වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
උතුම් කලානිධි යෝගය උදාවෙයි
දෙසැම්බර් මස 28 වැනි දින රාත්‍රී 11.40ට සිකුරු කුම්භ රාශිගතවීමත් සමඟ සිකුරු හා බුධ යන ග්‍රහයන්ගේ කේන්ද්‍රගත දෘෂ්ටියට ග්‍රහ ලොව දැවැන්තයා වන ගුරු ලක්වීමෙන් කලානිධි යෝගය උදා වේ.
ගුරු ග්‍රහයා, බුධ, සිකුරු සමඟ සංයෝගවීමෙන් හෝ බුධ හා සිකුරුගේ දෘෂ්ටියට ලක්වීමෙන් කලානිධි යෝගය උදා වන බව ඡ්‍යොතිෂ ශාස්ත්‍ර නියමයයි.
මේ අනුව වෘෂභයේ ගෝචරව ඇති ගුරු හා වෘශ්චිකයේ ගෝචරව ඇති බුධ සප්තම දෘෂ්ටියෙන් යුතු වූ අතර සිකුරු ග්‍රහයා කුම්භ රාශියට පැමිණීමෙන් මේ දෙදෙනා අතරට විය. මේ ග්‍රහ පිහිටීම 2025 ජනවාරි මස 04 වැනි දින දහවල් 12.05 ට බුධ ධනු රාශි ගතවන තුරු පවතින අතර දෙසැම්බර් 28 වැනි දින සිට ජනවාරි 04 වැනි දින දක්වා මේ කලානිධි යෝගය උදාව පවතිනු ඇත.
මේ යෝගය පවතින කාලය තුළ ජන්ම ලාභය ලබන සෑම දරුවකුටම එහි බලය හිමිවන අතර මොවුන් සමාජයේ පිළිගත් කලා කටයුතුවලට දක්ෂ, නැටුම්, ගැයුම්, වැයුම්වල කුසලතා ඇති සමාජ සැලකිලි ලබන අය බවට පත්වේ. මොවුන් උපන් ලග්නය, සහ යෝගය පිහිටි ස්ථානය අනුව හැකියාවන් වැඩිදියුණු කර ගනු ඇත.