සතියේ පඤ්චාංගය

ජූලි 26, 2024

ශක වර්ෂ 1946 ක් වූ කටක රවි 11 භාග ඇසළ අව සැටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 17 භාග ඇසළ අව දොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කටක

කුජ - වෘෂභ

බුධ - සිංහ

ගුරු - වෘෂභ

ශුක්‍ර - කටක ( 31 දා දහවල් 02.33 සිංහ)

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන (වක්‍ර)

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුෂ

කුජ - කැති ( 27 දා අලුයම 04.42 රෙහෙණ)

බුධ - මා

ගුරු - රෙහෙන

ශුක්‍ර - අස්ලිස ( 31 දා දහවල් 02.33 මා)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

ජූලි 27 සෙනසුරාදා රාත්‍රී 09.24න් අව අටවක ලබා 28 ඉරිදා සවස 07.32න් ගෙවේ. ඉරිදා සිල්

චන්ද්‍ර චාරය

27 දා දහවල් 01.03 මේෂ

29 දා සවස 04.49 වෘෂභ

31 දා රාත්‍රී 10.19 මිථුන

 

දිනූ තත්ත්ූවය

ජූලි 26 සිකුරාදා

කටක රවි 11 භාග ඇසළ අව සැටවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.30. උත්‍රපුටුප නැකත දහවල් 02.34න් ගෙවී රේවතී නැකත ලබයි. ඇසළ අව විසේනිය තිථිය අලුයම 02.01න් ගෙවී අව අටවක තිථිය ලබා එය රාත්‍රී 11.34න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. අතිගණ්ඩ යෝගය අලුයම 04.35න් ගෙවී සුකර්ම යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 02.01න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 12.46න් ගෙවී වණිජකරණය ලබා එය එදින රාත්‍රී 11.34න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - ගිනිකොණ

යෝගිනී - බටහිර

සුබ දිශාව - උතුර

ජූලි 27 සෙනසුරාදා

කටක රවි 12 භාග ඇසළ අව සතවක ලත් ශනිදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.30. රේවතී නැකත දහවල් 01.03න් ගෙවී අස්විද නැකත ලබයි. ඇසළ අව සතවක තිථිය රාත්‍රී 09.24න් ගෙවී අව අටවක තිථිය ලබා පවතී. සුකර්ම යෝගය අලුයම 01.34න් ගෙවී ධෘති යෝගය ලබා එය රාත්‍රී 10.47න් ගෙවී ශුල යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 10.26න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 09.24න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - නැඟෙනහිර

යෝගිනී - වයඹ

සුබ දිශාව - උතුර

ජූලි 28 ඉරිදා

කටක රවි 13 භාග ඇසළ අව අටවක තිථිය ලත් රවි දින ඉර උදාව 06.04. ඉර බැසීම 06.30 අස්විද නැකත දහවල් 11.51න් ගෙවී බෙරණ නැකත ලබයි. ඇසළ අව අටවක තිථිය රාත්‍රී 07.32න් ගෙවී අව නවවක තිථිය ලබයි. ශුල යෝගය රාත්‍රී 08.14න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. බාලවකරණය උදේ 08.24න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 07.32න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - උතුර යෝගිනී - ඊසාන

සුබ දිශාව - නැඟෙනහිර

ජූලි 29 සඳුදා

කටක රවි 14 භාග ඇසළ අව නවවක තිථිය ලත් සඳුදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.30 බෙරණ නැකත උදේ 10.58න් ගෙවී කැති නැකත ලබයි. ඇසළ අව නවවක තිථිය සවස 6.00න් ගෙවී අව දසවක තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය සවස 05.58න් ගෙවී වෘධි යෝගය ලබයි. තෛතිලකරණය උදේ 06.41න් ගෙවී ගරජකරණය ලබා එය සවස 06.00න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - වයඹ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

ජූලි 30 අඟහරුවාදා

කටක රවි 15 භාග ඇසළ අව දසවක තිථිය ලත් කුජදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.30 කැති නැකත උදේ 10.26න් ගෙවී රෙහෙන නැකත ලබයි. ඇසළ අව දසවක තිථිය සවස 04.50න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබයි. වෘධි යෝගය සවස 03.59න් ගෙවී ධෘම යෝගය ලබයි. වණිජකරණය අලුයම 05.19න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.50න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - බටහිර යෝගිනී - උතුර

සුබ දිශාව - දකුණ

ජූලි 31 බදාදා

කටක රවි 16 භාග ඇසළ අව එකොළොස්වක තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.30. රෙහෙන නැකත උදේ 10.15න් ගෙවී මුවසිරස නැකත ලබයි. ඇසළ අව එකොළොස්වක තිථිය සවස 04.00න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. ධෘම යෝගය දහවල් 02.17න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. බවකරණය අලුයම 04.20න් ගෙවී බාලවකරණය ලබා එය සවස 04.00 න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නිරිත

යෝගිනී - ගිනිකොන

සුබ දිශාව - දකුණ

අගෝස්තු 01 බ්‍රහස්පතින්දා

කටක රවි 17 භාග ඇසළ අව දොළොස්වක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.29. මුවසිරස නැකත උදේ 10.27න් ගෙවී අද නැකත ලබයි. ඇසළ අව දොළොස්වක තිථිය සවස 03.34න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය දහවල් 12.53න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. කෞලවකරණය අලුයම 03.42න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 03.34න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - දකුණ යෝගිනී - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.