වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
පෙබරවාරි 07 සිට 13 දක්වා සතිය ඔබේ ලග්නයට...
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/lagna%20tag_79.jpg?itok=vmIJTbpM)
මේෂ
ලැබෙන තරමට වියදම් වෙයි
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වෙමින් ආරම්භවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අමතර ලැබීම් සහිත කාලයක් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමනාප වූ සහෝදරයකු තමා සොයාගෙන එන බවක් පෙනේ. ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යයි. අලුත් නෑදෑ හිතමිතුරන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. රැකියාවේ කටයුතු වෙනුවෙන් දුර බැහැර ප්‍රදේශයකට යාමට අවස්ථාව උදා කරයි. එමෙන්ම විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක කාලයකි. ස්වයංරැකියා කටයුතුවලින් ද ලාභ ප්‍රයෝජන අත්කරන බවක් පෙනේ.
අධ්‍යාපනය
වෙනදාට වඩා උනන්දුවකින් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. උසස් අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධාකාරි බව මඟහැරී යයි. වෙනදාට වඩා අමතර දේ ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය තරමක් දුරට හීන කරන සතියකි. නිතර ඇතිවන අතේ පයේ හිරි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.
අය 07 වැය 03
ජය අංකය - 04
ජය වර්ණය - කොළ
සුබ දවස - බදාදා
ව්‍යාපාර ඇරැඹීමට සුබයි
වෘෂභ
විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ඉවසිලිවන්තව කටයුතු කළයුතු කාලයකි. අමනාප වූ කෙනකුගේ පැමිණීමක් සිදු කරයි. පැවැති උදාසීන ගති මඟහැරී යන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු යෙදෙන සතියකි. සතිය මැද කාලයේදී අඹුසැමි සුහදතාවයට හේතු ඇති කරන කරුණු කීපයක් සිදු වෙයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හකි කාලයකි.
රැකියාව
උසස් තනතුරු හිමිවීමේ භාග්‍යය උදාකරයි. එමෙන්ම රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන බවක් පෙනේ. අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භයට යහපත් කාලයකි. රැකියා ස්ථානයේ අය සමඟ හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
තරගකාරි කටයුතුª කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. ධාරණ ශක්තිය වැඩිදියුණුවන කටයුතු කීපයක් යෙදේ.
සෞඛ්‍යය
උගුර සම්බන්ධ ආබාධ, පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩා ගෙන දෙන කාලයකි. එමෙන්ම වරින්වර හටගන්නා දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ශාරීරික වෙහෙස මහන්සිය ඇතිකරන කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ.
අය 07 වැය 03
ජය අංකය - 04
ජය වර්ණය - දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා
මිථුන
අමතර ලැබීම් ඇති කාලයක්
අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. සිතේ ධෛර්යයෙන් කටයුතු සිදුකරයි. අන් අයගේ ආදරය, අනුකම්පාව ලබන බවක් පෙනේ. පුණ්‍ය කටයුත්තකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන කාලයකි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. විදෙස් රැකියාවකට සැලැසුමක් සකස්කර ගන්නා කාලයකි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. සුළු සුළු ස්වයං රැකියාවලට යොමුවන කාලයකි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය වැඩිදියුණුවන කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. එමෙන්ම විශේෂ පාඨමාලාවක් හැදෑරිම සඳහා අමතර මුදලක් වැයකරන අතර, ඒ සඳහා දුර පළාතකට යාමටද සිදු වේ.
සෞඛ්‍යය
හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. වරින්වර ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිස්සියේ ක්ලාන්ත ගති ඇතිවිය හැකි බැවින් වෙනදාට වඩා පරිස්සම් වන්න. ආහාරපාන ගැනීමේදී ද සැලකිලිමත්වන්න.
අය 06 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා
කටක
හදිසි තීරණවලින් වළකින්න
පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. විවාහ යෝජනා ප්‍රමාද කරන හෝ බාධා ඇති කරන කාලයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් පාඩු සිදුකරයි. පවුලේ වගකීමක් තමා පිට පැවරෙන කාලයකි.
රැකියාව
වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ස්වයංරැකියාවකින් අතමිට සරුකරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන කාලයකි.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. පොතපත කියවීමට ආශාවක් දක්වයි. එමෙන්ම කලාකාමී කටයුතුවලට යොමුවන කාලයකි. උසස් අධ්‍යාපනයට වරින්වර බාධා යෙදුණත්, ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යන කාලයකි. ගුප්ත ශාස්ත්‍රයට ඇල්මක් දක්වන බවක් පෙනේ.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. දරුපල සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. වරින්වර ඇතිකරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා
සිංහ
සැලසුම් සාර්ථකයි
සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට පත්වේ. දුර ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගනී. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි.
