වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
බාලගිරි දෝෂය අද නොවේ හෙට
ජූලි 12, 2019
නිවසක් ඉදිරිපිට ප්‍රධාන දොරට ඉහළින් බාලගිරි දෝෂය අද නොවේ. හෙට” යන්න ලියා තිබේ නම් ඇත්තටම එම නිවසේ අලුත උපන් බිළිදකු සිටිනබව එය දකින ඕනෑම කෙනකුට සිහිපත් වේ. යන්ත්‍ර මන්ත්‍ර කර්ම ගැන බැලීමේදී විශේෂයෙන්ම කරනු ලබන ශාන්තිකර්ම වලදී බාල උපදාකරණය හෙවත් දොළ චිකිත්සාවට හිමිවන්නේ ප්‍රධාන තැනකි.
බිළින්දකු උපන්දා සිට මෙලොවට බිහිවූදා සිට මාස දොළහ දක්වා මාස දොළහේ සිට අවුරුදු දොළහ දක්වාත් දරුවන්ට ඒ වෙනුවෙන් ශාන්ති කර්ම සිදුකරනු ලබයි. බිළිඳු වයසේ පසුවන දරුවාට අපල දෝෂ රෝගාබාධ ඇතිකරන යක්ෂ භූත පිසාචාදීන් නිසා මෙම දෝෂ ඇතිවේ. මේ නිසා දරුවාගේ සෞඛ්‍යයට මෙන්ම වැඩීමටද සිදුවන්නේ මහත් බාධාවකි.
යක්ෂ භූත පේ්රතාදී දෝෂාන්දකාරයන් හේතුවෙන් සිහිනෙන් බයවීම, කිරිනොබීම , කිරිවමනය කිරීම, නිතරම හැඬීම, නිතරම දැගලීම, උඩඅතට හැරී සිටීම, නින්දෙන් ගැස්සීම ආදී රෝග ලක්ෂණයන්ද මෙහිදී පෙන්නුම් කෙරේ. නිරෝගි දරුවකු මෙලොවට බිහිකර හදාවඩා ගැනීමට දහසක් බලාපොරොත්තු මධ්‍යයේ ජීවත්වන මවට දරුවා නිතර නිතර රෝගී වුවහොත් ඇතිවන දුක,කම්පනය කොතකුත්දැයි කිව නොහැකි තරම්ය. එදා අපේ දෙමාපියන් වැඩිහිටියන් දරුවකු බිහිකිරීමට සිටි මව ගැබිණි මව ආරක්ෂා කළේ පුදුම අයුරිනි. දරුවා බිහි කිරීමට ආසන්නය දක්වා ඇයට කෑමට දුන්නේ තැම්බුම් හොදි සමඟ බත්ය. නිවසේ කරවල , මස්, ,මාළු, තෙලෙන් බැද්දේ නැත. උදේ, සවස කොසඹකොළ වලට තෙල්දමා දුම් ඇල්ලුවේය. මුළුතැන්ගෙයි පිසූ බත් මවට දීමට රැගෙන ආවේ ඇණයක් හෝ යකඩ කෑල්ලක් තබා තනිනොවන ලෙසටය. ආහාර ටික පවා දුන්නේ කිසිවකුට නොපෙනෙන ලෙසටය. නිවසේ කිසිඳු පුළුටු ජාතියක් බැද්දේ නැත. ඒ සියල්ලක්ම සිදුකළේ මවගේ මෙන්ම දරුවාගේ ආරක්ෂාව සඳහාය.
අද සමාජය දෙස බලනවිට ගැබිණි මවුවරුන් පවා කඩල , මුරුක්කු වැනි දේ කමින් මාර්ගවල ගමන් කරන බව පෙනේ. මෙවැනි ක්‍රියාවන් නිසා නොයෙකුත් උපද්‍රවවලට ලක්වේ. දරුවකු බිහි කළ පසු දරුවා ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරෙන්නේ මවටයි. මව කෑමෙන් බීමෙන් පමණක් නොව ක්‍රියාකාරකම්වලින්ද ආරක්ෂා විය යුතුය. බාලගිරි දෝෂය සඳහා සිදුකරනු ලබන බාල ග්‍රහ ශාන්තිය ගැන නොයෙකුත් ගුරුකුලවල ඇති යන්ත්‍ර මන්ත්‍ර දොළ පිදේනි ගැන සඳහන්ව ඇත. උපන් දවසේ සිට දසසත් අවුරුද්ද දක්වා හටගන්නා වූ රෝග ලක්ෂණ ඒ පිළිබඳ, අදාළ යක්ෂ යක්ෂණීන් ගැන ඉපැරණි පුස්කොළ පොත්වල මෙන්ම පැරණි පොත්වල සඳහන් කොට ඇත. ගිරිනම් යක්ෂණියන් දොළොස් දෙනෙකු විසින් ළදරු කාලයේ සිට දොළොස් අවුරුද්ද තෙක් කරන ලෙඩ හා කළ යුතු ප්‍රතිකර්මද එම පොත්වලින් පෙන්වාදී තිබේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ ඡ්යොතිෂ්වේදී මොරටුවේ
තිස්ස මහානාම
සිද්ධාන්ත ඡ්‍යොතිෂ කාර්යාලය
සටහන
බී.ඇල්.පේ‍්‍රමරත්න
෴ සබැඳි ලිපි ෴
ලග්නාධි යෝගය, චන්ද්‍රාධියෝගය ලෙස කේන්දරවල අධියෝගය යෙදේ. ලග්නයෙන් 6, 7, 8 යන ස්ථානවල සුබ ග්‍රහයෝම පමණක් යෙදී ඇත්නම් එය ලග්නාධි යෝගය වශයෙන් සැලැකෙයි....
