වර්ෂ 2024 ක්වූ December 06 වැනිදා Friday
රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසළ උලෙළ
මහා දේවාලයෙන් පෙරහර පිටත් වී ගණදෙවි දේවාලයට පැමිණෙන අතර, මහා දේවාලය පැදකුණුකොට ප්‍රධාන දොරටුවෙන් පිටත් වී වල්ලි අම්මා දේවාලය තෙක් ගමන් කරයි. එම දේවාලයේ දී පුද පූජා පවත්වා නැවත මහා දේවාලයට පැමිණේ. කතරගම ඇසළ උත්සවයේ අවසාන භාගයේ දී ගිනි පෑගීමේ චාරිත්‍ර ඉටුකරනු ලැබේ.
මෙවර ඇසළ උලෙළට අපි කතරගම යමුද කියා ඇසුවේ පියංකරය. ඔව් යමුයි කියා පිළිතුරු දුන්නේ පුෂ්පිකාය. ආ එහෙනම් අපි හතර පස් දෙනාම යමු හැබැයි ගෙදර අයත් එක්කයි යන්නෙ කියා කීවේ අනුලාය. ඒ කතාවට ශාන්ත ද එක්වුණේ අන්න කඩේ මාමා එනවා කියමිනි.
කඩේ මාමා ආවේ නැන්දත් සමඟය. ආ නැන්දේ කොහොම ද කියා ඇසුවේ එතනට ආ ලාලනීය. ලීලානන්ද අපිත් එක්ක කතරගම යන්න එනවාදැයි ඇසුවේ පියංකරය. එන්නම් එන්නම් කී ලීලා නැන්දා මාමා නම් සුමානයක්ම කතරගම ඉඳලයි ආවෙ. ඇත්තද කියා ඇසුවේ පුෂ්පිකාය. ඔව් මාම මල්කඩයක් දැම්මානේ. මේ හත්වන වතාවයි. අනේ මාමෙ අපිට කතරගම ඉතිහාසය ගැන ටිකක් කියන්නකො එසේ කීවේ අනුලාය.
පියදාස මාමා අවුරුදු හතක්ම කතරගම මල්කඩ දැම්ම නම් කතරගම පෙරහර ඉතිහාසය නෙවේ. මුළු පළාතෙම ඉතිහාසය දන්නව ඇතිනේ කියන්න කොයි කීවේ පි‍්‍රයාය. වේලාව නම් මදි ඒත් නොකියාම බැහැනේ කියමින් පියදාස මාමා කතාව පටන්ගත්තේ කතරගම දෙවියන්ගේ පිහිටයි කියමිනි. කතරගම පෙරහර වසර එකදාස් නමසියයකටත් වඩා පැරණි බව සැලකෙනවා. කතරගම ඓතිහාසික තොරතුරු අනුව දස බෑ රජ පරපුර පිළිබඳ බොහෝ තොරතුරු පවතිනවා. රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය පටන් ගන්නේ කප් සිටුවීමෙන්, පෙරහර පැවැත්වීමට දින හතළිස් පහකට පෙරයි කප් සිටුවන්නේ.
ප්‍රථම පෙරහර මහා දේවාලයෙන් පිටත්ව මැද වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් චාරිත්‍ර ඉටුකොට එම මාර්ගයෙන්ම පැමිණ මහා දේවාලයට ගෙවදී දෙවන දින පෙරහර මහා දේවාලයෙන් පිටත් වී පිටවීදිය ඔස්සේ ගමන් කර සතර මහා දේවාලයන්හි පූජා තබා වල්ලි අම්මා දේවාලය වෙත ගොස් නැවත මහා දේවාලය වෙත එයි. පෙරහරේ හය වන දිනය විශේෂ වන්නේ බස්නායක නිලමේ පෙරහරේ ගමන් කිරීමයි.
පියා මාමෙ මහ පෙරහර වගේම දුවන පෙරහර, අතුපන්දලම, ගිනි පෑගීම, ඒවා ගැනත් අහල තියෙනව ඒත් විස්තරයක් නම් දන්නෙ නැහැ. හයවන දින පැවැත්වෙන පෙරහර වෙනුවෙන් බස්නායක වලව්වේ දානමය පින්කමක් පවත්වා එදින රාත්‍රී ප්‍රථම වරට බස්නායක නිලමේතුමා පෙරහරට සහභාගි වනවා. පෙරහර ආරම්භ කරමින් මුල් දින පහේ පෙරහර ගමන් කරන්නේ පිට වීදියේ එනම් දේවාලය වටා ඇති මාර්ගයේ මෙය හඳුන්වා ඇත්තේ මඟුල් පෙරහර නමිනුයි. ඊළඟට පැවැත්වෙන්නේ දෙවොල් පෙරහරයි. එය දින හතක් පැවැත්වෙනවා. වේල් පෙරහර දොළහක්ද දෙවොල් පෙරහර හයක් ද දුවන පෙරහරද සමඟින් පෙරහර දහනමයක්ම ඇසළ උත්සවය වෙනුවෙන් පැවැත්වෙනවා.
