්‍ය ගෙන ඒමට ගොනුන් 20 දෙනකු පමණ අදිනු ලැබූ විශාල කරත්ත භාවිතා කර තිබුණි. විශේෂ ලීවර, කප්පි ක්‍රම භාවිතා කොට අමුද්‍රව්‍ය එසවීමට දොඹකර ලෙස උපයෝගී කර තිබීම විශේෂයකි.
සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය ජලය යමුනා නදියෙන් විශේෂ ලීවර ක්‍රම උපයෝගී කර ජල ටැංකි සකසා එම ජල ටැංකියේ සිට අනිකුත් ජලටැංකිවලට විමධ්‍යගතව ජලය බෙදා හැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇත.
ප්‍රධාන දොරටුව ගරුඬ පාෂාණයෙන් නිමවා ඇත්තේද වාස්තු විද්‍යානුකූලවය. එයද ස්මාරකයේ මෙන්ම ආරුක්කු මගකින් හා කාව්‍ය ලේඛණවලින් විචිත්‍රවත් වී ඇත.
උද්‍යාන නිර්මාණයේදී මොගල් උද්‍යාන සැලසුම් බොහෝ දුරට ඍජුකෝණාශ්‍රාකාර වන අතර, උද්‍යාන මධ්‍යයෙහි සාමාන්‍යයෙන් මන්දිරය හෝ ස්මාරකය පිහිටුවීමට සාමාන්‍ය ප්‍රචලිත ලක්ෂණයයි. එහෙත් ටජ්මහල් ප්‍රධාන ස්මාරකය පිහිටා ඇත්තේ උද්‍යානයේ කෙළවරක වීම විශේෂත්වයකි. උද්‍යානය පටු මංතීරු මඟින් ප්‍රධාන කොටස් 4කට බෙදා වෙන් කරයි.
උද්‍යාන මධ්‍යයෙහි කිරිගරුඬ ජල තටාකය පිහිටා තිබීමත්, සමාධිය හා පිවිසුම් දොරටුව අතරමැද පිහිටන මෙය සමාධියේ ප්‍රතිබිම්බ පරාවර්තනය කරන ජල තටාංගනයකින්ද සමන්විතය. මෙමඟින් වාස්තු විද්‍යාවේ අග්‍රඵලයක් වන ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත.
ප්‍රධාන ස්මාරක ගොඩනැඟිල්ලේ පාදම කෙළවර පිහිටා ඇති ප්‍රාසාදශාංග සතරකි. මීටර් 40 (අඩි 130) පමණ උස්වන මෙම ප්‍රසාදශාංග නිර්මාණයෙහි සමමිතික බව ආරක්ෂා කර ඇති ආකාරය විස්්මයජනකය. මෙය වත්මන් විද්වතුන්ගේ ඇගයීමට පාත්‍ර වී ඇත.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂවේදී /වාස්තු පර්යේෂක
ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි
ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය
අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි
ආචාර්ය විජය සමරසිංහ