වීර මද්දුම බණ්ඩාර කුමරුගේ ජන්ම කේන්ද්‍රය

මාර්තු 18, 2022

 

උපන්නේ ශකවර්ෂ 1727 ක් වූ මැදින් මස අව දියවක (දියවක) තිථියලත් ගුරු දින සූර්ය උදයාද 35 පැය විනාඩි 15 ට ක්‍රිස්තුවර්ෂ 1806 මාර්තු 06 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 07.45 ට (ඒකාලය අනුවයි) පියා ඇහැළේපොළ නිලමෙතුමාය. මව ඇහැළේපොල කුමාරිහාමි. ඇය ලස්සන රූ සපුවකින් යුත් ගුණ ගරුක කාන්තාවකි.

 

මද්දුම බණ්ඩාරගේ හඳහන උත්‍රපල් නැකතේ සිව්වෙනි පාදයෙන් රවි මහ දශාව වර්ෂ 0 මාස 11 දින 10 ක් උපන් ඉදිරියට විය. සිංහ ලග්න හිමියාට රවි කුජ ගුරු සුබ ග්‍රහයෝ වෙති. සාප බුධ සිකුරු ශනි මාරක කුජ බුධ සිකුරු බාධක ග්‍රහයා කුජ බාධක ස්ථානය නමවැන්න. එහෙත් කුජට කේන්ද්‍ර ස්ථානයක් වු සිව්වැන්නත් අධිපති වීමත් බලවත් ත්‍රිකෝණයක් වූ නමවැනි අධිපති වීමත් නිසා සුබපල ගෙන දෙන ග්‍රහයා විය.

කුජ සිකුරු යෝගය රාජ යෝගයක් වුවත් සිංහ ලග්න අයට එම යෝගය පල දෙන්නේ නැත. සිකුරු තුන්වැන්න හිමිවීම එයට හේතුව බව ඡ්‍යොතිෂයෙහි සඳහන් වේ. සිංහ ලග්න අයට සියලු සුබපල ගෙන එන ග්‍රහයා කුජය. සිංහය කුජ බාධක ග්‍රහයා ලෙස හැඳින්වූවත් උත්පත්ති හඳහනේ කුජ බලවත් නම් එසේ නොවේ. සඳු දෙවැන්නේ බැවින් පියකරු මුහුණකට හිමිකම් කියයි. සුන්දර සිනාව කාගේත් සිත්ගනී. රවුම් පිරිපුන් මුහුණකි. සඳු දෙවැන්න ගතවීම නිසාවෙනි. බුධ ග්‍රහයා හත්වැන්න ගතව ලග්නය දකී. කුජ ග්‍රහයා හත්වැන්න ගතව දෙවැන්න පූර්ණව දකී. එයද මෙම කුමරුවාට ළමා වියේදී මරණයට හේතුවිය.

කුජ ග්‍රහයා හත්වැන්න යෙදී ලග්නය දකී. නොසිතූ මොහොතක හදිසියේ හිස ගසා මරණයට පත්වීමට මෙයත් හේතුවිය. රාහු ග්‍රහයා අටවැන්න අධිපති ගුරු සමඟ යෙදීම මද්දුම බණ්ඩාර කුමරුට අකාලයෙහි හිස ගසා දැමීම උරුම කරවිය. හත්වැන්න ගත කුජ දෙවැන්නට පූර්ණ දෘෂ්ටි හෙළීය. මෙයත් මද්දුම බණ්ඩාරගේ හිස ගසා දැමීමට අත වැනීමක් වැන්න මෙම හඳහනේ තුන්වැන්න වන තුලා රාශි ගතවන සෙනසුරු යුරේනස් සමඟ යෙදීමද කුඩා කල හදිමාරක ගෙන දීමට ඉවහල් වී ඇත. සෙනසුරු තුලාවට උච්ච වුවත් යුරේනස් සමඟ නිසා කුමර හිස ගසා දැමීම සිදුවිය. යුරේනස් හදිසි මාරක ගෙන දීමට සමත් අවස්ථා මගේ පරීක්ෂණවලින් හෙළි විය.

ක්‍රි.ව.1814 මැයි මස 17 වෙනි කුජ දින අපරභාග 01 - 10 ට පමණ හිස ගසා මරණයට පත් කරන ලදී. මද්දුම බණ්ඩාර කුමරුගේ මරණය බෝගම්බර වධක පිටියේ දී සිදුවිය. මහනුවර රාජධානියේ දී මද්දුම බණ්ඩාර කුමරුගේ හිස කඳින් වෙන්වී අවසන් හුස්ම පොද වාතලයට එක්විය. මෙම දුක්බර පුවත අසා අදත් ලක්වාසීන් ශෝකයට පත්වෙති.

 

ඡ්‍යොතිෂවේදී

ජයසේන ජයසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.