සුරගුරු අද වක්‍ර ‍වෙයි

ජූලි 29, 2022

ජනතාව මෙන්ම පාලක පක්ෂය දූරදර්ශීව කි‍්‍රයාකළයුතු කාලයක්

අද සිට දින 119ක් පුරා සුරගුරු වක්‍රවීම සිදුවෙයි

ජනජීවිතය අභියෝගාත්මකයි

දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි කටක රවි 12 භාග ඇසළපුර පසළොස්වක තිථිය ලත් ජුලි 28 වන දින රාත්‍රී දෙකයි නමයට එනම් අද දින අලුයම සුරගුරු හෙවත් බ්‍රහස්පති නොවැම්බර් 24 තෙක් පුරා දින 119 වක්‍ර වී යාම සිදු වන්නේය. එය විපරිත රාජ යෝග බලැතිව සිද්ධ වනනෙකි.

නැගෙනහිර ක්ෂිතිජයෙහි අඟහරු හිමි මේෂ රාශියෙහි යුරේනස් සමව රාහු සතුරුව කුජ ස්වක්ෂේත්‍රවද සිකුරු තුන්වැන්න වූ වික්‍රම ස්ථානගතව ද බුධ සතුරුව චන්ද්‍රයා ස්වකේෂ්ත්‍රව රවී මිත්‍රශීලීව 4 වැන්නේ ද හත්වැන්නෙහි කේතු සතුරුවද දහ වැන්න වූ කර්මස්ථාන ගතව සෙනසුරු ස්වක්ෂේත්‍ර ගතවද වක්‍ර ප්ලූටෝ සතුරුවද දොළොස් වැන්න වූ වැය ස්ථානගතව බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව වක්‍ර වීමෙන් ද වක්‍ර නැප්චුන් ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණවද යෙදී විශ්ව තාරකා මන්දාකිණිය රවි හිමි සිංහ රාශි ග්‍රහ සට⁣හනේද විපරීත රාජ යෝගයක් උදා කරවන්නේය.

නැප්චූන් රාහුගෙන් පාපකර්තරී වූ ගුරු වක්‍රය අඟහරු හිමි මේෂ රාශි උදාවෙහි දොළොස්වැන්නෙහි යෙදීම විශ්ව කේන්ද්‍ර ග්‍රහ සටහන අතිශය දුර්වල බවට පාත්‍ර වීමකි. රවි හිමි සිංහ රාශි ග්‍රහ සටන උදාවෙහි අටවැන්න වූ මෘත්‍යු ස්ථානගතව අට වැන්නෙහි නැප්චුන් සමඟ ගුරු වක්‍රය යෙදීම සතුරු රාහුගෙන් දොළොස් වැන්නේ ද රාහුගෙන් දෙවැන්නෙහි දහ වැන්න වූ කර්මස්ථානය මාන්දි ග්‍රහයාගෙන් දුර්වල වී යාම 2,6,10 අර්ථකෝණය එනම් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යම්දුරකට ආකූල ව්‍යාකූල බවට පාත්‍ර වී යන අයුරු පෙන්වයි.

නැප්චුන් ගුරුගෙන් චතුර්කෝණ දෘෂ්ටිය එකොළොස්වැන්නට ද එහි සතුරුව ද ග්‍රහණය වීම 1972 - 2022 අතර ජනරජ පාලන ව්‍යුහය එනම් අඩසියවසක කාල පරාසය මුළුල්ලේ ම රාජ මූල්‍යමය කළමනාකරණය ක්‍රමවත් සෝදාපාළුවට ලක්ව ඇති බව පෙනේ. එය ඛේදවාචකයෙකි. මෙම ග්‍රහ පිහිටීමට අනුව පොදු ජනතාවගේ ආර්ථිකය අභියෝගාත්මක වන බව පෙනේ. දරිද්‍රතාවය කෙරෙහි ජනතාව තල්ලුවී යාමකි. පොදු ජනයා හිංසනයට ලක්වීම ද දස දහස් ගුණයකින් වර්ධනය වන බව ප්‍රකට කෙරෙයි. කෘෂිකාර්මික,කාර්මික සංවර්ධනය නගා සිටුවීම කෙරෙහි කැපවිය යුතු වේ. දේශපාලනය යම් ආකාරයක විමතියට හා හාස්‍යයට ලක්වන බවක් පෙනේ. උදා වූ ග්‍රහ තත්ත්වයන්ට අනුව ගුරු වක්‍රවීම දැඩි ගැටීම්, අරගල, කැරලි කෝලහාල, කුමන්ත්‍රණ රැල්ලකින් සමාජය ආකූල ව්‍යාකූල වන බවක් පෙන්නුම් කරයි. පුරවැසි ජනතාව දැඩි අපහසුතාවයට පත්වන බව පෙන්නුම් කරයි. බ්‍රහස්පති වූ කලී විදෙස් රාජ්‍යයන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින් ආශ්‍රිත වූ පැතිකඩකි. ගුරු වක්‍ර වී යාම නිදහස් කුම්භ රාශියෙහි තුන්වැන්න වූ වික්‍රම ස්ථානය නියෝජනය වෙමින් වර්තමාන වක්‍ර වී යාමකි. ශ්‍රී ලංකා ජනතාව මෙන්ම පාලක පක්ෂය දූරදර්ශීව බුද්ධිමත්ව ක්‍රියාකාරීවීම ශුභවාදී පසුබිමකි. දෙස් විදෙස් කුමන්ත්‍රණ, කටකතා අසත්‍ය ප්‍රචාර කෙරෙහි විමසිලිමත් වීම වැදගත් වන්නකි.

 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.