රට රැකියා සිහිනය ඉටුකර ගන්න මේ දෙවිවරුන්ට බාර වෙන්න

අගෝස්තු 12, 2022

අප රටේ බොහෝ පිරිසක් යම් වැඩ කටයුත්තක් සිදු කර ගන්නා විට පන්සල් කෝවිල්, පල්ලි, දේවාල වෙත ගමන් කර විවිධ වු බාරහාර වී තම වැඩ කටයුතු සාර්ථක කරගැනීම පිණිස විවිධ වු පොරොන්දු (බාර) වීම සිදුවේ.

මේ දිනවල අප රටේ පවතින ආර්ථික ගැටලු මුල් කර ගෙන ශ්‍රී ලාංකිකයින් විදේශ වෙත ගමන් කිරීම සිදුවේ. මෙම පිරිස් වැඩි වශයෙන් කතරගම පුදබිම වෙත පැමිණීම සිදුවේ.

විදේශීය රටවල් වෙත යන පිරිස් අතරින් වැඩි දෙනකු තම විදේශීය ගමනට ඇති බාධා මඟහැර වීසා ගැනීමට දෙවියන්ගේ උපකාර ලබා දෙන ලෙස ඉල්ලා විවිධ වු බාර හාර වීම සිදුවේ.

මෙම බාර වන අයුරු දන්නේ ඉතාම සුළු පිරිසකි.

දරුවන් ලැබීමට සිටින මවුවරුන් විසින් තම දරුවා දුකක් කරදරයක් නැතිව බිහි වෙන්න බාර වන දේව මාතාව වන්නේ පත්තිනි මැණියන් වේ. බෝවන ලෙඩ රෝග වලටද පත්තිනි මැණියන්ට බාරවීම සිදුවේ.

අමතරව අධ්‍යාපන කටයුතු විශේෂයෙන් විභාග වලට පෙනි සිටින පිරිස් නුවණට අධිපති ගණ දෙවියන් වෙත බාර වීම සිදුවේ.

විදේශ ගත වන පිරිස් වැඩි වශයෙන් බාර වන්නේ සුබ්‍රමනියම් දෙවියන් හෙවත් කතරගම දෙවියන් සහ ශිව දෙවියන් මුල් කොට ගෙනයි. විදේශ ගත වන වැඩිම පිරිසක් ශිව දෙවියන් සහ කතරගම දෙවියන් මුල් කර ගෙන බාරහාර විම සිදුවේ.

බාරයක් යනු පොරොන්දුවකි. මෙම බාර වන ක්‍රමය ගැන දැන ගැනීම ඉතාම වැදගත් කරුණකි. බාර වන අය ප්‍රථමයෙන් පිරිසිදුව මස් මාංශයෙන් පේවී සිටිම වැදගත්වේ.

මේ සදහා දින 03 ක් වත් පේවී සිටිය යුතුවේ. දේවාලයකට යන්නේ නම් ඒ සදහා සෙනසුරාදා, බදදා, සිකුරාදා වැනි දවස් සුබ වන අතර කතරගම දෙවියන් නම් විශේෂ දිනය වනුයේ අඟහරුවාදා දිනයයි.

නිවසක බාර වන්නේ නම් සුබ දිනයක් තෝරා ගෙන නිවස පිරිසුදු කර උදෑසනක දෙවියන්ට පහනක් තබන ස්ථානයක මල් පහන් තබා පිරිසුදු සුදු රෙදි කෑල්ලක් ගෙන පඩුරු කාසියක් කහදියර ගල්වා පිරිසිදු කර හිරු එළිය වැටෙන්නට පෙර බුදුන් දෙවියන් වැඳ සිය ප්‍රර්ථනාව ඉටු කර දෙන ලෙස බාර විම සිදු කළ හැකිය.

එසේ නැත්නම් පන්සලකට බෝධියක් වෙත ගොස් මෙම ක්‍රියාවන් අනුගමනය කළ හැකි වේ.