රැකියාව
රැකියාවේ කටයුතුවලට පැවැති අවහිරතා මඟහැරී යයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියාවන්ට ඇල්මක් දක්වයි. විනෝදයෙන් රැකියාවේ කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා යෙදුණත් ප්‍රමාද වී හෝ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගන්නා කාලයකි. සෞන්දර්යාත්මක විෂයයන් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන බවක් පෙනේ. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට ආශාවන් දක්වයි.
සෞඛ්‍යය
සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු වරින්වර ඇතිවීමට ඉඩ ඇත. නිතර ඇතිවන හිසේ ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. වරින්වර දේශීය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.
අය 05 වැය 04
ජය අංකය - 03
ජය වර්ණය - දම්
සුබ දවස - බදාදා
කන්‍යා
අලංකාරයට සිත ඇදෙයි
සිතේ ධෛර්යයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. පවුලේ ගිලන් වූ කෙනකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා පිරිසුදුකම, අලංකාරයට කැමැති කාලයකි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. දුර බැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.
රැකියාව
දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවල නිරතවන කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු වෙනුවෙන් ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. පොත්පත්, ලිපි ද්‍රව්‍ය ආශි‍්‍රත ව්‍යාපාරයක් ඇරැඹීමට අදහසක් ඇති කරයි. දුරදිග බලා රැකියාවේ කටයුතු කරගෙන යන්න.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. විවිධ අත්හදා බැලීම්වලට යොමුවන කාලයකි. තරග විභාගයකින් ජයග්‍රහණ හිමිකරන කාලයකි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වෙනදාට වඩා රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. හදිසි සෞඛ්‍යය පරීක්ෂණවලට භාජනයවීමට සිදුවන සතියකි. මේ දිනවල ආහාරපාන ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.
අය 06 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බදාදා
තුලා
හිතවත්කම් අලුත් වෙයි
පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කරන සතියක් වන මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
යන එන තැන ප්‍රසිද්ධියවට පත්වන සතියකි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ.
රැකියාව
රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් සාර්ථක කරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. එමෙන්ම සුළු සුළු ස්වයංරැකියා කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි.
අධ්‍යාපනය
තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධා මඟහැරී යයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකටද අවස්ථාව උදා කරයි.
සෞඛ්‍යය
පැවැති ශාරීරික අපහසුතා මඟහැරී යයි. පාදයේ පැවැති ආබාධයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. හදිසියේ මතුවන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 05
ජය අංකය - 06
ජය වර්ණය - දම්
සුබ දවස - සඳුදා
වෘශ්චික
සමාජ සේවයට යොමු වේ
පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියකි. වෙනදාට වඩා වගකීම් බහුල කරයි. සමාජ සේවයට කැමති කාලයකි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු උදාකරයි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් අතමිට මුදල් ගැවසෙන සතියකි. රහස් ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා කාලයකි.
රැකියාව
වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. කරගෙන යන රැකියාවට අමතර ආදායම් මාර්ග යෙදෙන රැකියා මාර්ගවලට හේතු සැලසේ. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. කය වෙහෙසා කරන රැකියා මාර්ගවලට ද සම්බන්ධ වීමට සිදුවෙයි.
අධ්‍යාපනය
ඥාන ශක්තිය, ධාරණ ශක්තිය වැඩිදියුණුවන කාලයකි. ඉගෙනීමට දැක්වූ පසුගාමිත්වය මඟහැරී යයි. ගුප්ත කටයුතු සම්බන්ධ පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ සම්මාන සහතික හිමිවේ.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. කන්වල හෝ අතේපයේ වේදනා ඇතිවිය හැකි බවක් පෙනේ. එමෙන්ම සෙම් දෝෂ බහුලවීමෙන් පපුවේ මහන්සිය, හතිය, වැනි රෝග පීඩා ඇතිවිය හැකි කාලයකි.
