බහු විවාහයකට පත්වන හැටි

ජූලි 8, 2022

සංවිධානාත්මක විවාහ ජීවිතයකට පාදක වන සේ වගකීම් සහිතව මානව නීතියත් සමාජ ස්ථාවර බවත් සැකසී තිබේ. තරුණ තරුණියන් නිසිකල පැමිණි විට යුගදිවියට ඇතුළු වන්නේය. විවාහය යනු දෙදෙනාගේම කායික හා මානසික සුසංයෝගි ක්‍රමවේදයකි.

සතුන් අතර කායික එක්වීමක් ඇතත් මනුෂ්‍යා තුළ එය මානසිකව ද එකට බද්ධ වී ඇත. ව්‍යාත්සයනයන්ගේ කාම සූත්‍රයත් කොක්කෝගම් රතිරහස්‍යම් මෙන් රති මංජරීයේද සඳහන් වන කරුණු කාරණා ගැන බැලීමේදී මෙවැන්නක් හෙවත් යුගදිවිය සම්පූර්ණයෙන්ම කායික හා මානසික සුසංයෝගි එක්වීමකි.

එක් විවාහයක් යනු ස්ථාවර යුගදිවියකි. බහු විවාහයකට පත්වන්නේ දෙදෙනා අතර ඇති ගැළපීම්වල පරස්පර භාවය හරහාය.

අද අපි කතා බහ කරන්නේ එවන් බහු විවාහය ගැනයි. විවාහය යනු නීතියෙන් පමණක් එක්වීම පමණක් නොව මානසික ඒකාග්‍රතාවයෙන් යුත් ප්‍රබලතම බැඳීමකි. මෙහි පදනම ඉතාම ශක්තිමත්වීම අනිවාර්ය වේ. පෙම් සබඳතා හෝ යෝජනා හරහා විවාහවීම ගැන ඇතුළතින් මැන බැලිය යුත්තේ කේන්දරය හරහාය.

මේ ගැන විවාහක සිකුරුද 7 සහ අධිපතියාද 8 වැන්න ගැනද මුලින්ම බැලිය යුතුයි. 7 -8 පරිවර්තන යෝගය ද විවාහයට ඍජුවම බලපානු ඇත. 7 අධිපතියාගේ නැකත හා පාදයන් ගැන මුලින්ම බැලිය යුතුවේ.

හත අධිපතියාත් විවාහකාරක සිකුරුත් සිටින රාශිය අනුව විවාහය කඩාවැටේ ද යන්න තීරණය කළ හැක. 7 වැන්නේ පාපීන්ගේ හැසිරීම ද තුඩුදේවි. ශනි රාශි සහ 8 අධිපති ග්‍රහයින් කේන්දරවල හැසිරීම් රටාව අනුව බලනවිට විවාහය ගැන කතා කළ හැක.

රවි ආත්ම කාරක වේ. කේන්දර දෙකේම රවි ඔවුනොවුන්ට කෝණව හෝ ෂට් කෝණව සිටීම යහපත්ය. (1,3,5,9,11) ආදී වශයෙනි. රවි උච්චව(මේෂ) සිටියදී අනික් කේන්දරයේ රවි නීචව (තුලා රාශියේ) සිටීම නොගැළපේ. විවාහයට ඉතාම අසුබ තත්ත්වයකි.

මේ කේන්දරයන්හි කාන්තාව ලාබාල වියේම රහස් සබඳතා පවත්වා ගන්නීය. ග්‍රහ පිහිටීම විවාහයකට යෝග්‍ය නොවේ. සිකුරු හිමි බෙරණ නැකතේ රාහු සිටීම මනමාලකම වැඩිවේ. ලිංගික ජීවිතය රසවිඳීමට නිතැතින්ම යොමුවේ. ධනවතුන් උගතුන් රූමත් අය සමඟ රස විඳීමට හුරුවිය. 4 වරක්ම විවාහ වූවාය. 7 අධිපති කුජ 12 වැන්නේ වීම විවාහය කඩා දමන පිහිටීමකි. කාම රුචිය අධික වේ.

සඳු ශුක්‍ර මහා කාමයෝගයක් විය. එය 8 වැන්නේය. 7 වැන්නේ සිට පිළිවෙළින්ම රාහු 7ක ග්‍රහයින් සිටීම කලත්‍ර මාලිකා යෝගය වේ. මේ කේන්දරයේ එය පිහිටා තිබේ. මෙයින් පුරුෂයකුට දිය යුතු උපරිම ලිංගිකමය සුව රස වින්දනය ප්‍රදානය කරයි. විකෘති පැත්තකට ඇය යොමුවී සිටියාය. මෙවැනි කේන්දර විශාල සංඛ්‍යාවක් තිබේ. කේන්දරයකින් ජීවිතයේ ඇතුළු පැත්තේ කෙනෙකුගේ හැසිරීම් රටාව මනාව පෙනේ.

විවාහයට පෙර කේන්දර පරික්ෂාවේ දී විශේෂයෙන්ම දෙදෙනාගේම රුචි අරුචිකම් ගැන මුලින්ම සෙවිය යුතු වේ. කුජ+ශුක්‍ර+සඳු + ශුක්‍ර + රවි + ශුක්‍ර වැනි අතිධාවන කාම යෝග ඇති කෙනෙකුට අනෙකාගේ දුර්වලකම් (කායික මානසිකව) ඇත්තේ නම් කිසිසේත් නොගැළපේ. විවාහවීමට පෙර පොරොන්දම් බැලීමේදී දෙදෙනා විවාහයට ගැළපීම් ඇතත් සාර්ථක විවාහයක් ජීවිතය පුරාම ගෙන යාමට හැකිවේදැයි මුලින්ම විමසා බැලීම අනිවාර්ය වේ. උඩින් පල්ලෙන් කේන්දර බලා විවාහය දෙහි ඇට හැපෙන තත්ත්වයට පත්වීම අවාසනාවන්ත බැව් සනිටුහන් කරමු. අද එයයි සිදුවී ඇත්තේ.

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී

දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.