වැඩි දෙනකු සිදු කරනු ලබන ක්‍රියාවක් වන්නේ කතරගම දේවාල වෙත හෝ ශිව, විෂ්ණු දේවාල වෙත ගොස් පිරිසුදුව තම විදේශ රැකියාව ඉටු කර දෙන ලෙස ඉල්ලා බාර විම සිදු කිරිමයි. එහිදි දේවාලයක සිටින කපු මහතකු මඟින් යාතිකාවක් කර නම කියා කරණාව ද කියා යාතිකා කර බාර වීම විශේෂයෙන් සිදුවේ. මෙය ඉතාම සර්ථක ක්‍රියාවක් වන අතර

බාර වන විට දී රාහු කාලය ද මඟහැර සිදු කිරිම වැදගත්වේ.මෙම බාර වන විට දී එය ඉටු වීමෙන් පසුව නැවත ප්‍රති උපකාරයක් ලෙස දෙවියන් වෙත බාර ඔප්පු කිරීම පිණිස විවිධ දේවල් ලබා දී ප්‍රධානය කිරිම සිදු විය යුතුය.

විදේශ ගත වන පිරිස් තමන් උපයන මුදලකින් පවතින යමක් (පහන්, පැන් බදුන්) වැනි දේවල් ද දෙවියන්ට දාන කටයුතු සඳහා මුදල් සහ ද්‍රව්‍ය ලබාදිම සිදුවේ. තවත් පිරිසක් තම විදේශිය රැකියාව සිදු කර අවසන් වී පැමිණ රන් මාල, දේව අභරණ පුජා කිරිම සිදුවේ. මෙය කතරගම දෙවියන්ට මෙන්ම ශිව දෙවියන්ට සිදු කරන ප්‍රධාන පුජාවන් වේ.

දරුවන් වෙනුවෙන් බාර වන මවුවරුන් සිය දරුවා ලැබීමෙන් පසුව කිරිඅම්මා දාන දීම, දේව දානය සඳහා ද්‍රව්‍ය දේවාල වෙත ලබා දීම. මරණයට කැප වු ගවයින් ට අභය දානය ලබා දීම පලතුරු පූජාවන් තැබිම සිදුවේ.

දරුවන් විභාගවලින් සමත් වු පසුව කතරගම දෙවියන්ට ගණ දෙවියන්ට ශිව දෙවියන්ට බාර වු පසුව එම බාරහාර ඔප්පු කිරිම පිණිස පිරිසුදු පලතුරු 07 ක් කැවිළි 07 ක් පඩුරු 07 ක් තැඹිලි ගෙඩියක්. දෙවියන්ට ආවේණික වු පාටින් සලුවක් පුජාවේ තබා සිය බාරය ඔප්පු කිරීම සිදුවේ.

යම් බාරයක් වු පසුව එය තමන්ට හැකි ලෙස ඉටු කිරිම ඉතාම වැදගත්වේ.

ඇතැම් පිරිස් තමන් ගේ බලාපොරොත්තුව ඉටු වීමෙන් පසුව සිය බාර හාර ඔප්පු කිරීමක් සිදු නොකරති.

මෙම පිරිස් කාලයක් ගත වීමෙන් පසුව දේවාල වෙත පැමිණ තමන් සිදු වු බාර ඔප්පු කිරිමට නොහැකි වු බව පවසා සමාව ඉල්ලා පූජාවන් තැබීම සිදුවේ.

තමන් විසින් දෙවියන් ඉදිරියේ සිදු වන බාර නිසි ලෙස ඉටුවීමෙන් පසුව තමන්ට හැකි දිනයක ඉටු කළ යුතුය. මෙම පඬුරු ගැට ගැසීමේ දී රිදී පඬුරක් ගැට ගැසිම ඉතාම වැදගත් වේ.

 

කතරගම සමූහ

කේ.ඩී.දේවප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.