නොවැම්බර් 29 සිට දෙසැම්බර් 05 දක්වා

නොවැම්බර් 29, 2019

හදිසි ගමන්

සඳු, 8,9,10 යන භාවස්ථාන හරහා ගමන් කරයි. ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස අධිකවන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකිවේ. එමෙන්ම පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි. දරුවෙකු පිළිබඳ සිතේ නොසන්සුන්තාවයකින් පසුවන බවක් පෙනේ. ළගම හිතවතෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. හිතුමතයට කටයුතු කිරීමෙන් පවුලේ දෝෂාරෝපණයට හේතු සැලසේ. හදිසි ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිවසේ කටයුතු කීපයක වෙනස්කම් රැසක් සිදුවන බවක් පෙනේ. හදිස්සියේ සිදුවන ආගමික සැලසුමක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ.

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බදාදා

 

 

අමතර ගමන්

වෙනදාට වඩා කටයුතු කීපයක් වෙනස් කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයකි. අමතර ගමන් බහුල කරන බවක් පෙනේ. ළඟම හිතවතෙකු සමඟ ඇතිකරගන්නා ගැටලුකාරි බවක් දුරදිග යාමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් වෙනසකම් රැසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන කාලයක් වන අතර, පවුලට සම්බන්ධ දරුවෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. යටපත් වූ අසනීපයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. විදෙස් ලැබීමකට බාධා ගෙන දීමක් සිදුවීමට ඉඩ ඇත.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

 

කොන්දේ ආබාධයක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. යන එන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. පවුලේ කටයුතුවල වෙනස්කම් රැසක් සිදුකරයි. නිතර ආගමික සහන පතක කාලයකි. යටපත් වූ කොන්දේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් පරිස්සම්වීම යහපත් වේ. මවට හෝ මව්පස ඥාතියෙකුට අපල සහගත කාලයකි. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිකරයි. දරුවෙකුගේ කටයුතු හේතුවෙන් ඉදිරි වැඩ පිළිවෙලක් වෙනස් කිරීමට සිදුවේ. පවුලේ ගැටලුවක් දුරදිග යන අන්දමේ කරුණු කීපයක් සැලසීමට ඉඩ ඇත. නිතර සිත් කලකිරීමකට ලක්වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.