වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
දේශගුණික විපර්යාස ඇතිවීමෙන් වැළඳෙන රෝගාබාධ බොහොමයකි. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය සමඟ වෛරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාමේ තත්ත්වයක් පවතී. මේ අතර...
2022-08-11 18:30:00
කන්‍යා ලග්නය ලග්න කේන්දරයේ 06 වැන්න වන අතර ලග්නාධිපති බුධ ග්‍රහයා වේ. බුධගේ උච්ච රාශිය කන්‍යාව වන අතර තරමක් ලෝභ ගතියක් පෙන්නුම් කරන ආත්ම ශක්තිය අඩු...
2022-08-11 18:30:00
අප රටේ බොහෝ පිරිසක් යම් වැඩ කටයුත්තක් සිදු කර ගන්නා විට පන්සල් කෝවිල්, පල්ලි, දේවාල වෙත ගමන් කර විවිධ වු බාරහාර වී තම වැඩ කටයුතු සාර්ථක කරගැනීම පිණිස...
2022-08-11 18:30:00
අතිශයින් දුෂ්කර වුවත් තම අභිමතය පරිදි දූ පුතුන් ලැබිය හැකිය. ඒ සඳහා උපක්‍රම හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඡ්යොතිෂයේද වෛද්‍ය විද්‍යාවේද සඳහන් වී...
2022-08-04 18:30:00
අතීත සමාජයේ ජීවත් වූ මිනිසා මෙන් නොව වර්තමාන සමාජයේ ජීවත්වන මිනිසා ස්වභාව ධර්මයෙන් ඈත්ව කෘත්‍රිම ජීවන රටාවකට නැඹුරු වීම හේතු කොට ගෙන වර්තමාන සමාජයේ...
2022-08-04 18:30:00
කුස තුළ බීජයක් තැන්පත් කිරීමට පෙර සිට ධර්මය ශ්‍රවණය කිරීමෙන් හා ධර්මානුකූලවී නිතර නිතර බෝධි පූජා පැවැත්වීමෙන් මෙවැනි දේ සිදුවෙතැයි අපේක්ෂා කළ...
2022-07-21 18:30:00
අතීතයේ මෙන්ම වර්තමාන කාලයේද ( බොහෝවිට අනාගත කාලයේද) ස්ත්‍රී රුව නානාවිධ සැරසිලි කලාවක් ලෙසින් යොදා ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. ඉතා පැරැණි කාලයේ සිටි...
2022-07-21 18:30:00
ලාංකේය ජනතාවගේ සංස්කෘතික සන්ධිස්ථානය වන්නේ සිත්සතන් බුදුදහමින් සුපෝෂිත කළ මහින්දාගමනයයි. භික්ෂූවගේ කරුණාව, දයානුකම්පිත බව හා සැහැල්ලු ජීවන ප්...
2022-07-21 18:30:00
කරුණා සීතල හදයංපඤ්ඤා පජ්ජෝත විහත මොහතමංසනරාමර ලො ක ගරුංවන්දේ සුගතං ගති විමුත්තංසකල ජන මන ආනන්ද කරවූ කරුණාවෙන් තෙත් වූ හදවතක් ඇති ප්‍රඥාවෙන් ප්...
2022-07-14 18:30:00
කුවේණිය කපු කටින තවුසියක සේ වෙස්ගෙන රුක් මුලක කපු කටිමින් විජය හමුවීමේ අපේක්ෂාවෙන් සිටියා. විජයගේ පිරිස උගුලක සිරකළ ඇය, පිරිස සොයා විජය එන බව ඇය...
2022-07-07 18:30:00
සංවිධානාත්මක විවාහ ජීවිතයකට පාදක වන සේ වගකීම් සහිතව මානව නීතියත් සමාජ ස්ථාවර බවත් සැකසී තිබේ. තරුණ තරුණියන් නිසිකල පැමිණි විට යුගදිවියට ඇතුළු වන්නේය...
2022-07-07 18:30:00
වශී ගුරුකම් කියන විටම හිතට එන්නේ ස්ත්‍රියක් පිරිමියෙක් හෝ පිරිමියෙක් ස්ත්‍රියක්ව වශී කරන එක කියලා. සමාජයේ එහෙම කිව්වට මේ වශී මන්ත්‍රය කියවල බලන්නකෝ....
2022-06-30 18:30:00
හීලෑ කළ අලියා හැරෙන්නට තිරිසන් සතුන් අතරින් කලින් යමක් අවබෝධ කර ගැනීමේ පුදුම විදියේ හැකියාවක් ඇති සතෙකු ලෙස බල්ලා අපට හඳුන්වා දීමට පුළුවන්කම තිබේ.ඈත...
2022-06-23 18:30:00
යමකුගේ දියුණුවට බලපාන හදිසි ධන ලාභයක් ලැබීමට (ස්ථිර දිනුමක් සේ බලාපොරොත්තු නැති ලැබීමක්) හේතුවන යෝග මොනවාදැයි අපි සලකා බලමු. මෙහිදී මූලික සැලකිල්ල...
2022-06-23 18:30:00
හත්වැන්නේ කුජ සිටීමෙන් විවාහ ජීවිතය අවුල් සහගත තත්ත්වයක් ඇති කරන අතර ඇතැම් විට හදිසි අනතුරුවලින් මරණය පවා සිදුකරයි.අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඒ ඒ...
2022-06-16 18:30:00
වර්තමානයේ ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයකට මැදිවෙමින් පවතී. මේ සඳහා සුදුසුම පිළියමක් ලෙස අපනයන ආදායම් වැඩිකර ගැනීමටත් ආනයනය වියදම් අඩුකර ගැනීමටත් අප...
2022-06-09 18:30:00