2024-12-12 18:30:00
ශක වර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 28 භාග උඳුවප් පුර තෙළෙස්වක තිථිය ලත් කිවිදින සිට ධනු රවි 04 භාග උඳුවප් අව ජලවක තිථියලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ...
2024-12-12 18:30:00
2024 දෙසැම්බර් මස 13 උදේ 11.20 ට යුරේනස් ග්‍රහයා කුජ හිමි මේෂ රාශියට පැමිණෙන්නේ, කුම්භ ලග්න තත්කාලයක් උදාව ඇති මොහොතක සඳු ග්‍රහයාද කුම්භ රාශියේ ගෝචර...
2024-12-12 18:30:00
ශකවර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 21 භාග උඳුවප් පුර විසේනිය ලත් කිවි දින සිට එම රවි 27 භාග උඳුවප් පුර දොළොස්වක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-12-05 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා අර්ඛඞ නැත්නම් රවි ග්‍රහයා සම්බන්ධ යන්ත්‍රය තමයි සූර්ය මණ්ඩලය. ඒක ගැන විස්තර කරන්නට බලාපොරොත්තු වුවත් ලැබුණු දුරකතන...
2024-12-05 18:30:00
සුහුණන් ඇඟට වැටීම පිළිබඳ අප සමාජයේ ඇත්තේ විශේෂ පිළිගැනීම් රටාවකි. ශරීරයේ ඒ ඒ ස්ථාන අනුව සුහුනකු වැටුණ විට ගෙන දෙන සුබාසුබ පල පිළිබඳ පසුගිය...
2024-12-05 18:30:00
ජන්ම අංක අටෙන් උපදින අය සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. සෙනසුරු ඉතා සෙමින් ගමන් කරන ග්‍රහයෙකි. එක රාශියක් තුළ වසර දෙකහමාරක පමණ...
2024-12-05 18:30:00
දෙසැම්බර් 07 ශනි දින පාන්දර 05.04 ට කටක රාශියේ පුෂ නැකැතේ වක්‍ර වන කුජ ග්‍රහයා 2025 වසරේ පෙබරවාරි 24 දක්වා දින 79 ක් වක්‍ර ගමනේ යෙදෙයි.කටකයේ වක්‍ර වූ...
2024-12-05 18:30:00
ඡ්‍යොතිෂයෙහි පරාශර මහා ඍෂිවරයා මෙන්ම ඉන්පසුව බිහි වූ මහා පඬිවරු අවධාරණය කොට දක්වා ඇති විශේෂ යෝගාවලියක් මෙහිදී මාතෘකාව කර ගනිමු.සාමාන්‍ය ඡ්‍යොතිෂ...
2024-11-28 18:30:00
පිල්ලි යැවීම පිළිබඳව අප විසින් ලියන ලද පළමු ලිපිය කියැවූ, අප හිතවත් ගුප්ත විද්‍යා ගවේශකයකු වූ විශ්ව ශක්ති පර්යේෂක මෙරිසන් අතුකෝරළ මහතා පැවසුවේ,...
2024-11-28 18:30:00
යන්ත්‍ර විද්‍යාවේ යන්ත්‍ර ගැන විස්තර කරන මේ වකවානුවේ මීළඟට ලියන්න හිතාගෙන හිටියේ පසුගිය දිනෙක පොරොන්දු වූ පරිදි රවි ග්‍රහයාගේ අපලවලට නියමිත සූර්ය...
2024-11-28 18:30:00
ශකවර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 14 භාග ඉල් අව තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 20 භාග උඳුවප් පුර ජලවක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ සහ...
2024-11-28 18:30:00
මේෂ ලග්නයසුවිශේෂී මාසයකි. මනසට ප්‍රීතිය ගෙන දේ.ව්‍යාපාරික අරමුණු සාර්ථක වේ.සුබවාදී කාලයකි. සංචාර ව්‍යාපාර සිහින සැබෑවේ. ආදර බැඳීම්වලට සුබයි....
2024-11-28 18:30:00
විවිධ ජන සමාජයන්හි විවිධ විශ්වාස වන්නේය. ඇතැම්හු දීර්ඝ කාලයක් තිස්සේ ලද අත්දැකීම් ඔස්සේ ඒවා සිය ජීවිතය හා සම්බන්ධ කර ගනිමින් ඒවායේ සත්‍යතාවය ප්‍රත්...
2024-11-28 18:30:00
පාරම්පරික වෛද්‍ය, ඡ්‍යොතිෂ වාස්තු හාගුප්තවිද්යා උපදේශකරවිශංඛ සේනානායකඑළැඹෙන දෙසැම්බර් මස 02 වැනිදා උදේ 11.58 සිකුරු ග්‍රහයා මකර රාශි ගත වන අතර...
2024-11-28 18:30:00
දෙසැම්බර් මස 28 වැනි දින රාත්‍රී 11.40ට සිකුරු කුම්භ රාශිගතවීමත් සමඟ සිකුරු හා බුධ යන ග්‍රහයන්ගේ කේන්ද්‍රගත දෘෂ්ටියට ග්‍රහ ලොව දැවැන්තයා වන ගුරු...
2024-11-28 18:30:00