දරුඵල වාසනාව තත්කාලයෙන්ද කියන්න පුළුවන්

ජූලි 14, 2023

ජන්ම පත්‍රයේ 5 වැනි භාවය මගින් දරුපල පෙන්වයි. මෙම භාවයට දාරක ස්ථානයයි කියන්නේ මෙය දරුවන් ගැන කියන ප්‍රධාන ස්ථානය නිසාය. එහෙත් 5 වැනි භාවය මඟින් පෙන්වන්නේ දරුපල පමණක්ම නොවේ. ප්‍රේමය ගැනද, අනුමානයෙන් කරන කටයුතුද, මෙම භාවයෙන් හඳුනාගත හැකි වෙයි.

“කේන්දරේ නැත්නම් දරුවන් ගැන කියන්නේ කොහොමද? යැයි විමසුවහොත්, එයට දිය හැකි පිළිතුර නම්, “කේන්දරේ නැත්නම් තත්කාලයක් බලමු යන්නයි. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව, ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක, 5 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා දරුපල පිළිබඳව නිගමණය කරයි. ක්‍රිෂ්ණමූර්ති පද්ධති තත්කාල කේන්‍ද්‍රයක් සකස් කිරීම සඳහා 249 න් පහළ අංකයක් ලබා ගනියි. අංකයක් ලබා ගැනීම අපහසුනම්, ප්‍රශ්නය විමසූ වේලාවට, ප්‍රශ්නය විමසූ ස්ථානයට තත්කාල කේන්‍ද්‍රය සකස් කරන්න, අංකයක් ලබාදී ඇතිනම්, එම අංකයට අදාල රාශි චක්‍රයේ උපස්ථානයේ ආරම්භක ස්ථානය, ලග්න ස්ඵුටයේ ආරම්භය ලෙස ගෙන ප්‍රශ්නය විමසූ ස්ථානයට අනුව තත්කාල කේන්‍ද්‍රය සකස් කරන්න.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව, ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක, 5 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 5 වැනි හෝ 11 වැනි හෝ 2 වැනි භාව නිවේදක ග්‍රහයකු වෙයි නම්, ජන්මියා හෝ ප්‍රශ්නකරු දරුපල ලබා ගැනීමේ වාසනාව ලබයි. 5 වැනි, 11 වැනි සහ 2 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී, ගෝචර ගමන සමඟ එකඟවන විට දරුවන් ලැබෙයි.

දරුපල ලබා ගැනීමේ වාසනාව ඇතිදැයි දැනගැනීම සඳහා අංක 52 ලබාදුන් අයකුට පිළිතුරු සැපයීමට සකස් කළ තත්කාල කේන්‍ද්‍රය මෙසේ වෙයි.

මුලින්ම තත්කාල කේන්‍ද්‍රයේ සඳුගේ පිහිටීම බලන්න, සඳු ප්‍රශ්නකරුගේ සිත පෙන්වයි, සඳු ග්‍රහයා පැහැදිළිව ප්‍රශ්නය පිළිබිඹු කරන්නේ නම් නිවැරැදි පිළිතුරක් ලැබේ.

මෙම තත්කාල කේන්‍ද්‍රයේ සඳු, 2 වැනි භාවය අධිපති විය. 9 වැනි භාවයේ තැන්පත්ව සිටියේය. සඳු තැන්පත්ව සිටියේ ශනිගේ නක්‍ෂත්‍රයකය. ශනි, 8 වැනි සහ 9 වැනි භාව හිමිව, 9 වැනි භාවයේම තැන්පත්ව සිටියි. මෙම තත්කාල කේන්‍ද්‍රයේ 5 වැනි භාවය, සිකුරු හිමි තුලා රාශියේ රාහු හිමි නක්‍ෂත්‍රයේ සහ සිකුරු හිමි උපස්ථානයේ යෙදී ඇත. උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා 2 වැනි භාවයේ තැන්පත්ව සිටියි. 5 වැනි සහ 12 වැනි භාව හිමිව, 2 වැනි භාවයේ තැන්පත්ව සිටියේය.