මාමේ ඇසළ මහ පෙරහරේ විශේෂාංග ගොඩාක් තියෙනවද කියල ඇහුවෙ අනුලාය. ඔව් දරුවො කියමින් කතාව පටන්ගත් මාමා මහ පෙරහර පැවැත්වීමට පෙර කිරිවෙහෙරේ භික්ෂූන් වහන්සේලා මහ දේවාලය තුළ පිරිත් දේශනයක් පවත්වා ආශීර්වාද කරනවා. පිරිත් පැන් ඉසීමෙන් පසුව ශබ්ද පූජා මධ්‍යයේ පෙරහරේ වඩම්මවන ශුද්ධ වස්තු හා දේව රූප ඇතුපිට තැන්පත් කිරීම සඳහා වාසනාමේධය වෙත ගෙනයනවා. ඒ මහා දේවාල භූමියේ තනා ඇති වේදිකාවයි.
මහා දේවාලයෙන් පෙරහර පිටත් වී ගණදෙවි දේවාලයට පැමිණෙන අතර, මහා දේවාලය පැදකුණුකොට ප්‍රධාන දොරටුවෙන් පිටත් වී වල්ලි අම්මා දේවාලය තෙක් ගමන් කරයි. එම දේවාලයේ දී පුද පූජා පවත්වා නැවත මහා දේවාලයට පැමිණේ. කතරගම ඇසළ උත්සවයේ අවසාන භාගයේ දී ගිනි පෑගීමේ චාරිත්‍ර ඉටුකරනු ලැබේ.
ගිනි පෑගීම සඳහා අඩි විස්සක් දිග අඩි හයක් පළල ස්ථානයක් සකස් කොට විශාල දරකොටන් දමා ගිනි තබා අඟුරු සකස් කොට අඩි විස්ස පුරා විහිදුවා අතුරා ගිනි පෑගීමට සූදානම් කරයි. ගිනි පෑගීමට කැප වී සිටින අය පෙරහර පැවැත්වෙන මුළු කාලය පුරාම මස්මාංශ මත්පැන් හා කිළි කුණුවලින් වැළකී වෙනත් දුශ්චරිතවලින්ද වැළකී ඒ සඳහා ඇප කැප වී සිටිති.
ඇයි මාමෙ දිය කැපීම ගැනත් ටිකක් කියන්නකො. කතරගම ඇසළ මංගල්‍යයේ කටයුතු දිය කැපීමෙන් පසු අවසන් වේ. එදින දිය කපනු ලබන කපු මහතා මස් මාංශවලින් වැළකී තෙමසක් පුරා අදාළ සිරිත් විරිත් රකිමින් නිරත වේ. දිය කපන දින සුබ නැකතකින් එය ඉටුකරනු ලබයි. කපු මහතා ස්වර්ණාභරණවලින් සැරසී රන් කඩුව හා රන් කළය ගෙන දිය කපන තොටට පැමිණේ. තල් අතුවලින් හා සළුපිළිවලින් ආවරණය කරන ලද දෝලාවකින් දේවාලයෙහි සිට උදෑසන පැමිණ දිය කපන පෙරහර පළමුව වල්ලි අම්මා දේවාලයට ගොස් එතැන් සිට මැණික් ගඟේ දියකපන ස්ථානයට ළඟා වේ. එහිදී දිය කපන ස්ථානයේ ආවරණය කළ මණ්ඩපයට ඇතුළු වේ.
මණ්ඩපයට ඇතුළුවන කපුරාල රන් කඩුවෙන් දිය දෙබෑකොට ඉන් මතුවන ශුද්ධ ජලය රන් කලයකට ගෙන කටයුතු අවසන් වූ පසු පෙරහරෙන් වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එහිදී සිටින බැතිමතුන්ට ශුද්ධ ජලය ටික ටික ලබා දී මහා දේවාලයට පැමිණේ.
මොනරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි