වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබේ සහකරුවාත් මේ වගේද
නොවැම්බර් 26, 2021
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ
පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම බුද්ධි මහිමයෙන් කැපවීමෙන් අධ්‍යාපනයෙන් ලබා ඇති තත්ත්වය පිරිමියා අතික්‍රමණය කරන (ඉක්මවා යන) බව පැහැදිලි සත්‍යයකි.පිරිමි මූලික සමාජය තුළ කාන්තාව ප්‍රබල වී සිටියද ඇතැම් කටයුතු වලදී පිරිමියාගේ දායකත්වය ඉහළින්ම කැපී පෙනෙයි.
මේ විමසුම ඡ්‍යොතිෂයට අනූව පිරිමින්ගේ ගති ලක්ෂණ පිළිබඳයම් අවබෝධයක් ඔබට ලබාදීම පිණිසයි.
ඡ්‍යොතිෂයට අනූව ලෝකයේ වෙසෙන පිරිමි ඔවුන්ගේ දේහ ලක්ෂණයන් අනූව වර්ග හතරකට බෙදනු ලැබෙයි.හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්ද යන්න මේ අනුව වටහා ගත හැකිය.
“ශෂ” වර්ගයේ පිරිමි
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ “ශෂ”පුරුෂයාය.මේ “ශෂ” පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක් ගනියි.උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්තය.දෑත් වල ඇඟිළි අතර ඉතා විශාල හිඩැස් දැකිය හැකිය.දෑස් රතුපැහැයෙන් යුක්තය.පපුවේ සහ පිටේ පවා රෝම සහිත සිරුරක් හිමි “ශෂ” වර්ගයේ පුරුෂයා ඉතාම යුක්තිගරුකය.මානව දයාවෙන් යුක්තය.අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කරනු ලබයි.එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්ටු කරන්නට තරම් මානසික තත්වයක් හා ශක්තියක් ශෂ වර්ගයේ පුරුෂයා සතුය.
එකවිට කාර්යයන් කීපයක් කිරීමට දක්ෂ “ශෂ”වර්ගයේ පුරුෂයා තමා අතින් අතපසු වීමකින් හෝ සිදුවූ වරදක් වුවද වගකීමෙන් බාරගනියි.තමා නොකළ වරදක් තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි.ජීවිතයේ සියලුම කටයුතු පිළිවෙලකට කරන මේ “ශෂ” වර්ගයේ පිරිමියා ඡ්‍යොතිෂයේදී ඉතා සාර්ථක දැහැමි,පරාර්ථකාමී යහපත් පුද්ගලයකු ලෙස අර්ථ දක්වන අතර ඒවැනි පුරුෂයකු තම විවාහක බිරිඳට සහ දරුවන්ට බොහෝ සේ ආදරය කරයි.තම බිරිඳට අවශ්‍ය සියලු සැප සම්පත් තමාට හැකි ආකාරයෙන් උපරිම ලෙස ලබාදීමටද “ශෂ” වර්ගයේ පිරිමියා කිසිවිටෙකත් පසුබට නොවෙයි.ඒමෙන්ම “ශෂ” වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.අන්‍යයන්ට කිසියම් විපතක් වී නම් නොපැකිළවම උපකාර කිරීමට දෙවරක් නොසිතයි.
“මෘග” වර්ගයේ පිරිමි
දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ “මෘග”පුරුෂයා වශයෙනි.වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනූව මෘග යන වචනය තුළ තිරිසන් බවක් පෙන්නුම් කළත් ජ්‍යොතිෂයට අනූව “මෘග” පුරුෂයා හොඳ පුරුෂයෙකි.ඔහුගේ ගතිගුණ බොහෝ දුරට “ශෂ” වර්ගයේ පිරිමියාට සමානය.
“මෘග” වර්ගයේ පිරිමියාද බිරිඳට සහ දරුවන්ට පණ සමව ආදරේ කරයි. අන් දරුවන්ද තම දරුවන් සේ සලකයි.වංචාකාරී නැත.බිරිඳගේ හා පවුලේ ගරුත්වය සුරකින විශ්වාසවන්තයෙකි. මොහුගේ ස්වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. සිත එක අරමුණක නතරව පවතින්නේ නැත. එහෙත් සැක උපදවාගතයුතු නැත. කාය බලයෙන් ශක්තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳීන් පූර්ණව පැහැපත්ව වැඩී තිබේ.සිනහවකින් පිරුණු මුව මඬලක් “මෘග” වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද “මෘග” පුරුෂයාගේ ලක්ෂණයකි. මේ නිසාම ලෙඩ රෝග වලට බහුලව ලක්වේ. කරුණාවන්තව පැහැදිලි කිරීම් මඟින් එම තත්ත්වය වලකා ගත හැකිය.
“වෘෂභ” වර්ගයේ පිරිමියා
“වෘෂභ” වර්ගයේ පිරිමියා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයකු නොවේ.නමුත් “වෘෂභ” යන වචනය යෙදුණද මේ “වෘෂභ” පිරිමියා අණුවණ අයකු නොවේ.නමුත් අලසය.ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක් දක්වන්නට “වෘෂභ” පිරිමියා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියකු බවට පත්වේ.ඡ්‍යොතිෂය නියමයන්ට අනූව මොහු හොඳ වර්ගයේ පිරිමියකු ලෙස සලකන්නේ නැත.වෘෂභ වර්ගයේ සමග විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව ප්‍රතික්ශේප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. විශාල හිසක්ද, රවුම් මුහුණක්ද, ඇති “වෘෂභ” පිරිමියාගේ දත් ඉතා කෙටිය.ඇඟිලි මහත්ය.උදරය රවුම්ය.රතුපාට අල්ලක් ඇති “වෘෂභ” පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක් පමණි.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න ,කාන්තාවනි එවැන්නෙක් විවාහය සඳහා තෝරා ගන්නවාට වඩා අවිවාහකව සිටීම මැනවි.
“අශ්ව” වර්ගයේ පිරිමියා
ජ්‍යොතිෂයට අනූව හතරවෙනුව වර්ග කරන්නේ “අශ්ව” පුරුෂයාය.මොහුද ඡ්‍යොතිෂයට අනූව ඉතා හොඳ පුරුෂයකු ලෙස වර්ග නොකරයි.බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි.ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක් මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන “අශ්ව” පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය.අනුන්ගේ දොස්ම පමණක් දැක තමන් ගැන උසස් ලෙස කතාකරයි.නමුත් “අශ්ව” වර්ගයේ පිරිමින් කඩවසම්ය,පියකරුය.
මොහුගේ අතපය දිගටිය.මුහුණද දිගටිය.දත්ද දිගු හැඩයක් ගනී.හිසකෙස් ඝනව වැඩී ඉලිප්පී පවතී.මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය.සිරුරේ රෝම නැත.රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. තඔ වැනි වර්ණයක් ගනී.
විශේෂ අවධානයට
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක් වන බවද මතක තබාගත යුතුය.
ඡ්‍යොතිෂයේදී පිරිමින් පමණක් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක් ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දක්වන්නේ දැඩි විරෝධතාවකි.පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි ඍෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ හා විපක්ෂ වශයෙනි.
මේ කුමන ආකාරයකට පිරිමියා වර්ග කළත් මඟුල් තුලා, සුබ කටයුතු, ව්‍යාපාර ඇරඹීම, යාන වාහන ගේ දොර කටයුතු ඇරඹීම, මිලදී ගැනීම, ආදී කටයුතුවලදී “ඔහු” ගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවා ගැනීම සිදුකළ යුතුය.
ඒ.සී.එස් නවීලා
෴ සබැඳි ලිපි ෴
බෙත්ලෙහෙමේදී උපත ලද ජේසු සමිඳාණන්ගේ උපත සමරමින් ලොවපුරා දේවමෙහෙයන් පැවැත්වේ.එදා බෙත්ලෙහෙමේ කුඩා ගවහලකදී උපත ලද සාමයේ කුමරුන් වෙනුවෙන් බෙත්ලෙහෙමේ...
2024-12-26 18:30:00
දෙසැම්බර් 27 (පෞද්ගලික අංකය 2/7) මෙදින උපත ලබන ඔයාගේ පෞද්ගලික අංකය නිර්මාණය කරන්න සහයෝගය දීලා තියෙන්නේ සඳු හා නෙප්චූන් විසින්. මාස රාශි...
2024-12-26 18:30:00
අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් මූලික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය වශයෙන් බෙදේ. අධ්‍යාපනය සඳහා වන ග්‍රහ බලපෑම් පිළිබඳ...
2024-12-26 18:30:00
පසළොස්වන සියවස තෙක්ම අපේ දේශීය ප්‍රධානතම දෙවියෙක් වූද මහා බලගතු තේජස් හිමි මේ දෙවියන් මහා භාරත වාසී බැව්ද පැරණි ලියකියවිලිවල සඳහන්ව තිබේ.එහෙත්...
2024-12-26 18:30:00
අද දිනයේ දී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී නදීකා ගුණසේකර මහත්මිය ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව...
2024-12-26 18:30:00
හැත්තෑවෙ දශකයේ පළමු කාර්තුවේ අවසන් මස එළඹෙත්ම අප හිමියන්ගේ සියලු ආවතේව කටයුතු වසර ගණනාවක් තිස්සේ එකදිගටම ඉටුකළ ඩිංගිරි බණ්ඩා දින කිහිපයක නිවාඩුවක්...
2024-12-26 18:30:00
පැතිරූ සෙනෙහස උතුරු ගුණ නැණ නිතර ලොව මෙනෙහි පාවා අතුරු අනතුරු කෙරෙහි නොබියව මෙතින් ගෙනගිය දහම් සේවා තුරු වන දෙව් මිනිස් වෙසඟෙන දෙරණ පත් දින මතක...
2024-12-26 18:30:00
එළැඹුණු නත්තල් දිනය සමරන බොහෝ සංකේත අතර, ප්‍රධාන තැනක් ගනු ලබන්නේ එදින අහසෙහි බැබළුණු බවට ඉතිහාසයේ කියැවෙන දීප්තිමත් නත්තල් තාරකාවය. අදින් වසර 2024කට...
2024-12-26 18:30:00
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයේ කුරිරු රැහැන් පොටින් මුදා ගැනීමට ක්‍රි.ව. 1818 වසරේ මාතලේදී කැරැල්ලක් සංවිධානය කළේය. මේ කැරැල්ල අති බිහිසුණු එකක්...
2024-12-26 18:30:00
මෙතෙක් කතාවබරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි....
2024-12-26 18:30:00
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. සමාජයේ බොහෝ දෙනෙක් වාසනා අංකය නමින් ද මෙය...
2024-12-26 18:30:00
“බැබළීම” අර්ථයෙන්ම නිපන් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය වර්තමානය වන විට නිශේධනාත්මක විෂයක් වශයෙන් බොහෝ පිරිසකගේ ගැරහීමට මෙන්ම අප්‍රසාදයට පත්වෙමින් පවතී.එය...
2024-12-19 18:30:00
පසුගිය දිනෙක සෞරග්‍රහ මණ්ඩලයේ පියා වශයෙන් සැලකෙන රවි සම්බන්ධව “සූර්ය මණ්ඩලය” ගැන පූර්ණ විග්‍රහයක් සහිත රූපසටහනක් ඔබ වෙත ඉදිරිපත් කළ අතර ඊට පැසසුම්...
2024-12-19 18:30:00
දෙසැම්බර් 20(පෞද්ගලික අංකය 2)ඔයාගේ පුද්ගලික අංකය තුළ සඳුගේ බලය කැපී පේනවා. මාස රාශියෙන් ගුරුගේ බලයත් අන්තර් ගතයි. ඔයා වගේ අයව ජනතාව තම නායකයා ලෙස...
2024-12-19 18:30:00
වජිරා - බෝයගොඩමහත්මියනි, ඉහත නම් සඳහන් මම දෙදරු මවක්මි. වරක් මා දියණියන්ගේ කේන්දර පරීක්ෂාවකදී අධ්‍යාපනය සඳහා වන ග්‍රහ බලපෑම් පිළිබඳ...
2024-12-19 18:30:00
පානම්පත්තුවට අධිපති දෙවි හාමුදුරුවන් ලෙස ගැමිජනයා ඉමහත් භක්තියෙන් අදහන දෙවියන් වන්නේ කැබිලිත්තේ දෙවියෝය. පානම්පත්තුවේ මහ ඝන වනාන්තරය මැද මේ දෙවොල...
2024-12-19 18:30:00