කතරගම පෙරහර අසිරිය

ජුනි 30, 2023

ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් මේ දිනවල පැවැත්වේ. ස්කන්ධ කුමරුන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහය සනිටුහන් කිරිම පිණිස සිදු කරන කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අප රටේ පැවැත්වෙන ජාතික උත්සවයක් මෙන්ම ලංකාවේ පැවැත්වෙන පැරණිම පෙරහැර ද කෙටි දුරක් විිදි සංචාරය කරන පෙරහැර මංගල්‍යයද වේ. කතරගම පෙරහැර මංගල්‍යය පසු ගිය 19 වැනි දින ආරම්භ විය. අතිිතයේ දි අපේ රටේ ජනතාව විවාහ මංගල්‍යයන්වලදිි මගුල් මඩුවක් සදවා දීම පිණිස ලී කණුවක් සිටුවීිම නැකතකට සිදුකරන ලදී. එම චාරිත්‍රය අනුව පෙරහැර ආරම්භ විිමට පෙර දින 45 කට පෙර කප් සිටුවීමට කපුමහත්වරු ක්‍රියා කරති. ඇසළ මංගල්‍යය ළංවන විටදී දේවාල භුමිය පමණක් නොව කතරගම නගරය ද පිරිසිදු කර පුජා භුමියේ වැලි පවා ඉවත් කර නව වැලි දමා බිම පවා පිරිිසුදු කරයි. අතිිතයේ මං මාවත් නැති යුගයේ පැමිණි අයුරින් උතුරු නැගෙනහිර සිට කුමන ජාතික වන උද්‍යානය, යාල උද්‍යානය ඔස්සේ බැතිමතුන් විශාල වශයෙන් පැමිණිම සිදුවේ. කතරගම පුදබිම තුල ද කතරගම නගරයේ ද බැතිමතුන් පැමිණෙන මාර්ගය තුළද නොමිලේ ලබා දෙන බත් දන්සැල්වලින් පිරීයයි. පැමිණෙන බැතිමතුන් ⁣මංගලෝත්සවයකට ගියා මෙන් ආහාර පාන කමින් බොමින් ස්කන්ධ කුමරුන්ගේ සහ වල්ලි දෙවඟන විවාහ උත්සවය සමරති. පුරා දින 05ක් කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන අතර කඳ කුමරුවන් වැඩමවමින් වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර එහිදී දුටු ගැමුණු රජතුමා විසින් නියම කරන ලද රජ අණ පරිදි චාරිත්‍ර ඉටු කිරිම සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා සදහන් කරයි. එම චාරිත්‍ර ඉටු කිරිමෙන් පසුව නැවත දේවාලය වෙත ගමන් කර පෙරහැර අවසන් වේ. ලබන ජුලි 03 වැනි දින කතරගම දේවාලයේ අවසන් මහා පෙරහැර කිරිවෙහෙර දක්වා ගමන් කර චාරිත්‍ර ඉටු කිරිම සිදු වේ.

ඉන් පසුව ජුලි 04 වැනි දින මැණික් ගඟේ ජිවමාලි තොටේ දි දිය කැපිමේ චාරිත්‍රය සිදුවේ. මෙම දිය කැපිමේ චාරිත්‍රයෙන් පසුව පාද වන්දනාව මඟින් පැමිණි බැතිමතුන් මෙන්ම දිවයින දස අතින් පැමිණි බැතිමත්හු මැණික් ගඟේ ජලය රැගෙන හාරෝ හරා කියමින් නැවත ලබන වසරකදී පැමිණෙන බව පවසා දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කර සිය ගම්බිම් වෙත ගමන් කරති.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.