අය 04 වැය 03
ජය අංකය - 02
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා
ධනු
සමාජයෙන් ගෞරව
විටින් විට අදහස් හා ක්‍රියාමාර්ග වෙනස්කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පි‍්‍රයමනාප ගතිපැවැතුම්වලින් මෙන්ම රූප ශෝභාව ගැන වෙහෙසෙන කාලයකි. අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්ත වේ. සමාජ ගෞරවයට පාත්‍රවන සතියකි. පදිංචිය වෙනස් වුවත් දියුණුවට බාධා ඇති නොකරයි. දේපළ කරදරයක් මඟහැරී යන කාලයකි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. සමාජයෙන් ගරුසැලකිලි හිමිකරන කටයුතු කීපයක් සිදු කරයි.
රැකියාව
කරගෙන යන රැකියාවේ කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෝටල්, ආහරපාන සම්බන්ධ රැකියා ක්ෂේත්‍රවල නියැළෙන කාලයකි. රැකියා කරන ස්ථානයේ ගරුසැලකිලිවලට පාත්‍රවන බවක් පෙනේ.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන වැඩකටයුතුවලට ආශාවක් දක්වයි. එමෙන්ම දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
උගුර සම්බන්ධ ආබාධ, සෙම් දෝෂ, වරින්වර මතුවීමට ඉඩ තිබේ. වෙනදාට වඩා ජලයෙන් මෙන්ම සීතල ආහාරපානවලින් පරිස්සම් වීම යහපත් වේ.
අය 07 වැය 02
ජය අංකය - 04
ජය වර්ණය - රතු
සුබ දවස - ඉරිදා
මකර
අලුත් රැකියා හිමිවේ
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පැවැති වගකීමකින් නිදහස උදා කරයි. දරුවකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවෙයි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට අවස්ථාව උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයකි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සෞන්දර්යාත්මක මෙන්ම කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති උදාසීන ගති මඟහැරී යයි. එමෙන්ම තරමක බාධා යෙදුණත් උත්සාහයෙන්, උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි.
සෞඛ්‍යය
ක්‍රීඩා හා ආහාරපානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නා කාලයකි. වරින්වර සෙම් දෝෂ මතුවිය හැකිය. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.
අය 07 වැය 03
ජය අංකය - 04
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා
කුම්භ
සැනසිලිදායක සතියක්
තරමක් දුරට සැනසිලිදායක බවක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ හිතවත්කමකට කටයුතු උදා කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලේ සුහදතාවයට කරුණුූ ඇති කරන අතර අඹුසැමි බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදු වෙයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබද දුරදිග සිතා බලන්න. ආයතන ප්‍රධානීන් සමඟ සුහදතාවයට ඇතිවන අන්දමේ කරුණු කීපයක් යෙදේ. අණදෙන ක්ෂේත්‍රයේ පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.
අධ්‍යාපනය
පොතපත කියවීමට කැමැත්තක් දක්වයි. සියුම් දේ පවා හොඳින් මතකයේ තබා ගැනීමට හැකියාව පවතී. ගුප්ත කටයුතු ඉගෙනීමට කැමැත්තක් දක්වයි. සරසවි අධ්‍යාපනය ලබන අයට පැවැති ගැටලු කීපයක් මඟහැරී යයි.
සෞඛ්‍යය
ගර්භාෂගත ආබාධ, උගුරේ අමාරු වරින්වර මතුවීමට ඉඩ ඇත. එමෙන්ම ලේ විෂවීමක් හේතුවෙන් ඇතිවන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - දම්
සුබ දවස - සිකුරාදා
මීන
වගකීම් බහුල කාලයක්
ගැටලුකාරි බවකින් නිදහස අත්කරන සතියක් වන මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි.
ගෘහ ජීවිතය
ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්කරයි
වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. සතිය මැද කාලයේදී පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සූදානමක් කර ගනී. අමතර ලැබීම් සහිත කාලයකි. විවාහ පොරොන්දුවක් ඉටුකරයි.
රැකියාව
රැකියාවට අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් යෙදේ. රැකියා ස්ථානයේ ඇතිවන අවිවේකී බව හේතුවෙන් ගැටලු කීපයක් මතුකරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කීපයකින් ජයග්‍රහණ අත් කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදාකරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැර සිටීමට සිදුවෙයි. අවිවේකී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන සතියකි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම සෙම් අමාරු, උගුර ආශි‍්‍රත ආබාධ ආදිය ද මතුවිය හැකිය. ඖෂධ භාවිතයේදී සැලකිලිමත්වන්න.
අය 07 වැය 05
ජය අංකය - 06
ජය වර්ණය - කහ
සුබ දවස - ඉරිදා