එහෙයින් සිකුරු ග්‍රහයා 5 වැනි භාවයට බලවත් නිවේදකයෙක් වෙයි. ඒ නිසා ප්‍රශ්නකරු දරුවන් ලැබීමේ වාසනාව ලබා ඇත. දරුවන් ලැබීමේ වාසනාව ලබා ඇතැයි පැවසූවිට, දරුවන් ලැබෙන්නේ කවදාද යන පැනය මතුවෙයි. තත්කාල කේන්‍ද්‍රයක, 5 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශාකාලවලදී, ගෝචර ගමන සමඟ එකඟවනවිට දරුවන් ලැබෙයි.

මේ තත්කාල කේන්‍ද්‍රයේ 5 වැනි භාවයේ නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු සහ ගුරු වෙති.

11 වැනි භාවයේ නිවේදක ග්‍රහයන් වන්නේ කුජ, ගුරු, රවි සහ බුධ වෙති. 2 වැනි භාවයේ නිවේදක ග්‍රහයා වන්නේ සඳු, කුජ, සිකුරු සහ ගුරු වෙති. තත්කාල කේන්‍ද්‍රයේ, 5 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, ගුරු, කුජ, රවි, සඳු, සිකුරු සහ බුධ වෙති. තත්කාල කේන්‍ද්‍රය ආරම්භයේ පාලක ග්‍රහයන් වූයේ, රවි, ගුරු, ශනි, කුජ, බුධ සහ සඳු වෙති. ඒ අනුව, පලදායී නිවේදක ග්‍රහයන් වන්නේ රවි, ගුරු, කුජ, බුධ සහ සඳු වෙති.

මෙම තත්කාල කේන්‍ද්‍රයේ, ක්‍රිස්තු වර්ෂ 2010 ඔක්තෝබර් මාසයේ 21 වැනි දින සිට ක්‍රිස්තු වර්ෂ 2029 ඔක්තෝබර් මාසයේ 21 වැනි දින දක්වා ශනිගේ මහ දශාව පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2023 අප්‍රේල් මාසයේ 25 වැනි දින සිට ක්‍රිස්තු වර්ෂ 2024 ජූනි මාසයේ 02 වැනි දින දක්වා ශනිගේ මහ දශාව සහ කුජගේ භුක්තිය පවතියි. දරු උපත් සඳහා මෙම කාල සීමාව යහපත්ය.

දරු උපත සිද්‍රවන දිනය නිගමණය කිරීම සඳහා, මෙම කාල සීමාව තුල ගුරු, රවි සහ සඳු යන ග්‍රහයන්ගේ ගෝචර ගමන් උපයෝගී කර ගන්න. ක්‍රිස්තු වර්ෂ 2023 අප්‍රේල් මාසයේ 22 වැනි දින සිට ගුරු ග්‍රහයා මේෂ රාශියේ ගෝචරය වෙයි. ක්‍රිස්තු වර්ෂ 2024 අප්‍රේල් මාසයේ 16 වැනි දින සිට 2024 පූනි මාසයේ 12 වැනි දින දක්වා ගුරු ග්‍රහයා මේෂ රාශියේ සහ වෘෂභ රාශියේ, රවිගේ නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2024 අප්‍රේල් මාසයේ 14 වැනි දින සිට 2024 මැයි මාසයේ 14 වැනි දින දක්වා රවි ග්‍රහයා මේෂ රාශියේ ගෝචරය වෙයි. ක්‍රිස්තු වර්ෂ 2024 මැයි මාසයේ 11 වැනි දින සිට 2024 මැයි මාසයේ 14 වැනි දින දක්වා රවි ග්‍රහයා මේෂ රාශියේ සහ රවිගේ නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2024 මැයි මාසයේ 12 වැනි දින සඳු ග්‍රහයා මිථුන රාශියේ සහ ගුරුගේ නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි. එදින දරු උපත සිදුවෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.